• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කවුරුවත් හිතුවෙවත් නැති කාටවත් කරන්න බැරි ප්‍රේමදාසගේ මාලිගාවත්ත වික්‍රමය! Sri Lanka Latest News

June 1, 2025
in Exclusive
Reading Time: 10 mins read
A A
කවුරුවත් හිතුවෙවත් නැති කාටවත් කරන්න බැරි ප්‍රේමදාසගේ මාලිගාවත්ත වික්‍රමය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘අනේ අපි අද මේ නිවාස ක්‍රමයේ ජීවත් වෙන්නේ දහසකුත් එකක් ප්‍රශ්න මැද. ඔබතුමාගේ පියා හදපු මේ මාලිගාවත්ත එදා අපිට සුරපුරයක්. ඒ කාලෙ අපිට කියලා මෙහි ගැටලුවක් ඇතිවුණා නම්, ඒක ඉක්මනින් ප්‍රේමදාස මහතා දැනුවත් කරල විසඳුම් ලබාගැනීමේ ක්‍රමයක් පැවතුණා. අද අපිට ජලය ලබාදෙන පොම්පාගාරයේ විදුලි බිල අපි ගෙවන්න ඕනෙ. අවුරුදු 50කට වැඩි මේ නිවාස ක්‍රමයේ කිසිම අලුත්වැඩියාවක් සිදුවන්නේ නැහැ. අපි මෙහි ජීවත් වෙන්නේ මෙවැනි ප්‍රශ්න මැද්දේ. තමුන්නාන්සේ මැදිහත් වෙලා හෝ, එදා ඔබතුමන්ගේ තාත්තා උදාකළ නවෝදය නැවත මාලිගාවත්තට ලබාදෙන්න….’ Sri Lanka Latest News

මෙම දුක්ගැනවිල්ල ප්‍රකාශ වූයේ කොළඹ මාලිගාවත්ත නිවාස ක්‍රමයේ නිවාසලාභීන් වෙතිනි.

පසුගියදා මෙහි නිරීක්ෂණ සංචාරකයක යෙදුණු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුණගැසුණු නිවාසලාභීන් සමූහය වෙතින් ප්‍රකාශ වූයේ මෙවන් වූ දුක් අඳෝනාවකි. ඔවුන් වෙතින් කියැවුණේ එදා ප්‍රේමදාස මහතා විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භක අවස්ථාවේ සිට මෙහි පැවැති පහසුකම් සහ අද පාලකයන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මාලිගාවත්ත නිවාස ක්‍රමයට උදාවී ඇති අවාසනාවන්ත ඉරනම පිළිබඳවයි.

හැටේ දශකයේ මැද භාගයේදී කොළඹ නාගරික පැල්පත්වාසීන් සඳහා තමන් ජීවත්වූ භූමි ප්‍රදේශය තුළින් මහල් නිවසක අයිතිය ලබාදීමේ වැඩසටහන අරඹමින් එවක නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැරූ ආර්. ප්‍රේමදාස මහතාගේ අදහසක් පෙරදැරිව මාලිගාවත්ත මහල් නිවාස ව්‍යාපෘතියේ සංවර්ධන කාර්යයන් ආරම්භ විය.

1965-70 එක්සත් ජාතික පක්ෂ රජයේ, දෙවැනි වරටත් මැද කොළඹ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත්වූ ප්‍රේමදාස මහතා, තමන් විසින් බෙහෙවින් ඇලුම් කරන නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ධුරය සඳහා 1966 වසරේදී පත්විය.

එම පත්වීම ලැබූ අවස්ථාවේ සිට ප්‍රේමදාස මහතාගේ සිතැඟි මූලික අපේෂාවක් වූයේ තමන් නියෝජනය කරන කොළඹ බහුතර දුප්පතුන්ගේ දුගීභාවය නැති කිරීම සදහා නිවාස සැපයුමෙන් විසඳුම් ලබාදීමයි.

