ආණ්ඩුව උත්සාහ දරන්නේ Shut Up & Sit Down න්‍යායෙන් රටේ ජනතාවගේ කට වසා රට පාලනය කිරීමට බව නීතීඥ සාමූහිකය නියෝජනය කරමින් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පෙන්වා දුන්නේය.Sri Lanka Latest News
නීතීඥ සාමූහිකය විසින් සංවිධාන කළ උත්සවයක් අමතමින් ඒ මහතා කියා සිටියේ මේ වනවිට ජනතාවට පෙළපාලියක් යාමට නොහැකි බවත්, වෘත්තීය සමිති නිශ්ශබ්ද කොට ඇති බවත්, මාධ්‍යවේදීන්ගේ අයිතීන්ට බලපෑම් කොට ඇති බවත්, අධිකරණයට පවා බලපෑම් එල්ල කොට ඇති බවත්ය.
ආණ්ඩුව ඔන්ලයින් පනත් කෙටුම්පත සහ ත්‍රස්ත විරෝධී පනත හරහා තවදුරටත් ජනතා අයිතිවාසිකම් මර්දනය කිරීමට උත්සාහ දරමින් සිටින බව කී සාලිය පීරිස් මහතා මෙම පනත්වලට අත් උස්සන මන්ත්‍රීීවරුන් කෙදිනක හෝ විපක්ෂයට ගිය දිනෙක තමන්ටද ඉන් බලපෑම් එල්ල විය හැකි බව දැන සිටිය යුතු බවද කියා සිටියේය.










