ශ්‍රී ලංකාවට පැමිණි ඇමෙරිකා සංචාරකයකු මෙරටට ආ අවස්ථාවේ මුහුණ දීමට සිදු වූ දුෂ්කරතා හේතුවෙන් පැමිණ පැය 05 කට පසු ආපසු ගොස් ඇතැයි යනුවෙන් වාර්තා වූ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ෂණයක් සිදු කරන ලෙසට සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියට ලබා දුන් උපදෙස් අනුව මෙම පුළුල් විමර්ශනය ආරම්භ කර ඇති බවද එම අමාත්‍යාංශය කියා සිටී.
මෙහිදී සංචාරකයකු ලෙස පැමිණි අමෙරිකාවේ ජෝර්ජ් නැමැත්තා සදහන් කරන්නේ තමන් ‘සික්ස් ලයින්’ නැමැති කුලී රථ සේවාවක් පවා ඔන්ලයින් ක්‍රමයට වෙන් කර ගත් බවකි.
නමුත් ලංකාවේ සික්ස් ලයින් යනුවෙන් කුලී රථ සේවාවක් නොමැති බැවින් මෙම සංචාරකයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වනවිට බරපතළ සැකයක් මතුව ඇත.










