• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සාදුකින් පෙළෙන උන් – දැන් ඉතින් නැගිටියව් – අන්තිම සටනට සැරසියව්…! කොළඹ උන්ගෙ නොවෙයි ගමේ ගෑනුන්ගෙ සටනට පෙළගැසෙව්…! Sri Lanka Latest News

January 31, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති රට පුරා විරෝධතාවක් අරඹයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රාත්‍රිය නිහඬය. නමුත් ඒ නිහඬතාවය තුළ දරුවකුගේ කුසගින්නක හඬක් සැඟවී ඇත. මුළු නිවසම පිරී ඇත්තේ ආදරයේ උණුසුමෙන් නොව ගෙදරම බිලිගන්නා මත්පැන්වල දුර්ගන්ධයෙනි.Sri Lanka Latest News

අද බොහෝ ගම්වල සහ නගරයේ අඩු ආදායම්ලාභී පවුල් අතර ව්‍යාපාරයක් ලෙස ව්‍යසනයක් ලෙස මත්පැන් පැතිරෙමින් පවතියි. කොළඹ නැතිවුණත් දුෂ්කර ගම්වල බිරින්දෑවරු සහ දරුවන් මේ මත්පැන් නිසා අන්ත අසරණ තත්ත්වයට මුහුණ දෙයි. එක අතකින් නිරපරාදේ ගොදුරු වන්නේ අහිංසක දරුවන්ය. මේ මත්පැන් ව්‍යසනයට ගොදුරු වන පවුල්වල දරුවන්ට ලැබෙන්නේ ආරක්ෂාවක් නොව අනාගතයක් නැති පාරක ආරම්භයකි. දරුවන් බඩගින්නේ කෑගසයි. එහෙත් ලැබෙන මුදල් යොදවන්නේ තවත් කසිප්පු සැකසීමටයි. මෙය පුංචියට සරලව නොතැකිය යුතුයි.

විනාශ වන්නේ මුළුමහත් සමාජයකි. ගමේ හදන කසිප්පු, එම ගමේම අහිංසක මිනිස්සුන්ගේ ජීවිතවලට තර්ජන එල්ල කරයි. ගමේ සියල්ලන්ම එකතුවී කඳුළු හෙළන දරුවන් සහ බිරින්දෑවරු වෙනුවෙන් හඬ නැගිය යුතුය. පසුගියදා මුළු ගමක්ම පාරට බැස්සේ ඒ වේදනාව හදවත්වල දරාගනිමිනි. දරුවකුගේ අනාගතය කිසිදා මත්පැන් බඳුනක් නිසා තැවෙන්න ඉඩ නොතැබිය යුතුය.

පසුගියදා මේ වෙනුවෙන් මිහින්තලේ ගම්වාසී කාන්තාවන් හා දරුවන් පොලිසිය ඉදිරිපිට විරෝධතාවක් පවත්වන්නට වුණා. මේ බව දැකගන්නට ලැබීමත් සමග අපට ඇතිවුණේ කනගාටුවක්. ඒ විරෝධතාවයේ ගොඩාක් තැන්වල කියැවුණේ මත්පැන් නිසා ගෙයක් තුළ දැවෙන ගිනිදැල්ය. මේ කාන්තාවන් චෝදනා එල්ල කළේ පොලිස් නිලධාරීන්ටයි. කසිප්පු පැකට් තොගයක් අරගෙන ඇවිත් මිහින්තලය නගරයේ කාන්තාවන් දෙවනත් කළේ පොලිසියට බැණවදිමිනි.

