• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇලෝෂියස්ගේ ‘මෙන්ඩිස්’ බලපත්‍රය අහෝසි කිරීමට ජනාධිපති තීන්දු කරයි!

July 5, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
ඇලෝෂියස්ගේ ‘මෙන්ඩිස්’ බලපත්‍රය අහෝසි කිරීමට ජනාධිපති තීන්දු කරයි!
Share on WhatsAppShare on Facebook

රුපියල් බිලියන 17කට අධික ණය සහ රාජ්‍ය බදු මුදල් ගෙවීම පැහැර හැර සිටි බැදුම්කර වංචාවට චෝදනා ලබා සිටින අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් ඩබ්. එම්. මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන කටයුතු නැවතත් ආරම්භ කිරීමට ලබාදී තිබූ බලපත්‍රය අහෝසි කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීන්දුව රැගෙන තිබේ.‍

රුපියල් බිලියන 17ක පමණ මුදලක් බදු සහ ණය මුදල් වශයෙන් ගෙවිය යුතුව තිබියදීත් ඇලෝෂියස් මහතාට මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදනය කිරීමට යළි අවසර දීම සම්බන්ධයෙන් පසුගිය සතියේ දේශපාලන ක්ෂේත්‍රයේ මහතා ආන්දෝලනයක් මතුව තිබිණ.

මේ සම්බන්ධයෙන් කිසිදු සිංහල මාධ්‍යයක් තොරතුරු වාර්තා නොකොට නිහඩව සිටියදී මව්රට පුවත්පත සිය සතිඅන්ත පුවත්පතේ මුල් පුවතින් මේ පිළිබද තොරතුරු පළමු වරට රටට අනාවරණය කර සිටීමට පියවර ගත්තේය.

ඉකුත් ආණ්ඩුව සමයේදී බැදුම්කර වංචාව පිළිබදව දිනපතාම පොල්ගෙඩි අකුරින් සිරස්තල පළ කළ මාධ්‍ය මෙදා ඒ පිළිබද වචනයකුදු හෝ සදහන් නොකිරීම විශේෂ සිදුවීමත් විය.

කෙසේවෙතත් මව්රට පුවත්පත පසුගිය සතියේ මෙම පුවත පළකිරීමත් සමග ඒ පිළිබද සමාජයේ පමණක් නොව දේශපාලන ක්ෂේත්‍රයේ්ද ඒ පිළිබදව දැඩි කතාබහක් නිර්මාණය විය.

විශේෂයෙන්ම බදු නොගෙවා පැහැර හැර තිබියදී සහ ‌බරපතළ මූල්‍ය වංචා චෝදනාවන්ට ලක්වූ අයකුට වත්මන් ආණ්ඩුව යටතේ සහන ලබා දීම සම්බන්ධයෙන් ආණ්ඩුවට බරපතළ විවේචන එල්ල වන ආකාරයක්ද දැකගත හැකි විය.

ඒ අනුව අද පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මත්පැන් බලපත්‍රය ලබා නොදීමට ජනාධිපතිවරයා තීරණය කොට ඇති බව දැනගන්නට ඇත.

පසුගිය සති අන්ත මව්රට පුවත්පකේ මෙම පුවත පළ කොට තිබුණේ මෙසේය.

කෝටි ගණන් ණය ගෙවලා නෑ! අරක්කු කොම්පැනිය යළි පටන් ගන්න ඇලෝෂියස්ට අවසර දුන් බලවතා කව්ද?

රුපියල් බිලියන ගණනක බදු නොගෙවීම හේතුවෙන් මීට වසරකට පමණ ඉහතදී බලපත්‍ර අත්හිටුවනු ලැබූ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති අර්ජුන් ඇලෝෂියස් මහතාට අයත් W M මෙන්ඩිස් සමාගමට යළි බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් මේ වන විට බරපතළ ආන්දෝලනයක් රට ඇතුළේ මතුව තිබේ.

විශේෂයෙන්ම ඇලෝෂියස් මහතාට අයත් මෙම සමාගමෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට අයවිය යුතුව තිබූ රුපියල් බිලියන 1.5ක (කෝටි 150ක) මුදලක් ගෙවීම පැහැරහැර තිබීම හේතුවෙන් මුදල් අමාත්‍යාංශය විසින් අදාළ බලපත්‍රය අත්හිටුවීමට පියවර ගෙන තිබිණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ‘වැඩකරන ජනබලය’ ව්‍යාපාරයේ සාමාජික රවී කුමුදේශ් මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කර සිටියේ මෙම බදු මුදල ලබා නොගෙනම එම සමාගම නැවත ආරම්භ කිරීමට අවසර ලබාදී ඇති බවයි.

මීට අමතරව මෙම සමාගම ලංකා බැංකුවෙන් රුපියල් බිලියන 03ක් (කෝටි 300), මහජන බැංකුවෙන් රුපියල් බිලියන 05ක් (කෝටි 500), පීපල්ස් ලීසිං සමාගමෙන් රුපියල් මිලියන 800ක්, ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවෙන් රුපියල් බිලියන 2.6ක් (කෝටි 260) වශයෙන් විශාල ණය කන්දරාවක් ලබාගෙන ඇති බවද රවී කුමුදේශ් මහතා අවධාරණය කර සිටියේය.

ඒ අනුව අදාළ සමාගම මෙම ණය කන්දරාව පියවා නොමැති බවත්, ඊට අමතරව සුරාබදු වශයෙන් රුපියල් බිලියන 1.5ක මුදල ගෙවා නොමැති බවත් පෙන්වා දුන් ඒ මහතා එවැනි පසුබිමක් යටතේ නැවත වතාවක් අර්ජුන් ඇලෝෂියස් මහතාට සිය මත්පැන් සමාගම ආරම්භ කිරීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් මතුව ඇති බවද පෙන්වා දුන්නේය.

ඒ අනුව බැඳුම්කර චෝදනාවට ලක්වූ පුද්ගලයන් වත්මන් ආණ්ඩුව සමගද ගනුදෙනු කරමින් සිටින බව මේ සිදුවීම හරහා පැහැදිලිවම දැකගන්නට ඇති බවද කුමුදේශ් මහතා අවධාරණය කර සිටියේය.

කෙසේ වෙතත් ඉකුත් යහපාලන ආණ්ඩුව පැවැති සමයේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් දිනපතාම එවකට විපක්ෂයේ සිටි වත්මන් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් මාධ්‍ය හමු පවත්වමින් සඳහන් කර සිටියේ බැඳුම්කර වංචාවට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගන්නා බවත්, ඒ හරහා උපයාගත් සියලු දේපළ රාජසන්තක කරන බවත්ය. එවකදී සියලු මාධ්‍ය මෙම බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් දිනපතාම පාහේ වාර්තා කරන ආකාරයක්ද දැකගත හැකි විය.

එවකදී මෙම මාධ්‍ය කටයුතු කළ ආකාරය පිළිබඳ විශේෂ ලිපියක් ඉදිරි කලාපයේ පළකිරීමටද ‘මව්රට’ මේ වනවිට සියලු කටයුතු සූදානම් කොට ඇත.

SendShareShare
Previous Post

සජබෙ පුංචි ජන්දයට ලෑස්ති වෙයි! නාමයෝජනා කැඳවීමට තීන්දු කරයි!

Next Post

එන්නත්කරණය බලන්න ෂවේන්ද්‍ර දියතට එයි! ජනතාවගෙන් හමුදාවට ප්‍රශංසා! (VIDEO)

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.