එවක කොළඹ නගරයේ විවිධ වූ ස්ථානයන්හි මුඩුක්කු ආශ්‍රිත බිම්කොටස්වල පැල්පත් ආශ්‍රිතව ජීවත්වූ මෙම ජනතාව, කොළඹ නගරයේ ආර්ථික සමාජ ක්‍රියාකාරම් සඳහා විශාල බලපෑමක් කළද, ඔවුන්ගෙ ජීවන පැවැත්ම සහ මෙම අවිධිමත් වාසස්ථාන පැවැත්ම කොළඹ නගර සංවර්ධනය සඳහා තර්ජනයක් විය.

මේ බව වඩාත් නිවැරදිව තේරුම්ගත් ප්‍රේමදාස මහතාට එදා අවශ්‍ය වූයේ ජීවත් වීමට සුදුසු නිවහනක් තුළින්, කොළඹ නාගරික දුප්පතුන් සඳහා වඩාත් හොඳ දිවිපෙවෙතක් ලබාදීම සමගින් කොළඹ වඩාත් සැලසුම්ගත නගරයක් බවට පත්කිරීමයි.

මෙම කාර්යය ව්‍යාපෘතියක් ලෙසින් ආරම්භ කිරීම පළාත් පාලන හා නිවාස නියෝජ්‍ය අමාත්‍ය ධුරයට පත් ප්‍රේමදාස මහතාගේ අපේක්ෂාව විය.
එවන් වූ දුප්පතුන්ගේ සහභාගීත්වයෙන්, කොළඹ නගරයේ සුදුසු භූමි ප්‍රදේශයක, රාජ්‍ය දායකත්වයෙන් මෙවන්වූ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සැබැවින්ම අභියෝගයක් විය. මෙය වඩාත් නිවැරදිව තේරුම්ගත් ප්‍රේමදාස මහතා, සිය අදහස සපුරා ගැනීමට සුදුසු භූමියක් සෙවීමේදී, මාලිගාවත්ත වගුරු බිම් ප්‍රදේශය පිළිබඳ තොරතුරු දැනගත් විගස එය පරීක්ෂා කිරීමට ගිය බව කියවේ.

එදා කොළඹ නගරයේ වගුරු බිමක් ලෙසින් පැවැති මෙම භූමි ප්‍රදේශය තැන තැන ඉදිවූ පැල්පත් හි ජීවත්වූ ජනතාව පෞද්ගලිකව හමුවූ ප්‍රේමදාස මහතා එකී භූමිය සංවර්ධනය කොට එහි ජීවත් වීමට සුදුසු නිවහන් හදන තෙක්, තාවකාලික නිවාසවල පදිංචිය සඳහා මෙම ජනතාව එකඟ කරගන්නා ලදී.
මෙවන්වූ ක්‍රියාවලියකින් අනතුරුව මෙම වගුරු බිම සංවර්ධනය කොට, එදා එම වගුරු බිම ඇසුරේ ජීවත්වූ ජනතාව උදෙසා මහල් නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීමට එවක රජය විසින් තීරණය කරන ලදී.

මෙම තීරණයට අනුව, පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය ආර්. ප්‍රේමදාස මහතාගේ ඇරයුමෙන්, අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතා විසින් මාලිගාවත්ත නිවාස ක්‍රමයේ මුල් අදියර සඳහා 1968 අප්‍රේල් මස 02 වැනි දින මුල්ගල් තබන ලදී.

එතැන් සිට හය මසක කාලයක් තුළ, මාලිගාවත්ත වගුරු බිම ඇසුරේ ජීවත්ව අඩු ආදායම්ලාභී ජනතාව සඳහා මෙරට ඉතිහාසයේ පළමු වරට මහල් නිවාස ඉදිකිරීම සිදුවිය.

දෙස් විදෙස් තාක්ෂණය දායක කරගනිමින්, මෙම නිවාස ව්‍යාපෘතියේ මුල් අදියර කඩිනමින් නිමකිරීම ප්‍රේමදාස මහතාගේ අදිටන වුවද, ඒ සඳහා අවැසි තාක්ෂණය සමගින් මෙම ඉදිකිරීම් සඳහා අවශ්‍ය පුහුණු, නුපුහුණු ශ්‍රමය සපයා ගැනීම ගැටලුවක් විය. ප්‍රදේශවාසී සෑම පැල්පත් නිවසක් වෙත පෞද්ගලිකව පැමිණි ප්‍රේමදාස මහතා, මාලිගාවත්ත නිවාස ක්‍රමය තුළින් ඔවුනට හිමිවන නිවස තුළින්, ඔවුන්ගේ ජීවිත ඇසුරේ සිදුවන ප්‍රබෝධය පිළිබඳ කරුණු කියාපෑවේය. මෙම කරුණු දැක්වීමත් සමගින්, තමන්ට හිමිවන නිවහන පිළිබඳ වඩාත් සතුටට පත් මාලිගාවත්ත වැසියෝ, තමන් වෙනුවෙන් ඉදිවන නිවාස ඉදිකීරීම් සඳහා ශ්‍රමයෙන් දායක වීමට කැමැත්ත පළකළහ.