‘අපේ ළමයින්ට නිදාගන්න බැහැ. පාඩම් කරන්න බැහැ. උදේ පාන්දරම තාත්තා කසිප්පු බොන්න යනවා…’ මෙය ඔවුන්ගේ හදවත්වල දැවෙන ප්‍රශ්න බවට පත්ව තිබුණා. මේ ප්‍රශ්න ගේ තුළින් පටන්ගෙන සමාජය දක්වා පැතිර තිබුණා. කිසිම වරදක් නොකරන අහිංසක දරුවන් මේ නිසා දඬුවම් විඳියි. කසිප්පු ව්‍යසනය නීතියෙන් පමණක් නොව සමාජය එකමුතුවී නවත්වන්නට කාලය පැමිණ තිබේ. කසිප්පු විකිණීම නීතියෙන් තහනම් වුවත් බොහෝ ගම්මානවල මේ මොහොතේදීත් විවෘතව එය සිදුවෙයි. මිහින්තලේ අහිංසක කාන්තාවන් මේ වෙනුවෙන් හඬනැගුවා.

‘සර්, බබා වගේ කතාකරන්න එපා. මේ බබාගෙන් පගාව අරගෙන සර් බබා වගේ කතාකරනවා. මේක තමයි දැන් කසිප්පු සෙල්ලම. වයසක ගෑනුන්ටත් කසිප්පු දෙනවා. පොලිසියට පගාව දීලා තියෙන්නේ. පන්දහයිද දහදහයිද විසිදහයිද දෙනවා. පොලිසිය අපට ඇවිත් කියනවා කසිප්පු පැකට් අරගෙන පොලිසියට එන්න කියලා. කාන්තාවන් විඳින දුක තමයි මේ අද කියන්නේ. බබා කියන එක්කෙනා කසිප්පු විකුණනවා. මේ ගමේ දහයක් විතර මැරිලා ඉන්නවා. කසිප්පු බීලා පස්දෙනෙක් අසනීප වෙලා. පොලිසියෙන් ඇවිත් ක්‍රියාමාර්ගයක් ගන්නේ නැත්තේ ඇයි?

එයාලා කියනවා අපිට පොලිසියට යන්නලු. කසිප්පු පැකටුත් අපේ අතේ තියෙනවා. උදේ ගත්තු ඒවා මේ තියෙන්නේ. කසිප්පු විකුණන ඒවා. පොලිසියෙන් කියනවා අපි සාස්තර කියනවලු. බොරුලු කියන්නේ. අපි ඩී.අයි.ජී.ට කිව්වත් ගණන් ගන්නේ නැහැ. අපිට ළමයෙකුට රෑට නිදිය ගන්න බැහැ. වතුර ටික නැහැ. ගෙයක හරියට ඉන්න නැහැ. ටොයිලට් එකක් නැහැ. රෑ දවල් දෙකේම බීලා පිරිමින්ගෙන් කරදරයි. නිදහසේ ළමයෙකුට පාඩම් කරන්න නැහැ. ළමයින්ට නිදියගන්න බැහැ. මිහින්තලේ පොලිසියෙන් ගණන් ගන්නේ නැහැ. දැන් ජීප් දෙකක් ආවා. එයාලා ඇවිත් කසිප්පු එක්කෙනාත් එක්ක කතා කරලා යනවා. ඒ කියන්නේ මෙයාලා කසිප්පු විකුණන්න අපි නඩු කන්න. එක තාත්තා කෙනෙක්වත් හම්බ කරලා දෙන්නේ නැහැ.’

‘අපි කාන්තාවන් ළමයි එක්කෙනෙක්වත් කසිප්පු බොන්නේ නැහැනේ. රුපියල් 1000ට 2000ට මේ බබා කියන එක්කෙනාට දීලා අපේ මිනිස්සු අපි එක්ක රණ්ඩු කරනවා. ගෙවල්වල ගෑනුන්ට නිදහසක් නැහැ. දරුවන්ට නිදාගන්න විදියක් නැහැ. පාන්දර පටන්ගත්ත වේලේ ඉඳලා රෑ දහය එකොළහ වෙනකල් බොනවා. කසිප්පු විකුණන්න දෙන්න බැහැ. අපි පොලිසියට කෝල් දෙනකොට කෝල් එක කට් කරලා බබා කියන කෙනාට කියනවා. මෙයා දන්නේ කොහොමද මිහින්තලේ පොලිසියෙන් තමයි මෙයාට කෝල් ආවේ නම්බරේ ඕනේ නම් දෙන්නම්. අපේ කෝල් කට් කරලා එයාට ගත්තා. අනුරාධපුර පොලිසියෙන් අවිත් ළමයෙක් වීඩියෝ කරනවා කියලා මාව අරගන්නවා. මේ ළමයි ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ යවන්න සල්ලි නැහැ. ළමයින්ට පොත් අවශ්‍ය දේවල් ගන්න ඕනේ….’

