• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනපති අනුරගේ ලොකුම අභියෝගය විපක්ෂය නෙමෙයි මන්ත්‍රී අනුර! එදා ඔහු කී කතාම අද ඔහුට පාරාවළල්ලක් වෙලා! එදා මන්ත්‍රීවරුන්ට පිස්තෝල ඕනද කියලා ප්‍රශ්න කරපු මාධ්‍ය ආයතනයේ ‘බබයි-බබියි’ අද මොකද කියන්නේ? VIDEO I Sri Lanka Latest News

February 24, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
මේ වගේ දේශපාලඥයො නෙමෙයිද රටට ඕන! එදා මේ මිනිහට හිනාවුණා! බයිට් කළා! අන්තිමට මේ නළුවා කියපු දේ හරි ගියා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (24) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වුයේ සමගි ජන බලවේගයේ තරුණ බලවේගය නියෝජනය කරමින් චරිත් අබේසිංහ මහතාය.Sri Lanka Latest News

ඒ මහතා වැඩිදුරටත් මෙසේ පැවැසීය,

‘‘රටේ රාජ්‍ය ආරක්ෂාව කප්පාදු කිරීම සඳහා තීරණය කිරීමට වර්තමාන රජය පෙළඹීමට ලක් කළේ කවුද ඒ පිටිපස සිටින්නේ කවුද කියන දේ පිළිබඳව අපි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා. ඒ සඳහා විශේෂ හේතු කිහිපයක් තිබෙනවා. එකක් තමයි රට පුරා ඇතිවී තිබෙන ඝාතන රැල්ල. මේ ඝාතන රැල්ල පෙර පැවැති ආණ්ඩු පැවැති කාලයේදිත් සිදුවෙලා තිබෙනවා. නමුත් තමන්ගේම අභියෝග තමන්ටත් වඩා ඉහළට ඔසවා ගත්තේ වර්තමාන ජනාධිපති අනුර දිසානායක මහතා සහ වර්තමානයේ සිටි මැති ඇමතිවරු. වර්තමාන ජනාධිපති අනුර දිසානායක මහතාගේ ලොකුම අභියෝගය විපක්ෂය නෙවෙයි. මැතිවරණ වේදිකාවේ සිටි මන්ත්‍රී අනුර දිසානායක කියන කෙනයි. ජනාධිපතිවරයකු වීමට කලින් මන්ත්‍රීවරයකු ලෙස අනුර දිසානායක මහතා මැතිවරණ වේදිකාවලදී සිදු කළ ප්‍රකාශම තමයි අද ඔහුට අභියෝගයක් වී තිබෙන්නේ. ඔහු කියපු දේවල්ම තමයි අද ඔහුට ප්‍රශ්නයක් වෙලා තිබෙන්නේ. ඒ වගේම ඔහුගේ මන්ත්‍රීවරු කියපු දේවල්ම තමයි අද ඔහුට ප්‍රශ්නයක් වෙලා තිබෙන්නේ. ආණ්ඩුවේ කටයුතු වලට කවුරුත් අභියෝග එල්ල කරන්නෙත් නැහැ කවුරුත් කකුලෙන් අදින්නෙත් නැහැ. පොහොර සහනාධාරය දුන්නෑ කියලා ගොවියන් පාරට බස්සන්න විපක්ෂය කටයුතු කරලා නැහැ. සහල් පොල් හිඟයක් රට තුළ තිබෙනවා ඒ සම්බන්ධයෙන් ජනතාව පාරට බස්සවන්න විපක්ෂය කටයුතුකරලා නැහැ. නමුත් ජාතික ජන බලවේගය පිරිස පැය විසි හතරෙන් විසඳනවා යැයි කියූ ප්‍රශ්න තමයි අද ඔවුන්ටට අභියෝගයක් වෙලා තිබෙන්නේ. අද ඔවුන්ට ඒවාට උත්තර හොයා ගැනීමට නොහැකිව පසුතැවෙනවා.

