කොළඹ වරාය වෙත ඩීසල් මෙට්‍රික් ටොන් හතළිස්දහසක් රැගෙන ආ Fos Power නමැති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඉන්ධන සාම්පල පරීක්ෂාවේදී නියමිත තත්ත්වයේ නොමැති බව රසායනාගාර පරීක්ෂණ වාර්තා දෙකකින් තහවුරු වී තිබියදී එම ඩීසල් කොළොන්නාවේ සිට පරිභෝජනය සඳහා බෙදා හැරීමට සූදානම් කර ඇතැයි අරුණට අනාවරණ විය. Sri Lanka Latest News
මෙම පරීක්ෂණ වාර්තාව ලංකා ඉන්දියානු තෙල් සමාගමේ ඉල්ලීම පරිදි පරීක්ෂා කර ලබා දී ඇත. LIOC/2023/07 දරන පරීක්ෂණ වාර්තාව මුලින්ම ගෙන ඇත්තේ පෙරේදා (05)ය.
ඉන්පසුව ඊයේ (06) ගත් පරීක්ෂනාගාර වාර්තාවත්, තත්ත්වයෙන් බාල බවට ලැබී ඇතත් එම තෙල් බෙදාහැරීමට තීරණය කර ඇතැයි ඛනිජ තෙල් සංස්ථා ජ්‍යෙෂ්ඨ නිලධාරියකුට අරුණට පැවසීය.
” Fos Power” නෞකාවේ 1p, 1S, 3P, 3S, 5P, 5S ටැංකිවලින් ගොඩබා ඇති ඩීසල්වල සාම්පල පරීක්ෂාවේදී මේ බව හෙළි වූ බව හෙතෙම කීය. ටොන් හතළිස් දහසක් රැගත් මෙම නෞකාව සිංගප්පූරුවේ සිට ඔක්තෝබර් 30 පිටත් වී ඇති අතර කොළඹ වරාය වෙත සේන්දු වී ඇත්තේ නොවැම්බර් 05 දාය.
අරුණ










