• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කවුරුත් නොදන්නා ඇගේ සත්‍ය කතාව! Sri Lanka Latest News

June 1, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
කවුරුත් නොදන්නා ඇගේ සත්‍ය කතාව! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමාජ මාධ්‍ය හරහා සංසරණය වන ඩබ්ලිව්.එම්. එස්. ෆොන්සේකා හෙවත් වන්නිආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා නමැති ජනාධිපති අරමුදල් අවභාවිත කතාවේ නොකියාම සිටින්නට සිටි දැන් නොකියාම බැරි සත්‍යය මෙසේ ගොනුකරමි. Sri Lanka Latest News

ලංකාවේදී නොකරන සිංගප්පූරුව හෝ එංගලන්තය වැනි රටක පමණක් කළ හැකි හදවත් සැත්කමක් මාලනී ෆොන්සේකාට කළ යුතු බව අනාවරණ වූයේ 2022 මැද භාගයේදීය.

ඇයගේ හදවත් ආශ්‍රිත රෝග සඳහා බෙහෙත් කරන වෛද්‍ය මොහාන් රාජකරුණා මහතාගේ උපකාරයෙන් චෙන්නායි ඇපලෝ රෝහලේ මේ සඳහාම කීර්තිමත් වෛද්‍ය සායි සතිශ් තෝරා ගැනුණේ අඩුම වියදමක් දරා කරගත හැකි එකම ස්ථානය එය බව සොයාගැනීමෙන් පසුවය.

වෛද්‍ය මොහාන් රාජකරුණා
වෛද්‍ය සංජය හෙයියන්තුඩුව
දමයන්ති ෆොන්සේකා
රවීන්ද්‍ර රන්දෙණිය
ජයන්ත ධර්මදාස

වැනි වෙදදුරු සහ නෑ මිතුරු කණ්ඩායමක් එකතු කරගත් Fonseka TAVi යනුවෙන් නිර්මාණය කරගත් Whatsapp group එකක් මගින් සියලු කාරණා වෛද්‍ය සායි සතිශ් දැනුවත් කරන්නට යෙදිණි.

මෙම සැත්කමට මාස තුනක් පසුවන තෙක් අඛණ්ඩව මේ හරහා ඇයගේ දුක සැප සොයා බැලුණි. එමෙන්ම මේ සඳහා වැයවන මුදල ලංකා මුදලින් රුපියල් කෝටි එකහමාරකට වඩා වැඩි බවද ඇස්තමේන්තු විය.

විවිධ රෝගාබාධ හේතුවෙන් බොහෝ මුදල් වැයකර තිබූ නිසා ඇයට එම මුදල සොයාගැනීම අපහසු විය. සෑම විටකම ඇයගේ අසනීප අවස්ථාහිදී ළඟ සිටි හිතවත් කිහිප දෙනෙක්ම එවක සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දන්වන ලෙස බලකර සිටියහ.

සිනමාවේ පෙම්වතා මුත් සැබෑ ජීවිතයේ හිතවතා වූ රවීන්ද්‍ර රන්දෙණිය මහතා මගින් සියලු ලිපි ලේඛන සමග මේ කරුණු ජනාධිපතිතුමන්ට, සමන් ආතාවුදහෙට්ටි මහතා මාර්ගයෙන් යොමුකර හමුවක් ඉල්ලා සිටියෙමු.

අසනීපයෙන් පසුවන නිසා නොඑන ලෙස පවසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා, මාලනි ෆොන්සේකා දුරකතනය හරහා අමතමින් අවශ්‍ය කාරණය ඉටුකර දෙන බවට පොරොන්දු විය.

රටේ ජනාධිපතිතුමන් වශයෙන් ඔබ කරන ලද උපකාරයටත් උපහාරයටත් දැයේ ප්‍රණාමය.
මාලනී ෆොන්සේකා ජාතික වස්තුවක් බවට විවාදයක් නොමැත.

අප රටේ සෑම රාජ්‍ය නායකයෙක්ම එය ඉහළින් පිළිගත්තා පමණක් නොව සම්මානයෙන් පුදකරමින්ම අවශ්‍ය විටක උපකාර කරන්නටද නොපැකිලව කටයුතු කළ බව මම මෙහිදී සඳහන් කරමි. ශ්‍රී ලංකා ජනරජයේ හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා මැතිනිය සහ මහින්ද රාජපක්ෂ මහතාවද ස්තුතිපූර්වකව සිහිපත් කරමි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමන් එම අවස්ථාවේ ලබාදිය හැකි උපරිම මුදල ලෙස රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාදීමට කටයුතු කළ බව කෘතවේදීව මම සඳහන් කරමි.
මෙය මුදල් වශයෙන් ඇපලෝ රෝහලට ගෙවන ලද්දේ එවක ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් විසින් වන අතර, මාලනී ෆොන්සේකාට එය අනුමත කළ ලිපිය ලබාදුණි.

වියදම් අවම කිරීමට ඇය මේ ගමන තනිව ආවාය. එවක ඉන්දියාවේ සංචාරයක සිටි මම ඇය බලාපොරොත්තුව චෙන්නායි මහාබෝධියේ නැවතී සිටියෙමි.
අපේ නිළි රැජිනද මහාබෝධිය නවාතැන කරගත්තේ එහි වැඩවාසය කළ ස්වාමින් වහන්සේගේ ආශීර්වාදය මැදය.