ඒ අනුව මෙම මහල් නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදුකළ ආයතන වෙත, ප්‍රේමදාස මහතාගේ උපදෙස වූයේ, මෙම ව්‍යාපෘති ඉදිකිරීම සඳහා අවශ්‍ය ශ්‍රමිකයන් හැකිතාක් දුරට මාලිගාවත්ත ප්‍රදේශවාසීන් වෙතින් එක්කර ගන්නා ලෙසයි.

එවන් වූ ප්‍රජා දායකත්වයක් මාලිගාවත්ත ජනතාව වෙතින් හිමිවීම හේතුවෙන්, මාලිගාවත්ත නිවාස ක්‍රමයේ සංවර්ධන කාර්යයන් වඩාත් වේගවත්ව ඉලක්කගත දින වකවානුවට වඩා කඩිනමින් නිමකිරීමට හැකිවූ බව කියවේ.

එමෙන්ම නාගරික සංවර්ධනයේ වියතුන් පෙන්වාදෙන ආකාරයට, මෙරට නාගරික නිවාස සංවිධානයේදී, එකී කාර්යය වඩාත් කඩිනමින් හා සංවිධානගතව සිදුකළ මුල්ම අවස්ථාවක් ලෙස මාලිගාවත්ත මහල් නිවාස ව්‍යාපෘතියේ මුල් අදියර පෙන්නුම් කරයි.

මෙවන් වූ සියලු ක්‍රියාකාරම් සාර්ථකවයෙන් සිදුවීම හේතුවෙන් මාලිගාවත්ත නිවාස ක්‍රමයේ මුල් අදියරේ සියලු ඉදිකිරීම් නිමාවට පත්විය. මෙම කාලපරිච්ඡේදය වනවිට හිටපු පළාත් පාලන හා නිවාස ආමාත්‍යවරයා ඉල්ලා අස්වීම නිසා, ආර්. ප්‍රේමදාස මහතා පළාත් පාලන අමාත්‍ය ධුරය සඳහා පත්විය.
මෙලෙසින් සියලු ක්‍රියාකාරම් සිදුවුණු විට සැලසුම් කළ පරිදි, මාලිගාවත්ත මහල් නිවාස ව්‍යාපෘතියේ මුල් අදියරේ සියලු ඉදිකිරීම් කාර්යයන් නිමවිය.
මෙලෙසින් ඉදිකිරීම් නිමවූ මාලිගාවත්ත නිවාස ව්‍යාපෘතියේ මුල් අදියර පළාත් පාලන අමාත්‍ය ආර්. ප්‍රේමදාස මහතාගේ ඇරයුමෙන් අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතා විසින් 1969 ඔක්තෝබර් මස 28 දින විවෘත කරන ලදී.

මෙවන්වූ උත්සව අවස්ථාවකට සහභාගිවූ නොවූ විශාල ජනකායක් සමගින් එවක රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් වූ, ජේ.අර්. ජයවර්ධන, වී.ඒ. සුගතදාස, යූ.බී. වන්නිනායක, එම්.ඩී. බණ්ඩා යන මහතුන් ඇතුළු මැති ඇමැතිවරුන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
මෙම උත්සව අවස්ථාවේදී රැස්ව සිටි පිරිස ඇමතූ ප්‍රේමදාස මහතා,

‘අද මෙරට නාගරික සංවර්ධනයේ සුවිශේෂ සිදුවීමක් සනිටුහන් වූ දිනයක්. මෙයට කලකට පෙර මෙහි පැවැති වගුරු බිම ඇසුරේ දිවි ගෙවූ තමුන්නාන්සේලා හෙට දිනයේ සිට මෙහි ඉදිවූ මහල් නිවසක හිමිකරුවන් බවට පත්වෙනවා.

