ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව සිදුකරන පළමු නිල සංචාරය ලෙස ඉන්දියාවට යාමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.Sri Lanka Latest News
ඒ අනුව බොහෝ දුරට දෙසැම්බර් දෙවන සතියේදී මෙම සංචාරය සිදුවනු ඇති බව පැවසෙනවා.
මෙම සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඉන්දීය සංචාරයෙන් පසු ජනාධිපතිවරයා චීන සංචාරයකද නිරත වීමට සැලසුම් කොට ඇති බව වාර්තා වෙනවා.










