• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෑම උයන හැටි බලන්න ජනපති BMICH එකට ගිහින්! I Sri Lanka Latest News

June 10, 2023
in Exclusive
Reading Time: 9 mins read
A A
කෑම උයන හැටි බලන්න ජනපති BMICH එකට ගිහින්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට සංවර්ධන අරමුණු ළඟා කර ගැනීම සඳහා සංචාරක ව්‍යාපාරයේ දායකත්වය උපරිමයෙන් ලබා ගැනීම රජයේ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවටම ආවේණික ඉවුම් පිහුම් කලාව ලොව පුරා සංචාරකයන්ගේ ආකර්ශණයට ලක්ව ඇති බවත් එහි ප්‍රවර්ධනයට උපරිම රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ඊයේ (09) ආරම්භ කෙරුණු “2023 සුප ශාස්ත්‍ර හා ආහාර ප්‍රදර්ශනයේ” (Culinary Art Food Expo 2023) සමාරම්භක උත්සවය අමතමිනි.

ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සූපශාස්ත්‍ර ශිල්පීන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කෙරෙන සුප ශාස්ත්‍ර හා ආහාර ප්‍රදර්ශනය ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංසදය වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.

නිෂ්පාදන සහ සේවා ප්‍රදර්ශන කුටි 88කින් මෙවර ප්‍රදර්ශනය සමන්විත වන අතර එම ප්‍රදර්ශන කුටි නිරීක්ෂණය කිරීමට ද ජනාධිපතිවරයා එක්විය. ප්‍රදර්ශනයට එක්ව සිටි සූපවේදින් සමඟ සුහද කතාබහක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ද විමසා බැලීය.

සුපශාස්ත්‍ර පිළිබඳ පාසලක් ඇති කිරීම, සූපවේදීන් ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීම ඇතුළු ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් නව වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.
2023 සූපශාස්ත්‍ර ප්‍රදර්ශනයට මට ආරාධනා කිරීම පිළිබඳව පළමුව මම ඔබ සියලුදෙනාට ස්තූතිවන්ත වෙනවා. අපි මෙරට සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. අපේ වැඩපිළිවෙල වන්නේ පළමු අදියර තුළ මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය දෙගුණයක් කර ගැනීම තුළින් ලැබෙන ආදායම ඉහළ නංවා ගැනීමයි. ඒ අනුව අප දැන් ඉහළ ආදායමක් ලබන සංචාරක ව්‍යාපාරයක් රට තුළ පවත්වාගෙන යාම පිළිබඳව අවධානය යොමු කළයුතුයි.
සංචාරක ක්ෂේත්‍රයේ ගාස්තු වැඩි කිරීමට නම් අප හොඳ සේවාවක් ඔවුන්ට ලබා දිය යුතුයි. ඒ සඳහා බොහෝ අංශ තිබුණ ද වඩාත් ආකර්ශනීය වී ඇත්තේ ශ්‍රී ලංකාව සතු ආගන්තුක සත්කාර සහ අපටම ආවේණික ඉවුම් පිහුම් කලාවයි. එබැවින් සංචාරක කර්මාන්තය පුළුල් වන විට රටේ ප්‍රමාණවත් සූපවේදීන් පිරිසක් ද සිටිය යුතුයි.

අද රටේ මානව සම්පත විශාල ලෙස රට හැර යාම දක්නට ලැබෙනවා. මේ මොහොතේ ප්‍රමාණවත් පරිදි සූපවේදීන් සංඛ්‍යාවක් අපේ රටේ නැහැ. ඒ නිසා ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමේ හැකියාව නොමැති වී තිබෙනවා. එබැවින් මෙරට හෝටල් ක්ෂේත්‍රය තුළ සූපවේදීන්ගේ සංඛ්‍යාව ඉහළ නංවා ගැනීමට රජයේ සහාය ලබාදීමට අපි අපේක්ෂා කරනවා.

නමුත් රජයට තනිවම එම වෙළෙඳපොළ අවශ්‍යතාව සපුරාගත නොහැකියි. එබැවින් ඒ සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය අත්‍යාවශ්‍යයි. එහිදී ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදීමට රජය සූදානමින් සිටිනවා.

ඉවුම් පිහුම් කලාව සහ සූපශාස්ත්‍ර කටයුතු සඳහා වෙනම පාසලක් ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු ‍වෙනවා. ඒ සඳහා ද පෞද්ගලික අංශයේ දායකත්වය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා. ඉවුම් පිහුම් කලාව සහ සූපශාස්ත්‍ර කටයුතු පිළිබඳ පාසලක් සඳහා දකුණු පළාත තුළ ඉල්ලුමක් තිබෙනවා. නුවරඑළිය, බණ්ඩාරවෙල, ඇල්ල, දඹුල්ල යන නගරවලත් එවැනි පාසල් ආරම්භ කළ හැකි බව මම විශ්වාස කරනවා. තරුණ සූපවේදීන්ට අවශ්‍ය දැනුම ලබාදීමටත්, ප්‍රවීන විදේශීය සූපවේදීන්ගේ අත්දැකීම් හුවමාරු කර ගැනීමටත් එය වැදගත් අවස්ථාවක් වනු ඇතැයි මම සිතනවා.