මෙම සංවර්ධන කටයුත්ත මෙලෙසින් දැකගැනීමට ලැබීම, එහි ප්‍රතිලාභී ඔබට මෙන්ම එම සංවර්ධන කාර්යය සාර්ථක කරගන්න දායක වූ හැමට සතුට දනවන අවස්ථාවක්.

දුප්පතුන් හැමදා දුක් විඳිමින්, පාලකයන්ට සිය දුක් අඳෝනා කියමින් ජීවත්වූ යුගය අවසන් කරමින්, මේ දිරිමත් මාලිගාවත්ත වැසියන් අද තමන්ද දායකත්වය ලබාදෙමින් ඉදිවූ මේ නිවාස ක්‍රමයේ හිමිකරුවන් බවට පත්වනවා.

අද නිමාව දුටුවේ මේ මාලිගාවත්ත සුවිසල් නිවාස සංවර්ධන වැඩසටහනේ මුල් අදියරයි. තව නොබෝ දිනකින් මෙම සංවර්ධන වැඩසටහනේ සෙසු අදියර නිමාවත් සමග අද මෙහි රැස්වී සිටින සෙසු මාලිගාවත්ත දුප්පතුන්ට නිවසක හිමිකම නියතයි’ යනුවෙන් පැවැසීය.

තෙමහල් නිවාස ක්‍රමයක් ලෙසින් නිවාස ඒකක 1520කින් සමන්විත වන අයුරින් ඉදිවූ මාලිගාවත්ත මහල් නිවාස ක්‍රමයේ සමස්ත ඉදිකිරීම් කාර්යයන් නිම කිරීමට වසර කිහිපයක් ගතවිය.

එම කාලපරිච්ඡේදය තුළදී මෙරට දේශපාලන වෙනස්කම් සිදුවී ප්‍රේමදාස මහතා නියෝජනය කළ දේශපාලන කඳවුර විරුද්ධ පක්ෂයට ගොස්, 1970 මැතිවරණයෙන් සිය පක්ෂය පරාජිත පසුබෑමකට ලක්වුවද, එදා ප්‍රේමදාස මහතා සිය ජනතාව වෙනුවෙන් කළ මෙවන්වූ මෙහෙවර හේතුවෙන් මැද කොළඹ ජනතාව ප්‍රේමදාස මහතාට විශිෂ්ට ජයග්‍රහණක් හිමිකර දෙමින් ඔහු මැද කොළඹ මැතිවරණ කොට්ඨාසයේ පළමු මන්ත්‍රීවරයා ලෙසින් පත්කරගනු ලැබීය.
එමෙන්ම 1970-77 කාලපරිච්ඡේදයේදී විපක්ෂයේ වඩාත් ක්‍රියාශීලී විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරයකු ලෙසින් කටයුතු කළ ප්‍රේමදාස මහතා, තමන් විසින් ආරම්භ කළ මාලිගාවත්ත නිවාස ක්‍රමයේ ඉදිකිරීම් කාර්යයන්, පත්වූ නව රජය යටතේ නිසි පරිදි සිදුවන්නේද යන්න නිරතුරුව සොයා බැලීය.