‘පොලිසියේ ස්ථානාධිපතිතුමාගෙන් වැඳලා ඉල්ලන්නේ මේක නවත්තලා දෙන්න. අපේ දහයක් ඉන්නවා ලෙඩ වෙලා. ඇයි අපි කුතානි කියලා අපිව ගණන් ගන්නේ නැත්තේ? ඒක තමයි මේක වෙලා තියෙන්නේ. අපි උද්ඝෝෂණය කරනවා. අපිට සාධාරණයක් ඉටුකරන්න ඕනේ. අපේ ගමේ කිප දෙනෙක්ම ලෙඩවෙලා මැරෙන්න ඉන්නේ. අපි කියන්නේ මේක කරන්න එපා. අපිට කසිප්පු එපා. සියඹලාගස්යාය ගමේ කසිප්පුමයි විකුණන්නේ. කසිප්පු එපා. මේවට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න. අපේ ළමයෙකුට ඉගෙනගන්න පොතක් ගන්නවත් සල්ලි නැහැ. මේ ගමේ කසිප්පු නැත්තටම නැති කරලා දාන්න ඕනේ. දැන් ආවා පොලිස් ජීප් දෙකක්. අපේ දිහා බලලා හිනාවෙවී යන්නේ ඇයි? අපට නීතියක් නැද්ද? අපි මිනිස්සු නෙවෙයිද? ඡන්දේ දාන්න විතරද ජනතාව ඉන්න ඕනේ? අපි කුතාඩි කියලා අපේ ඇඟේ මොනව හරි අඩුවෙලා තියෙනවාද? පොලිසිය කියනවා කුතාඩි ගම්මානෙලු. කුතාඩි නිසාද අපට සලකන්නේ නැත්තේ…’

‘මිහින්තලේ ප්‍රධාන පාර අයිනක කසිප්පු විකුණනවා. පොලිසිය වැඩක් නහැනේ. අපේ දරුවෝ රැකගන්න ඕනේ. අපිට නිදහසේ ජීවත් වෙන්න ඕනේ. අපි පොඩි දෙයයි ඉල්ලන්නේ. රටේ තියෙන දෙයක් ඉල්ලන්නේ නැහැ. කසිප්පු අපේ ගම්මානෙට එපා. අපේ සහෝදරයෝ මැරෙන්න යනවා. පවුල් විනාස වෙලා. පහ වසර හය වසරට ගියාට පස්සේ ඒ ළමයි ඉස්කෝලේ යන්නේ නැහැ. උදේ පාන්දර පහ හමාරට අපේ මිනිස්සු කසිප්පු ගන්න යනවා. මේ මනුස්සයාව අරන් යන්න. අපි සාක්ෂි එක්කම ඉදිරිපත් කරන්නේ. අපේ දරුවන්ටවත් නිදහසේ ජීවත් වෙන්න ඉඩදෙන්න…’

‘අපේ තාත්තාලා බීලා ඇවිත් රණ්ඩු කරනවා. රෑට කන්නවත් නැහැ…’ එම ගම්මානයේ දැරියක් හැඬූ කඳුළින් පවසා සිටියා.
‘මට ළමයි හතරදෙනෙක් ඉන්නවා. සාමාන්‍ය පෙළ ලියන ළමයෙක් ඉන්නවා. අපි පාන්දර හතරට නැගිටින්නේ. ළමයි ඉස්කෝලේ යවලා එක එකාගේ කුලී වැඩ කරලා ගේන සල්ලිවලින් අනුන්ට කඹුරන්නද ඕනේ. අපිට සාධාරණයක් ඉෂ්ට කරන්න…’

බෝඩ් ලෑලි අල්ලාගෙන ඔවුල් ඉල්ලා සිටියේ ‘අපිට නීතිය ඉටුකරනු’ ‘අපිට කසිප්පු එපා’ යනුවෙනි.
මේ ගමේ වෙසෙන බොහෝ දෙනකු කසිප්පු නිසා පීඩාවට පත්ව සිටියි. ඒ බව බොහෝ දෙනෙක් සමාජ මාධ්‍යයේ අදහස් දක්වා තිබුණා.

