අප රටේ පවතින දැවැන්ත ආර්ථික අවදානමට තවත් බරපතල තත්ත්වයක් එකතු වන බවත් මේ වන විට ප්‍රවෘත්තිවල ජනාධිපතිවරයා, ඇමතිවරු ආදී සෑම දෙනාම මේ එල්නීනෝ තත්ත්වය ගැන කතා කළත් තම සහ මහාචාර්ය අබේවික්‍රම මහතා සම සභාපතීත්වය දරණ වැඩිපුර මන්ත්‍රීවරු එක් නොවන දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය තුළ එල්නීනෝ සහ ලානීනෝ තත්ත්වය ගැන පූර්ණ විග්‍රහයක් ඉදිරිපත් කළත් එල්නීනෝ බරපතල තත්ත්වයක් නිර්මාණය වී වේගයෙන් වෙනස් වී පැසිෆික් සාගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2.3කින් ඉහළ යන බවත් 1997-1998, 2015 සහ 2016 පැවැති විනාශකාරී තත්ත්වයන්ට සමාන සුපිරි එල්නීනෝ එකක් අප රටට බලපාන බවට 63% සම්භාවිතාවක් පවතින බවට ජාත්‍යන්තර ආයතන පවා දත්ත ඉදිරිපත් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
මෝසම් වැසි අඩුවීම, කෘෂිකර්මාන්තයට හානි වීම, තාප පීඩනයක් ඇති වීම, දාරානිපාත වර්ෂා ඇතිවීම ඇතුළු බරපතළ ගැටලු රැසකට රට මුහුණ දෙන්න සිදුවන බවත් මෙය අදියර 2කින් ක්‍රියාත්මක වන බවත් ජූලි සහ අගෝස්තු සහ මේ වසරේ අග භාගයේ දැඩි නියග තත්ත්වයක් නිර්මාණය වී අකල් ගංවතුර හා නායයැම් තත්ත්වයන්ට පවා මුහුණ දෙන්න සිදුවන නිසා මේ සම්බන්ධයෙන් යම් පියවරක් ගත යුතු බවත් සිදුවීම සිදුවූ පසු සහන දෙනවා වෙනුවට පූර්වයෙන් සූදානම් වීම වැදගත් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුව අමතමිනි.
මේ නිසා ජීවනෝපායට බරපතල බලපෑම් සිදුවීම, බලශක්ති බිද වැටීම, වගා හානි, ආහාර අනාරක්ෂිතභාවය, ජල විදුලි උත්පාදනය ආදියට ගැටලු ඇතිවන බවත් පුනර්ජනනීය බලශක්තියට මේ රජය විපක්ෂයේ සිටින විට ප්‍රමුඛතාව දෙනවා කිව්වත් දැන් බිල් ගෙවන්න මැලිවන බවත් රජය තාප බලාගාරවලට නම් කඩිනමින් බිල් ගෙවන බවත් මේ නිසා නාගරික වැසියන් තාප පීඩනයට ලක්වීම, ආහාර මිල වැඩි වීම සේම ග්‍රාමීය ප්‍රජාවගේ ආහාර මිල ගණන් වැඩි වීම ජල සම්පත් හිගවීම ආදිය සිදුවන බවත් උශ්නත්වය ඉහළයාම නිසා කොරල්පර විනාශ වීම, සාගර අභයභූමි විනාශ වීම සිදුවන බවත් මේ නිසා වෙරළබඩ ධීවර කර්මාන්තයට බලපෑම් සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේවා ගැන කියද්දි රජය දන්නේ මඩ ගහන්න විතරයි
අලි මිනිස් ගැටුම වැඩි වීම, ආදායම් මාර්ග අහිමි වීම තුළ ජල මූලාශ්‍ර කේන්ද්‍රීයව වන ජිවී ඝාතන ආදිය සිදුවන බවත් දිවියන් 60-70%කට මෙය බලපාන බවත් මේ එල්නීනෝ ලානීනා තත්ත්වය ගැන ජනාධිපති කාර්ය සාධන බලකායක් ඇති කර මේවා අධ්‍යයනය කර මේ ගැටලුව ගැන දැඩි අවදානය යොමු කළ යුතු බවත් මේ ගැන කියද්දි රජයේ මඩ බලකා විසින් අපහාස උපහාස කළ හැකි බවත් විපක්ෂය සාධනීය පිළිතුරු විසදුම් යෝජනා කරන විට උපහාසය අපහාසය කළ අය ඔ්නෑ තරම් සිටි බවත් දැන් වුවත් අපහාස කරන අය සිටියත් මේ පීඩනයෙන් විපතට පත් වන්නේ රටේ ජනතාව බවත් රජයේ මන්ත්‍රීවරුන් මේ ගැන දැනුවත් නොවන නිසා විවිධ උසුලු විසුලු කළත් දැන්වත් මේවා ගැන දැනුවත් වන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
IMF ගිවිසුම අවසන් වුණාම තවත් බරපතල ගැටලු රැසකට මුහුණ දෙන්න සිදු වෙනවා
සාර්ව සහ ක්ෂුද්‍ර ආර්ථිකයේ සියලුම දත්ත දෙස බලන විට විනිමය අනුපාතය, ආර්ථික වර්ධන වේගය, විරැකියා ප්‍රතිශතය, විදේශ සංචිතවල ප්‍රමාණය, 2027 මාර්තු මාසයේ IMF ගිවිසුම අවසන් වීමත් සමග 2028 වැඩිපුර ඩොලර් ප්‍රමාණයක් ණය ගෙවීම යන කරුණු ගැන අධ්‍යයනය කරන විට බරපතල අවිනිශ්චිතතාවක් නිර්මාණය වී ඇති බවත් මහබැංකු අධිපතිවරයා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් දැනුවත් කරද්දි දත්ත කේන්ද්‍රීයව මේ අවදානම ගැන ප්‍රශ්න කරන විට තවත් ලිහිල් වූ ජනතාවට බර පටවන් නැති නව IMF ගිවිසුමකට යා යුතුය යන්න සම්බන්ධයෙන් ප්‍රශ්න කරන විට මහබැංකු අධිපතිවරයා පවා අවිනිශ්චිත පිළිතුරක් ලබා දුන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අවදානමට ලක් වූ ජනතාවගේ අයිතිය මූලික හා මානව අයිතියක් බවට පරිවර්තනය විය යුතුයි
අද ළමා ශ්‍රමයට එරෙහි ලෝක දිනය බවත් වාර්ෂිකව දරුවන් 20000ක් පාසල් අතහැර යන බවත් 2018-2024 දක්වා පාසල් හැරගිය සංඛ්‍යාව 260000ක් බවත් දරුවන්ගේ අධ්‍යාපනය, ජිවත් වීමේ හා සමාජීය අයිතිය ආරක්ෂා කළ යුතු බවත් දැන් මාතෘ හා ළමා මන්දපෝෂණය නිර්මාණය වන බවත් දැන්වත් ළමා හා ළදරු පරපුර වෙනුවෙන් විශේෂිත ප්‍රඥප්තියකට යොමු වී ජන සමාජයේ අවදානමට ලක් වූ ජනතාවගේ අයිතිය මූලික හා මානව අයිතියක් බවට පරිවර්තනය විය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.