ඒ වගේම මහ මැතිවරණයේදී එක්තරා ආයතනයක් මන්ත්‍රීධූර අපේක්ෂකවරු ඔවුන්ගේ වැඩසටහනකට ගෙනවිත් සෘජුව ප්‍රශ්න කලා. ඔවුන්ගේ ඒ ප්‍රශ්න අතර අනිවාර්ය ප්‍රශ්නයක් තිබුණා. ඒ සඳහා මන්ත්‍රීවරුන්ට උත්තර ලබා දීමට අනිවාර්යයෙන් සිදුවී තිබුණා. මන්ත්‍රීවරයෙක් වුනොත් ලබා දෙන ආරක්ෂකයෝ ගන්නවාද ? මන්ත්‍රීවරුන්ට පාර්ලිමෙන්තුවෙන් ලබා දෙන ගිනි අවිය ගන්නවාද ? වගේ ප්‍රශ්න ඒ මාධ්‍ය ආයතනය විසින් මන්ත්‍රී ධූර අපේක්ෂකවරුන්ගෙන් සෘජුව ඇහුවා. ඒ අවස්ථාවේ බොහෝ පිරිසක් උත්තර ලබා දුන්නේ ආරක්‍ෂාව හො ගිනි අවිය ගන්නේ නැහැ කියලා. ඔවුන් බයවුනා ඔවුන්ට ලැබෙන්න තිබූ ඡන්ද ප්‍රමාණය අඩු වෙයි කියලා. නමුත් විකල්ප අදහසක් තිබුණු සෘජු පුද්ගලයන් කිහිපදෙනෙක් ඒ ප්‍රශ්නවලට සෘජු පිළිතුරු ලබාා දුන්නා. ඔවුන් ප්‍රකාශ කළා මන්ත්‍රීවරුන්ට ලැබෙන ගිනි අවිය සහ ආරක්ෂාව ලබාගන්නවා කියලා. ඊට ප්‍රධාන හේතුව තමයි රටේ ආරක්ෂාව තවම හරියාකාරව තහවුරු වී නොමැති වීම.

රටේ ආරක්‍ෂාව තහවුරු වී තිබුණානම් වසර ගණනාවක් තිස්සෙ යුද්ධයක් මෙ රටෙ පවතින්න විදිහක් නැහැ. රටෙ බෝම්බ පුපුරන්න බැහැ. රටෙ මන්ත්‍රීවරු තැන තැන ඝාතනය වෙන්න බැහැ. ශ්‍රී ලංකාවට තිබෙන්නේ ලෙ වැගිරුණු ඉතිහාසයක්. ඒ නිසා මන්ත්‍රීවරයෙකුට ලැබෙන ආරක්ෂක වරප්‍රසාද අපි ලබා ගන්නවා කියලා අපි සෘජුව ප්‍රකාශ කළා. ඒ බව මම සහ ප්‍රසාද් සිරිවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළා. මෙ ආකාරයේ ප්‍රශ්න යොමු කරන්නේ ඒ ආයතනයේ මාධ්‍යවේදීන් නෙවෙයි. එය විශාල කුමන්ත්‍රණයක කොටසක් ලෙසයි මම දකින්නේ. පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙක් ආරක්ෂාව ගන්නවාද නැද්ද කියන ප්‍රශ්නය අනිවාර්ය ප්‍රශ්නයක් විදිහට ඒ වැඩසටහනෙ අහන්නෙ කාගෙ හො අවශ්‍යතාවයක් ඉටු කිරීමෙ බලාපොරොත්තුවකින් දැයි සැක මතු වෙනවා. ඒ ප්‍රශ්නය ඒ වැඩසටහනට පැමිණි සියලුම මන්ත්‍රීධූර අපේක්ෂකයන්ගෙන් විමසුවා. ඒ වගේම ඒ වැඩසටහන පැමිණි බොහෝ අපේක්ෂකයින්ගෙන් ඔවුන් මන්ත්‍රීවරයෙකුට ආරක්ෂාව අවශ්‍ය නෑ කියන උත්තරය ලබාගත්තා. මන්ත්‍රී දුර අපේක්ෂකයන් ඒ උත්තරය ලබා දුන්නේ බයටයි.

රටෙ අධි ආරක්ෂිත කලාපවල මිනීමැරුම් සිද්ධ වන විට , උසාවිය තුළදී මිණි මැරුම් සිදුවනවිට අද අපිට මෙ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න සිදු වී තිබෙනවා. 2014 දී රටෙ සිටි බුද්ධි අංශ වට්ටන විට , බුද්ධි අංශ නිලධාරීන් සිරගත කොට දඬුවම් ලබාදෙන විට අපි දන්නෙවත් නැතුව පාස්කු ප්‍රහාරය සිදුවෙලා තුන්සිය දෙනෙක් මිය ගියා. අද ඒ ප්‍රහාරයෙ මහමොලකරුවන් සොයනවා. දේශපාලන වේදිකාවල ඒ මළමිනී හැමදාම ගොඩ දානවා. ඒ මළ මිනී මතින් තමයි අද ඇතැම් පිරිස් දේශපාලනය කරන්නෙ. එවැනි තත්ත්වයක් තුළ රාජ්‍ය ආරක්ෂාව කියන දේ පිළිබඳව අවබොධයක් ලබා ගැනීමට ආණ්ඩුවට නොහැකි වී තිබෙනවා. රටෙ ජාතික ආරක්‍ෂාව තහවුරු කළහොත් පමණයි රට ආර්ථික වශයෙන් ශක්තිමත්න්නෙ. සංචාරක ව්‍යාපාරය දියුණුවට පත්වන්නේ රටේ ජාතික ආරක්ෂාව තිබුණොත් පමණයි.