එමෙන්ම මෙම නිවාස සංවර්ධන වැඩසටහන පිළිබඳ ලෝක අවධානය යොමුකිරීමට කටයුතු කළ ප්‍රේමදාස මහතා, 1970 ඔක්තෝබර් මස ඔස්ටේ්‍රලියාවේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලයීය අන්තර් පාර්ලිමේන්තු සැසිවාරයේ සභාපති ධුරයට පත්වෙමින් පැවැත්වූ කතාවේ විශේෂිත සඳහනක් කරමින්, රජයේ මහජන නියෝජිතයකු ලෙසින් වසර කිහිපයකට ප්‍රථම තම අධීක්ෂණයෙන් ක්‍රියාත්මක කළ මාලිගාවත්ත මහල් නිවාස වැඩසටහන පිළිබඳ සඳහන් කර තිබේ.
මේ සියලු ක්‍රියාකාරම් තුළින් 70-77 කාලපරිච්ඡේදය තුළදී කිසියම් මන්දගාමී ස්වරූපයකින් හෝ මාලිගාවත්ත නිවාස යෝජනා ක්‍රමයේ ඉදිකිරීම් කාර්යයන් සිදුවිය. එනමුත් සුපුරුදු වූ වේගවත් රිද්මයකින් මෙම නිවාස ව්‍යාපෘතියේ සංවර්ධන කාර්යයන් වඩාත් වේගවත්ව සිදුවූයේ 1977 මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට ජයග්‍රහණක් හිමිකර ගනිමින්, ආර්. ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ධුරය හා නිවාස ඉදිකිරීම් හා මහාමාර්ග අමාත්‍ය ධුරය සඳහා පත්වීමත් සමගිනි.

මෙවන්වූ රාජ්‍ය බලයක් හිමිවීමත් සමගින් රටේ බහුතර ගම් ප්‍රදේශ තුළ උදාගම් සංකල්පය තුළින් නිවාස සංවර්ධනය සිදුකරන විට, ප්‍රේමදාස නිවාස සංවර්ධනයේ කොළඹ නාගරික නිවාස සංවර්ධනයේදී ප්‍රමුඛත්වය මාලිගාවත්ත වැනි ඔහු විසින් ඇරඹි ව්‍යාපෘතීන් සඳහා යොමු කළේය.
1980 වසර පමණ වනවිට මාලිගාවත්ත නිවාස සංවර්ධන ක්‍රියාවලිය සමස්තයක් ලෙසින් නිමා කෙරුණු අතර,එම නිවාස ව්‍යාපෘතියේ අවසන් අධියර නිමාවේ, මාලිගාවත්ත මහල් නිවාස ව්‍යාපෘතිය නිවාස ඒකක 1,560 කින් සමන්විත විය.

කොළඹ නගර මධ්‍යයේ, වගුරු බිමක් ලෙසින් පැවති මෙම භූමිය නව නගරයක් ලෙසින් සංවර්ධනය වීම හේතුවෙන් ප්‍රේමදාස මහතා මෙම ව්‍යාපෘතිය හඳුන්වා දෙනු ලැබුවේ, ‘යටකළ මහ වගුරු බිමකි – එහි ඉදිවුණු නව නගරයකි’ ලෙසිනි.

ප්‍රේමදාස මහතා මාලිගාවත්ත මහල් නිවාස ව්‍යාපෘතිය තුළින් සැබෑ ලෙසින්ම නව නගරයක් ජනගත කළේය.
දහසකට අධික ජනකායකට මෙහි ජීවත්වීම සඳහා අවශ්‍ය මූලික පහසුකම් සියල්ල මෙම නිවාස ව්‍යාපෘතිය ඇසුරේ බිහිවනු දැකීම ප්‍රේමදාස මහතාගේ අපේක්ෂාව විය. මෙහි පදිංචි අඩු ආදායම්ලාභීන් සහ අවම ආදායම්ලාභීන් සඳහා දෛනික ප්‍රජා කටයුතු ඇතුළු නිවාසලාභීන්ගේ විවිධවූ උත්සව සඳහා රැස්වීමට සීමිත ඉඩ පහසුකම් සහිත නිවාස ප්‍රමාණවත් නොවූ හෙයින්, වඩාත් ඉඩකඩ සහිත සියලු මූලික පහසුකම් සමගින් යුතු ප්‍රජාශාලා ඉදිකළ අතර, එය මාලිගාවත්ත නිවාස ක්‍රමයේදී මුල්ම වරට හඳුවා දෙනු ලැබුවේ ‘ප්‍රදීප ශාලාව’ නමිනි.

මාලිගාවත්ත නිවාස ක්‍රමය අශ්‍රිතව ප්‍රදීප ශාලාවන් දෙකක් නිර්මාණය වූ අතර, එයින් ප්‍රමාණයෙන් විශාල ප්‍රදීප ශාලාව නිවාසලාභීන්ගේ විවිධවූ උත්සව හා රැස්වීම් කාර්යයන් සඳහා භාවිත කළේය.

