• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එන්නත්කරණය බලන්න ෂවේන්ද්‍ර දියතට එයි! ජනතාවගෙන් හමුදාවට ප්‍රශංසා! (VIDEO)

July 5, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
එන්නත්කරණය බලන්න ෂවේන්ද්‍ර  දියතට එයි! ජනතාවගෙන් හමුදාවට ප්‍රශංසා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන එන්නත්කරණ වැඩසටහනට සමගාමීව බස්නාහිර පළාතේ වයස අවුරුදු 30 ට වැඩි පුරවැසියන්ට එන්නත ලබා දීම සඳහා යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා එන්නත් කිරීමේ මධ්‍යස්ථානවල රාජකාරි සඳහා යොදවා සිටින යුද්ධ හමුදා භටපිරිස් දිරිගැන්වීමේ අරමුණින්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාඅද (5) දින බත්තරමුල්ල දියත උයනේදී යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක කරන ප්‍රජා එන්නත්කරණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූයේය. යුද හමුදා සේවා වනිතා ඒකකය (ASVU) මෙම ප්‍රජා එන්නත්කරණ වැඩසටහනට පහසුකම් සපයයි.

එම ස්ථානයේ රැඳී සිටි කාලය තුළදී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් එන්නත්කරණ ක්‍රියාවලිවය නිරීක්ෂණය කළ අතර එහිදී මහජනතාව පාලනය කරගමින් නිසි කළමනාකරණයකින් යුතුව යුද්ධ හමුදාව විසින් සිදුකරන එන්නත්කරණ ක්‍රියාවලිය ඇගයීමට ලක්කලේය. එසේම මහජනතාවට සුළු හෝ ප්‍රමාදයක් සිදු නොවී එන්නත් ලබා ගැනීමට හැකි අයුරින් මෙම ක්‍රියාවලිය තවදුරටත් පුළුල් කරන ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් එහිදී උපදෙස් ලබා දුන්නේය. එමෙන්ම යුද්ධ හමුදාධිපතිතුමන් ඒ අවස්ථාවේ රාජකාරියේ යොදවා සිටින හමුදා භටපිරිස් සහ එන්නත් ලබා ගැනීමට පැමිණිමහජනතාව සමඟ අදහස් හුවමාරු කර ගත්තේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දැනුම්දීමකට අනුවආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත, යුද හමුදා නිවාරණ වෛද්‍ය අධ්‍යක්ෂ මණ්ඩලයේ වෛද්‍ය කණ්ඩායම් සමඟින් යුද්ධ හමුදා භට පිරිස් විසින් දිනකට අඩු කාලයකදී දිවයින පුරා ජංගම ප්‍රජා එන්නත් කිරීමේ මධ්‍යස්ථාන එන්නත්කරණය වෙනුවෙන් සූදානම්කළ අතර, අද (5) උදෑසන සයිනෝෆාම් එන්නත පළමු මාත්‍රාව සිවිල් වැසියන්ට ලබා දීම ආරම්භ කරන ලදී.

ඒ අනුව, 2021 ජුලි මස 05දින සිට පෙරවරු 08.30 සිට පස්වරු 04.30 දක්වා බස්නාහිර පළාත තුළ අවුරුදු 30 ට වැඩි සියලුදෙනා හට යුද්ධ හමුදා රෝහල – නාරාහෙන්පිට, දියත උයන – බත්තරමුල්ල, ශ්‍රී බෝධිරාජාරාමය – පනාගොඩ, 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය – වේරහැර යන ස්ථානවලදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදෙනලදී. එන්නත ලබාගැනීමට ප්‍රථම බස්නාහිර පළාත තුළ ස්ථිර පදිංචිය සනාථ කිරීම සඳහා තම ජාතික හැඳුනුම්පත සමඟ විදුලි බිලක හෝ දුරකථන බිලක ඡායා පිටපතක් හෝ ඡන්ද නාමලේඛනයේ ඡායා පිටපතක් හෝ තම ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි විසින් නිකුත් කළ පදිංචිය සනාථ කිරීමේ සහතිකයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

එමෙන්ම, අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සඳහා එන්නත්කරණය යුද්ධ හමුදාව මඟින් මෙහෙයවන ප්‍රජා එන්නත්කරණ මධ්‍යස්ථානවල අද (05) දින උදෑසන 08.30 සිට සවස 04.30 දක්වා පැවැත්වූ අතර ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය (ගාල්ල දිස්ත්‍රික්කය), මාතර මහින්ද රාජපක්‍ෂ විද්‍යාලය (මාතර දිස්ත්‍රික්කය), මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය – දියතලාව (බදුල්ල දිස්ත්‍රික්කය), අනුරාධපුර යුද්ධ හමුදා රෝහල (අනුරාධපුර දිස්ත්‍රික්කය), මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය (පොලොන්නරුව දිස්ත්‍රික්කය), කිලිනොච්චි යුද්ධ හමුදා මූලික රෝහල (කිලිනොච්චි දිස්ත්‍රික්කය), මුලතිව් දෙමළ විද්‍යාලය – පුදුකුඩුඉරිප්පු (මුලතිව් දිස්ත්‍රික්කය), මන්නාරම ආයෝජන මණ්ඩල ගොඩනැගිල්ල (මන්නාරම දිස්ත්‍රික්කය), යන මධ්‍යස්ථාන තුලදී මෙම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. දිවයින පුරා අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සඳහා ඉහත මධ්‍යස්ථානවලදී තම පදිංචිය සනාථ කිරීමෙන් අනතුරුව එන්නත ලබාගැනීමට හැකියාව පවතී.

එන්නත්කරණ කටයුතු පිළිබඳ සොයාබැලීම සඳහා බත්තරමුල්ල දියත උයනේ පැවැති එන්නත්කරණ මධ්‍යස්ථානය වෙත සපැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් වසන්ත මාදොල, 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා, යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් නිශාන්ත පතිරණ, 144 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත ලියනවඩුගේ, යුද්ධ හමුදා නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කර්නල් සවීන් සේමගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් පිළිගත්තේය.

SendShareShare
Previous Post

ඇලෝෂියස්ගේ ‘මෙන්ඩිස්’ බලපත්‍රය අහෝසි කිරීමට ජනාධිපති තීන්දු කරයි!

Next Post

බ්‍රැන්ඩික්ස් පොකුරෙන් මිනිස් ජීවිතවලට හානියක් වෙලා නෑ! නඩුවෙන් බ්‍රැන්ඩික්ස් නිදහස්!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.