ඒ වගේම මෙරට සූපවේදීන් ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදයක් ඇති කිරීම කාලෝචිත බව මගේ විශ්වාසයයි. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් “තරු” සංකේත ඔවුන්ට ලබාදීමට පියවර ගත යුතුයි. නව සංචාරක ප්‍රතිපත්තිය සකස් කිරීමේ දී මේ පිළිබඳව සංචාරක අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ සඳහා පෞද්ගලික ව්‍යවසායකයින්ගේ ද සහාය ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා. ක්ෂේත්‍රයට අවශ්‍ය මානව සම්පත දියුණු නොකර සංචාරක කර්මාන්තය දියුණු කළ නොහැකි බව මගේ විශ්වාසයයි.

අපේ තරුණ තරුණියන් තුළ විවිධ කුසලතා තිබෙනවා. එම කුසලතා සංවර්ධනය කිරීම තුළින් ඔවුන්ට වඩා හොඳ අනාගතයක් නිර්මාණය කර දිය හැකියි. අද මෙහි සිටින ඔබ සියලුදෙනා අනාගතයේ දක්ෂ සූපවේදීන් බවට පත්වී රටට සේවය කරනු ඇතැයි මම විශ්වාස කරනවා.

ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසාදෙමින් ඔවුන්ට රට තුළ රැඳී සිටීමට සුදුසු පසුබිම සකස් කරදීමට රජයක් ලෙස අප කැපවී සිටිනවා.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංගමයේ සභාපති
ප්‍රවීන සූපවේදී ජෙරාඩ් මෙන්ඩිස් මහතා

අභියෝග රැසක් ජයගනිමින් පවත්වන Café 2023 ප්‍රදර්ශනය සඳහා සහභාගී වන ඔබ සියලුදෙනා මම සාදරයෙන් පිළිගන්නවා. 2019 වසරෙන් පසුව කොවිඩ් ව්‍යාප්තිය ඇතුළු ගැටලු හේතුවෙන් අපට මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට හැකියාවක් ලැබුණේ නැහැ.
කෙසේ වුවත් මෙම වසරේ ප්‍රදර්ශනය පැවැත්වීමට අප තීරණය කළ අතර ඒ සඳහා ඉහළ ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා. කොවිඩ් ඇතුළු අර්බුදවලින් සංචාරක ව්‍යාපාරයට දැඩි බලපෑමක් එල්ල වුණා. මෙම තත්ත්වයෙන් ගොඩඒමට අපේ රටට හැකිවෙයි ද කියලා බොහො අයට සැකයක් තිබුණා. නමුත් කිසිවෙකු නොසිතු ලෙස ඉතා වේගයෙන් අද රට යථා තත්ත්වයට පැමිණ තිබෙනවා.

ඒ පිළිබඳ ජනාධිපතිතුමාටත්, රජයටත් අපි ස්තූතිවන්ත විය යුතුයි. පසුගිය සමයේ බොහෝ ව්‍යාපාර වසා දැමීමට සිදු වූණා. එම වසා දැමූ ව්‍යාපාරවලින් බොහෝ ප්‍රමාණයක් නැවත විවෘත වන අයුරු දක්නට ලැබෙනවා. අපගේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය නැවත ලෝකය පුරා ප්‍රචලිත කරමින් රටේ සංවර්ධනයට දායක වීමයි.

CWC MACKIE PLC සමාගමේ සාමාන්‍යාධිකාරි දුමින්ද කොතලාවල, අප්ෆීල්ඩ් ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ මෙරට ප්‍රධානී අනුරුද්ධ අලුවිහාරේ, S4IG කලාපීය ප්‍රධානී ඩේවිඩ් ඇබ්ලට්, පැල්වත්ත කිරි සමාගමේ අධ්‍යක්ෂ අක්මාල් වික්‍රමරත්න, Asriel Marketing පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ශිරාන් පීරිස්, ලෝක සූපවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රවීන සූපවේදී තෝමස් ගුග්ලර් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-06-10

ranil wickramasingha

SendShareShare
Previous Post

සයිප්‍රස් ලාංකිකයන්ට සජිත්ගෙන් ‘සප්‍රයිස්’ එකක්! මාස ගණනාවක් ඇදි ඇදී ගිය ප්‍රශ්නයක් ලංකාවේ සිට පැය කීපයෙන් විසඳා දෙයි! සයිප්‍රස් ලාංකිකයන්ගෙන් සජිත්ට විශේෂ ස්තූතියක්! I Sri Lanka Latest News

Next Post

දෙවියන්ගෙ කරේ තිබුණු මාලෙත් හොරු අරන්! Sri Lanka Latest News

MORE NEWS

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News
Exclusive

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News
Exclusive

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

Load More
අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

ගැසුවා කී බෙරයෙ බල මැන පළුත් නැත! මල් පැළ වෙලා වල් පැළ මහ ගෙදර අදවල් පැළ එදා මල් පැළ ලෙස...

Read more
‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.