එයට කුඩා ප්‍රමාණයෙන් ඉදිවූ ශාලාව නිවාසලාභීන් ගේ අවමංගල්‍ය උත්සව සඳහා භාවිත කෙරිණි.
එමෙන්ම මාලිගාවත්ත නිවාස ක්‍රමය අශ්‍රිතව මුල් අවස්ථාවේ ඉදි වූ මුල්ම සෞඛ්‍ය මධ්‍යස්ථානය පසුව ආරෝග්‍ය ශාලාවක් බවට පත්වී අද වකුගඩු රෝගීන් සඳහා ප්‍රතිකාර කරන, උතුරු කොළඹ රෝහල බවට පත්ව ඇත.

එමෙන්ම මාලිගාවත්ත නිවාසලාභීන්ගේ දරුවන් සඳහා එදා ඉදිවූ පාසල, කොළඹ මරදාන ශ්‍රීමත් බාරොන් ජයතිලක විදුහල ලෙසින් දැන් වඩාත් පහසුකම් සහිතව වැඩිදියුණුව ඇත. තවද මේ ඇසුරේ දරුවන් සඳහා ක්‍රීඩා කිරීමට සැකසුණු ක්‍රීඩා පිටිය වඩාත් පහසුකම් සහිත ක්‍රීඩාංගණයක් බවට පත්වී, එය පසු කලෙක, ඒ ඇසුරේ ක්‍රීඩාකළ සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකික පාපන්දු ක්‍රීඩකයකු වූ පී.ඩී. සිරිසේන නමින් නම්කරන ලදී.

මාලිගාවත්ත නාගරික වැසියන්ගේ පාරිසරික අවශ්‍යතාවන් පිළිබඳ විශේෂිත අවධානයක් යොමුකළ ප්‍රේමදාස මහතා මෙරට නාගරික නිවාස ව්‍යාපෘතියක් ඇසුරේ පළමු වරට නිර්මාණයවූ ‘නාගරික වන ගොනුව’ මෙහි ඉදිකරන ලදී.

ගහකොළ සමගින්වූ නාගරික පරිසරයක් නිර්මාණය කිරීම උදෙසා, මාලිගාවත්ත නිවාස ක්‍රමයේ සෑම මාර්ගයක් දෙපස අනිවාර්ය වූ රුක් රෝපණයක් සිදුකළ අතර, ඒවා රැකබලා ගැනීම මග දෙපස නිවාසලාභීන්ගේ වගකීමක් බවට පත්කෙරිණි.

කලකට පෙර කොළඹ නගරයේ වගුරු බිම් ඇසුරේ ජීවත්වූ මෙම ජනතාව, තමන්ට හිමිකම්හි මහල් නිවසක් තුළින්, සිදුකළ දිවිපෙවෙතේ වෙනස තුළින් ඔවුන් ඉතා කෙටි කලකින් වඩාත් පිළිගත් සමාජ මට්ටමකට ප්‍රවිෂ්ට විය.

මෙම නිවාස සංවර්ධන වැඩසටහනේ තෙවන අදියර යටතේ ඉදිවුණු නිවාස සමූහයක් සමස්ත සමාජයේ ආදරය හා ළෙන්ගතුව හිමිකරගත් ජේ.ඒ. මිල්ටන් පෙරේරා, එච්.ආර්. ජෝතිපාල, ලතා වල්පොල වැනි ගායක ගායිකාවන් රැසකට සහ වෙනත් සමාජ ප්‍රභූන් වෙත, ප්‍රේමදාස මහතාගේ අදහසක් පෙරදැරිව එහි නිවාස හිමිකම ලබාදීම හේතුවෙන්, මාලිගාවත්ත නිවාස ක්‍රමය සඳහා වැඩි සමාජ ආකර්ෂණයක් ලැබිණි.

එමෙන්ම මෙම නිවාස සංවර්ධන කාර්යයන් සිදුකරන ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කාර්යාලයක් මෙන්ම එකී නිවාස ක්‍රමයේ පිළිසකර කාර්යයන් හා නඩත්තු කාර්යන් සිදුකළ, පොදු පහසුකම් මණ්ඩලයේ කාර්යාලයක් මාලිගාවත්ත නිවාස ක්‍රමය අශ්‍රිතව ස්ථාපිත වූ හෙයින් නිවාසලාභීන් හැමට වඩාත් සහනයක් ගෙනදුණි.