ඒ වගෙම ආණ්ඩුවට රටෙ ජනතාවට පොරොන්දු වුණ දේවල් කිසිවක් කර ගැනීමට නොහැකි වී තිබෙනවා. ජාතික ජන බලවේගයෙ දේශපාලන වේදිකාවෙ භාවිතයත් ජාතික ජන බලවෙගටේ පරිපාලනයේ භාවිතයෙත් පරස්පර දේවල් සිදුවෙලා තිබෙනවා. ඒ සඳහා එකම හේතුව ඔවුන් විපක්ෂයෙ සිටින විට සිදුකළ ප්‍රකාශයි. ඒවගෙම එක පෑන් පහරකින් උත්තර හොයන්න පුළුවන් ප්‍රශ්න වලට තවමත් උත්තරයක් සෙවීමට ආණ්ඩුවට නොහැකි වී තිබෙනවා. ආණ්ඩුව ඇයි රාජ්‍ය ආරක්‍ෂාව කප්පාදු කරන්න උත්සාහ කරන්නෙ. ආණ්ඩුව මේ තුළින් කාගෙ අපේක්ෂාවක්ද ඉෂ්ට කරන්න උත්සාහ කරන්නෙ. මෙ තුළින් ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නෙ කුමක්ද. යන කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුව රටට පැහැදිලි කිරීමක් කළ යුතුයි.

කිසිම ආරක්‍ෂාවක් නැතුව ඕනෑම කෙනෙකුට ගමන් බිමන් යාමට හැකියාවක් තිබෙන රටක් නෙවෙයි ශ්‍රී ලංකාව කියන්නෙ. ශ්‍රී ලංකාව වසර තිහක යුද්ධයක් තිබුණ රටක්. ආයුධ රට පුරා තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ රජයට බාර නොදුන්න ටී පනස් හයෙ ගිනි අවී තවමත් තිබෙනවා. ඒ ආයුධවත් භාර නොදී තමයි ආණ්ඩුව ජාතික ආරක්‍ෂාව නැති කරන්න උත්සාහ කරන්නෙ. කෙසෙ නමුත් කතානායකවරයා පොලිස්පතිවරයාට ප්‍රකාශ කරනවා පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ගෙ ආරක්ෂාව තර කරන්න කියලා. තමන්ගෙ ආරක්ෂාවට ආරක්ෂකයින් එපා කියූ ආණ්ඩුවෙ මැති ඇමතිවරු මැතිවරණ සමයෙදී සිදු කළෙ ඔවුන්ට බලය දුන් ජනතාව රැවටීමයි.‘‘

එදා කතාව

මෙරට සාමාන්‍ය ජනතාවට ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පවතින බව 2024.11.05 දින සිරස රූපවාහිනියෙන් විකාශය වූ ‘සටන’ දේශපාලන සංවාදයේදී සමගි ජන බලවේගයේ මහ මැතිවරණ අපේක්ෂක චරිත් අබේසිංහ පැවැසුවා. ඔහු සිය පෞද්ගලික ආරක්ෂාවට පිස්තෝලයක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් වූ කතාබහක් එම සාකච්ඡාවේදී ඉස්මතු වූ අවස්ථාවේ වැඩසටහන මෙහෙයවූ සුරංග සේනානායක, ඔමායා කෝවිලගොඩගේ යන මාධ්‍යවේදීන් ඔහුගේ එම ප්‍රකාශය දැඩිව විවේචනය කළ අතර, ඔවුන් කියා සිටියේ රට තුළ කිසිදු අනාරක්ෂිත වාතාවරණයක් නොමැති බැවින් එලෙස පිස්තෝලයක් ඉල්ලා සිටීම හාස්‍යජනක ක්‍රියාවක් බවයි. එහිදී මාධ්‍යවේදීන් සහ චරිත් අබේසිංහ අතර මෙවැනි සංවාදයක් ඇතිවුණා.

