අම්පාර, බණ්ඩාරදූව පොලිස් වසමේ මායාදුන්න ප්රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබේ. Sri Lanka Latest News
මේ සම්බන්ධයෙන් පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කළ බව පොලීසිය පවසයි.
ඊයේ (06) රාත්රියේ එම වෙඩිතැබීම සිදුකළ ඇති අතර, එහිදී 42 හැවිරිදි මායාදුන්න, වැරන්කැටගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
මියගිය පුද්ගලයා නිවස පිටුපස දියනාමින් සිටිය දී පුද්ගලයෙකු විසින් ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර පළා ගොස් තිබේ.
කුඹුරු ඉඩමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත වෙඩිතැබීම සිදුකර ඇතැයි අනාවරණය වී ඇත.
මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ සිද්ධිය වූ ස්ථානයේ තබා ඇති අතර, මහෙස්ත්රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.
වෙඩිතැබීම සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා බණ්ඩාරදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.










