ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දුරකතන ඇමතුමක් ලබා දී ඇත.
එහිදී ජනාධිපතිවරයා විපක්ෂනායකවරයාට අගමැතිකම බාරගෙන නව ආණ්ඩුවක් පිහිටුවන ලෙස ආරාධනා කොට තිබේ.
මීට අමතරව අගමැතිකම බාර නොගන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 113ක බහුතරයකගේ අස්සන් ගෙන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවක් සම්මත කරන ලෙසත් එවිට තමන් පාර්ලිමේන්තු විසුරුවා හැරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා විසින් සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දී ඇත.
මෙහිදී විපක්ෂනායකවරයා සදහන් කොට ඇත්තේ තමන් තනි තීන්දු නොගන්නා බවත්, මන්ත්‍රී කණ්ඩායම කැදවා ඒ සම්බන්ධයෙන් සාකච්ජා කොට පිළිතුරු ලබා දිය හැකි බවත්ය.
ඒ අනුව විපක්ෂනායකවරයා විසින් හදිසි මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද දිනයේ කැදවීමට පියවර ගෙන ඇදි බව වාර්තා වේ.