අප පසුදා ඇපලෝ රෝහලට යන විට අප පිළිගත්තේ ගනේෂ් මහතා වන අතර, අප ආපසු එනතෙක්ම ඔහු අපේ භාරකරු විය.

මාලනිය හෙළ සිනමා රැජින බවත් ඇය කලකට පෙර ශිවාජි ගනේෂන් සමග‘පයිලට් ප්‍රේමනාත්’ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය බවත් දැනගත් ඇපලෝ රෝහල විස්මයට පත්විය. ඇත්තෙන්ම ඇපලෝ රෝහල ඇයට ඉහළම ගෞරවය පුදකරන ලදී.

විශේෂිත කණ්ඩායමක් යටතේ ඇයව රෝහල් භාරයට ගෙන ඉතා උසස් වර්ගයේ Tavi එකක් (ටයිටේනියම්වලින් නිමකළ) යොදන්නට තීරණය විය.
ඒ සමගම අප සාකච්ඡා පවත්වන කාලයේදී අයකළ රෝහල් ගාස්තු (අප යන කාලයේ එය වැඩි වී තිබිණි) එලෙසම අයකරන්නත් නව Tavi එක සඳහා වැයවන වැඩි මුදල වෛද්‍ය සායි සතිශ් අරමුදලෙන් ගෙවන්නටත් තීරණය විය.

මෙය අප යෝජනා කළ Tavi මෙන් දෙගුණයක් මිලෙන් ඉහළ එකක් විය.
මවුබිමෙන් ඈත එක ඉන්දීය නළුවෙක් හා රඟපෑ පමණින් ඇයට මේ තරම් සැලකුවා නම් ඇය ඉන්දියාවේ නිළි රැජින නම්…. මම තනිවම සිතුවෙමි.
දෙසැම්බර් 07 වැනිදා සිට අත්‍යාවශ්‍ය සියලු පරීක්ෂණ සිදුකෙරිණි.

දෙසැම්බර් 10 වැනි දින සැත්කම සිදුකෙරිණි. දෙවියෙක් මම මෙලොව දුටුවා නම් ඒ සායි සතිශ් දොස්තර මහතා බව මට හැඟුණේ ශල්‍යාගාර දොරකඩ ඉතිපිසෝ ගාථාව කියමින් තනිව හඬන මට සැණින් දිවවිත් Everything is ok කියා පැවසූ විටය. මාලනී ෆොන්සේකා පසුවදාම මට කතා කළාය.
දෙසැම්බර් 16 වනවිට ඇය යථා තත්ත්වයට පත්වූවාය.

චෙන්නායිහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පැමිණ පොරොන්දු වූ මුදල් ගෙවන ලදී. ඉතිරිය මාලනී අක්කාත් සතිශ් දොස්තර මහතාගේ පදනමත් දරන ලදී.
දවස් හතක්ම දැඩි සත්කාර ඒකකයේ තබා පැයෙන් පැයට සුවදුක් විමසා රෝහලේ වාහනයෙන් ආරක්ෂකයන් දෙදෙනෙක් සමග ගුවන්ගත වනතුරුම රැකවරණය දී අපේ නිළි රැජින ආපසු මවුබිම බලා ඉන්දියාවේ ඇපලෝ රෝහල පිටත් කළාය.

නැවත මාස තුනකින් පැමිණ සියල්ල පරීක්ෂා කරවා ගන්නා ලෙස දුන් උපදෙස් මත අප දෙදෙනා නැවතත් ඇපලෝ රෝහලට ගියෙමු. එවර සියලු පරීක්ෂණ සහ සේවාවන් නොමිලයේ ලබාදුන් බව මම කෘතවේදීව සිහිපත් කරමි.

මාලනී අක්කාගේ අසනීප අවස්ථාවලදී සිටි මා මෙන්ම ඇයට සෙනෙහසත් ශක්තියත් වූ චන්දිකත්, කියන හැම දේම කර දුන් මංජුවත්, රෝහල් දොරකඩට වී නිබඳ බලා සිටි නිල්හාන්වත් ආදරයෙන් සිහිපත් කරමි.

අපට නැති වුණේ මාලනී ෆොන්සේකා නොව යළි කිසි කලෙකවත් නොලබන රට ජාත්‍යන්තරව කීර්තිමත් කළ රටේ අගනාම වස්තුවකි. අදටත් එයට මිලක් කිව හැක්කේ කාට කෙසේදැයි නොදනිමි. ඇය සිත් තැවුලෙන් කනගාටුවෙන් සිටියේ වරක් ගෞරවයෙන් ඇය පිළිගත් ස්ථානයකදීම එම ගරුත්වය කෙලෙසීම පිළිබඳවයි.
මෙහි දැක්වෙන ඡායාරූප මේ කතාව තීව්‍ර කරන අපේක්ෂාවෙන් එක් කළෙමි.

(රේඛා වික්‍රමසිංහගේ ෆේස්බුක් පිටුවෙනි)

SendShareShare
Previous Post

කවුරුවත් හිතුවෙවත් නැති කාටවත් කරන්න බැරි ප්‍රේමදාසගේ මාලිගාවත්ත වික්‍රමය! Sri Lanka Latest News

Next Post

අනෙක් හැම විමර්ශනයක්ම තිතට යනවා! අත්අඩංගුවට ගන්නවා! හැබැයි කිසිම පරීක්ෂාවක් නොකර පන්නපු කන්ටේනර් 323 ගැන හොයන්න කමිටුවක් පත් කරලා මාස 4ක් වෙනවා! තවම විමර්ශන අවසන් කරලා නෑ! I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.