විරාශා සෙව්වන්දි
‘ඔය ගෑනු ටිකට තියෙන කොන්ද අනෙක් ගෑනුන්ට නැති එකයි අවුල… ඔය සියඹලාගස්වැව වේලංකුලම ඔය දේම කසිප්පු ජයටම විකුණනවා. ඒත් පොලිසිය සද්ද නැහැ’

කිෂානි පෙරේරා
‘හුඟක් තැන්වල මත්පැන් විකුණන්නේ ගමේ පොලිසිය දැනුවත්ව. ඒකට කරන්න වැඩපිළිවෙළක් නැද්ද?’

මේ කාන්තාවන් තම නිවෙස් ඇතුළේ දැවෙන ගින්දර අපට මෙලෙස කියාපෑවේ. මිහින්තලේ කියන්නේ එක් අතකින් ලංකාවේ ප්‍රධාන පූජා නගරයක්. මේ කාන්තාවන් විඳින දුක දරුවන් විඳින දුක දැකලා අදාළ බලධාරීන්ගේ ඇස් ඇරේවා කියලා අපට කියන්න තියෙන්නේ. මේ මිනිස්සු අන්ත අසරණයි. එක අතකින් බඩට දාගන්න බත් ඇටයක් උයාගන්න බැහැ. සමහර කාන්තාවන් මේ විරෝධතාවට ඇවිත් තිබුණේ අතදරුවොත් අරගෙනයි. මේ මිනිස්සු විඳින දුක දැකලා, පොලිස් නිලධාරීන් අල්ලසට යටවෙලා නම් ඒ ගැන සාධාරණ පරීක්ෂණයක් කරලා නීතිය හරියට ක්‍රියාත්මක කරන්න කියලා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. අහිංසක දරුවන්ගේ මුළු අනාගතයම කඩාකප්පල් වෙන්න නොදී රැකගන්න. බහුතරයක් ගම්වල කසිප්පු විකුණන්නේ පොලිසිය දැනුවත්ව කියලා චෝදනා එල්ල වෙනවා. මේවාට විසඳුමක් ලැබෙන්නේ නැද්ද කියලයි බලධාරීන්ගෙන් අපටත් අහන්න තියෙන්නේ. අයිස්, ගංජා, හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය වැටලුවාට කසිප්පු ගැන බලධාරීන්ගෙ වැඩි අවධානයක් යොමුව නැති බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ නිසා මේ අහිංසක මිනිස්සුන්ගේ දුක් ගින්දර නිවන්න ඉක්මනින් බලධාරීන්ගේ ඇස් ඇරේවා.

අපි අහන්නේ දරුවකුගේ ජීවිතයට තියෙන්නේ කසිප්පු පැකට්ටුවකටත් වඩා අඩු වටිනාකමක්ද? මිහින්තලේ පූජනීය භූමිය අද කඳුළු ගඟක් බවට පත්වවෙලා. ඔවුන් විඳින මේ දුක දකින්න බලධාරීන්ගේ ඇස් විවර වේවා. අහිංසක දරුවන්ගේ හෙට දිනය රැකගැනීම අප කාගෙත් වගකීමයි.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

2026 ගෝලීය ත්‍රස්තවාදය ගැන ත්‍රස්ත විශේෂඥ මහාචාර්ය රොහාන් ගුණරත්නගේ පුරෝකථනය! Sri Lanka Latest News

Next Post

උඩින් ආවා – උඩින්ම ගියා…! ඉරණවිල අබිරහස! Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.