මෙයට අමතරව, වැඩි රාජ්‍ය මැදිහත් වීමක් සමගින් සියලු පාර්ශ්වයන්ගේ ආකර්ෂණය මෙම නිවාස ව්‍යාපෘතිය වෙත යොමුකර ගැනීම උදෙසා, මෙරට ප්‍රමුඛ පෙළේ රාජ්‍ය ආයතන හා අමාත්‍යාංශ මාලිගාවත්ත ප්‍රවිෂ්ටයට රැගෙන යාම ප්‍රේමදාස මහතාගේ අදහසක් විය. මෙම අදහස සපුරාලමින්, තම අමාත්‍යාංශය යටතේ පරිසර අධිකාරිය ස්ථාපිත කළ අවස්ථාවේදී, එහි ප්‍රධාන කාර්යාලය මුලින්ම පිහිටුවනු ලැබුවේ මාලිගාවත්ත නිවාස සංකීර්ණය ඇසුරේය.
ඉන් අනතුරුව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය මෙහි ස්ථාපිත විය.

එමෙන්ම, පසු කලෙක කොළඹ නගර සංවර්ධනය අරමුණු කොට සාර්ථකව, සැලසුම්ව ක්‍රියාත්මක වූ පංචිකාවත්ත ත්‍රිකෝණ වැඩසටහන සඳහා පාදක වූයේ, මෙම මාලිගාවත්ත නිවාස සංවර්ධන වැඩසටහනයි.

තවද, මෙම නාගරික සංවර්ධන ක්‍රියාපිළිවෙත මෙරට නාගරික සංවර්ධනයට මෙන්ම, 70 දශකයේ ලොව සංවර්ධනය සඳහා මූලික වූ රටවලද නව අත්දැකීමක් විය.

නිවහන හා ප්‍රජාව මුල්කොටගත් මාලිගාවත්ත නාගරික සංවර්ධන ක්‍රියාවලිය, අඩු වැඩි වශයෙන් ලොව විවිධ වූ රටවල් විසින් අනුගමනය කර ඇති අතර, මැලේසියාවේ ක්වාලාලම්පුර් නගර සංවර්ධනයේදී මෙම සංවර්ධන අත්දැකීම දායක කොට ඇත.

මාලිගාවත්ත මහල් නිවාස ක්‍රමය ඉදිවී, දැන් වසර පනහක් ඉක්ම ගොස් ඇත. වත්මන් සමාජ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් මෙම නිවාස ක්‍රමයේ අවශ්‍ය ප්‍රතිසංස්කරණයන් සිදු නොවීම නිසා, එහි ජීවත්වන නිවාසලාභීන් විසඳුම් නොමැති ප්‍රශ්න රැසකට මුහුණපා ඇත. අද අවශ්‍ය වන්නේ එදා ප්‍රේමදාස මහතා මෙන් මෙම ජනතාව මුහුණදී ඇති මානව ජනාවාස ගැටලුවට විසඳුම් ලබාදිය හැකි පාලකයෙකි. එවැන්නෙකුගේ පැමිණීමේ අපේෂාවෙන් ජනතාව නොඉවසිල්ලෙන් බලා සිටී.

ලක්විජය සාගර පලන්සූරිය

SendShareShare
Previous Post

කොටහේන් පාසල් සිසුවිය! සබරගමුවේ සරසවි සිසුවා! දැන් විද්‍යාපීඨයේ සිසුවිය! මොකක්ද මේ රටට වෙන්න යන්නේ? Sri Lanka Latest News

Next Post

කවුරුත් නොදන්නා ඇගේ සත්‍ය කතාව! Sri Lanka Latest News

MORE NEWS

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

ගාල්ල පොලිස් වසමෙන් වාර්තා වූ දේපළ සොරකමක සැකකරුවෙකු ලෙස නම් කර සිටි පුද්ගලයෙකුට අමානුෂික අන්දමින් පහරදීමේ සිදුවීමක් ෆේස්බුක් (Facebook) ඇතුළු...

Read more
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.