මාධ්‍යවේදී ඔමායා කෝවිලගොඩගේ
ඔබ පිස්තෝලෙ ගන්නවද?
චරිත් අබේසිංහ
ඔව් ගන්නවා.
මාධ්‍යවේදී ඔමායා කෝවිලගොඩගේ
ඇයි දැන් ඔබට ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවද?
චරිත් අබේසිංහ
ඔව්. ඔයාට මේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැද්ද?
මාධ්‍යවේදී ඔමායා කෝවිලගොඩගේ
නෑ. ආරක්ෂාව සම්බන්ධයෙන් එහෙම ප්‍රශ්නයක් නෑ මට. මම සාමාන්‍ය පුරවැසියෙක්. මම නිදහසේ කටයුතු කරනවා. මම කාන්තාවක්. රෑ 2ටත් මම සටන ප්‍රෝග්‍රෑම් එක ඉවර කරලා ගෙදර යනවා. මට කිසි ප්‍රශ්නයක් වෙලා නෑනේ.
චරිත් අබේසිංහ
ඒක චරිත් අබේසිංහගේ පෞද්ගලික දෙයක් නෙවෙයි. මම එතකොට රාජ්‍යයේ කොටස්කාරයෙක් වෙනවා.
මාධ්‍යවේදී සුරංග සේනානායක
ඉණේ තියෙන පිස්තෝලේ…
චරිත් අබේසිංහ
මගේ ඉණේ පිස්තෝලයක් කවදාවත් තියාගෙන ඉඳලා නෑ මම.
මාධ්‍යවේදී සුරංග සේනානායක
ඔයාට පිස්තෝලයක් මොකටද ජනතා නියෝජිතයෙක් වුණාම?
චරිත් අබේසිංහ
ඇයි ඒක පෞද්ගලික අදහසකින් ගන්නේ? මේ රටේ ජනාධිපති කෙනකුට, මන්ත්‍රී කෙනකුට, ඇමැති කෙනකුට ආරක්ෂාවක් තියෙන්න ඕනේ නැද්ද? ඒ තරම් ප්‍රාථමික තැනකින්ද ඔයා මේක දකින්නේ?
මාධ්‍යවේදී සුරංග සේනානායක
ඡන්දේ ඉල්ලන ඕගොල්ලෝ හිතාගෙන ඉන්නේ ජනතාව හරි ප්‍රාථමිකයි කියලා. ඔන්න එතන තමයි ප්‍රශ්නෙ තියෙන්නේ.
චරිත් අබේසිංහ
ජනතාව නෙවෙයි ඔයා ප්‍රාථමිකයි.

මෙදා කතාව


තමන්ගේ පෞද්ගලික ආරක්ෂාව සම්බන්ධයෙන් බලපා ඇති ගැටලුව මුල්කරගෙන චරිත් අබේසිංහ ඉදිරිපත් කළ අදහස 2024.11.05 දින ‘සටන’ සංවාදයේදී සුරංග සේනානායක සහ ඔමායා කෝවිලගොඩගේ විසින් දැඩිව විවේචනය කළේ, පෞද්ගලික ආරක්ෂාව වෙනුවෙන් පිස්තෝලයක් ලබාගැනීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවට තර්ක කරමින්. නමුත් එම තර්කය තමන් විසින්ම බිඳදමින් සුරංග සේනානායක පසුගිය 21 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් පැවැති ‘සටන’ දේශපාලන සංවාදයේදී අදහස් දැක්වූයේ මේ ආකාරයටයි.

මාධ්‍යවේදී සුරංග සේනානායක
පාරෙ බැහැලා යන්න බැරි තත්ත්වයක් තියෙනවා. අපි පහුගිය දවස්ල සී.සී.ටී.වී.වල දකිනවා එනවා, වෙඩිතියනවා, යනවා. බයිසිකල්වලින් ඇවිල්ලා පාරේ යන මිනිස්සුන්ට වෙඩිතියනවා. අපිත් පාරෙ යන මිනිස්සු. මේ ක්‍රොස් ෆයර් එකකට මැදිහත් වුණොත් අපේ ජීවිත ආරක්ෂා කරන්න කවුරුවත් නෑ අවසානයේ. ඡන්දෙ කාලේ ඝාතන රැල්ල අඩු වුණා. මොකද කට්ටිය ඡන්දේ නිසා වෙන්න ඇති කියලා. හැබැයි දැන් ඡන්දේ ඉවර වෙලා, ජනාධිපතිතුමා බලයට ඇවිල්ලා, තුනෙන් දෙකක පාර්ලිමේන්තුවක් ඇවිල්ලා දැන් හැම තැනම වෙඩි තියනවා. දකුණේ වෙඩි තියනවා. මේ එහාපැත්තේ ගල්කිස්සේ වෙඩිතිබ්බා….

SendShareShare
Previous Post

ගම්පහ උසාවියේදී වෙඩි තියනවා කියලා කිව්වාම ගම්පහට ගේන්නේ නැතිව කොළඹට දැම්මේ ඇයි? සංජීවගේ ඝාතනය ගැන ගම්මන්පිලගෙන් වැඩබලන පොලිස්පතිටත් ලොකු චෝදනාවක්!  VIDEO I Sri Lanka Latest News

Next Post

නව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න පෙරේරා!  I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

Load More
Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

අමෙරිකාව එක්ක අලුත් අවුලක් ​අවස්ථා ගණනාවකදීම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයා වූ දකුණු සහ මධ්‍යම...

Read more
රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.