• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අයවැයෙන් පස්සෙ කරදර කාලෙ ඉවරයි? පෙන්නයිද බැසිල් මැජික් මෙදා පොටේ!

October 12, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
බැසිල් වහාම පාර්ලිමේන්තු එන්න ඕනෑ: රාජ්‍ය ඇමැතිගෙන් ඉල්ලීමක්
Share on WhatsAppShare on Facebook

රටේ ජීවනබර අහස උසට නැග ඇත. එය සැබෑවකි. රටේ සෑම කෙනකුම ජීවත්වන්නේද ඉතාම අපහසුවෙනි. කොවිඩ් වසංගතය හමුවේ බොහෝ දෙනාගේ ජීවන මාර්ග අවහිර වී ඇති අතර ඒ හරහා ඇති වූ ආර්ථික අවපාතය රටට ඉතාම තදින් බලපා ඇත. දැන් සෑම කෙනකුටම අවශ්‍යවන්නේ මේ සඳහා ස්ථිර සාර විසඳුමකි. ඉක්මනින් සුපුරුදු ජීවන තත්ත්වයට පැමිණීම බොහෝ දෙනාගේ එකම අරමුණ බවට පත්ව ඇත. දැන් සෑම දෙනාගේම බලාපොරොත්තුව වී ඇත්තේ ලබන මාසයේදී ගෙන ඒමට බලාපොරොත්තුවන අයවැය හරහා තම ගැටලුවලට ස්ථිරසාර විසඳුම් ලැබෙනු ඇති බවය. කොවිඩ් වසංගතය හමුවේ ඇති වූ ආර්ථික බලපෑම සමස්ත ලෝකයටම ඉතාම තදින් බලපා ඇත. ශ්‍රී ලංකාව වැනි සංචාරක කර්මාන්තය මූලික කර ගත් රටකට එවැනි වටපිටාවක ඇතිවන බලපෑම ඉතා වැඩිය. එසේ වුවද, කොයි ආකාරයෙන් හෝ මීළඟ අයවැය හරහා ජනතාවගේ සුපුරුදු ජීවන තත්ත්වය ඇති කරවීමට හැකි සෑම පියවරක්ම ගැනීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ අරමුණ වී ඇත.

ඒ සඳහා අවශ්‍ය අඩිතාලම සකස් කිරීමට පසුගියදා මහබැංකු අධිපති අජිඩ් නිවාඩ් කබ්රාල් මහතා පියවර ගත්තේය. ඒ ඉදිරි මාස හය සඳහා රජයේ ආර්ථික සැලැස්ම ඉදිරිපත් කරමිනි. එම සැලැස්ම ඉදිරිපත් කිරීම සඳහා රට මුහුණ දී තිබෙන ආර්ථික තත්ත්වය පියවර කිහිපයක් යටතේ සලකා බැලීමට මහබැංකු අධිපතිවරයා කටයුතු කර තිබිණි. කබ්රාල් මහතා ප්‍රකාශ කළේ ආර්ථිකය වර්ධනය අඩාළ වීම කෙරෙහි බලපාන කරුණු කිහිපයක් ගවේෂණය කිරීමට තමන්ට හැකි වූ බවය.

මන්දගාමී ආරථික වර්ධනය, පීඩාවට පත්ව ඇති ව්‍යාපාර, අනපේක්ෂිතව ඇති වූ දරුණු වසංගතය ආර්ථිකයට කළ අහිතකර බලපෑම, විදෙස් විනිමය සංචිත හිඟවීම, රුපියල අවප්‍රමාණය පිළිබඳ ඇති වූ හදිසි බිය, අවප්‍රමාණ වීම විදේශීය ණය ගෙවීමට විශාල බලපෑමක් වීම සහ භාණ්ඩාගාර බිල්පත් තොගය ඉහළ යාම වැනි කරුණු පිළිබඳව ඒ අනුව විශේෂ අවධානය යොමු කිරීමට මහබැංකු අධිපතිවරයා පියවර ගෙන තිබිණි.

ඊට අමතරව ආනයනකරුවන් භාණ්ඩ තොග රැස් කිරීම සහ විදේශ විනිමය රඳවා ගැනීම, දේශීය සහ විදේශීය මාධ්‍යයන් එදිරිවාදීව පළ කරන වාර්තා නිසා විශ්වසනීයත්වය බිඳ වැටීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අභියෝගයට ලක් වීම මෙන්ම නොපියවූ ස්වෛරී බැඳුම්කර නිසා රාජ්‍ය ණය පත් වූ අවදානම වැනි කරුණු කෙරෙහිද අවධානය යොමු කළ බව කබ්රාල් මහතා ප්‍රකාශ කළේය.

ඒ තත්ත්වයන් හමුවේ රට බරපතළ ආර්ථික කඩා වැටීමකට ලක් වී ඇති නමුත් නව ජවයකින් යුතුව නැවත රට ගොඩ නැඟීම සඳහා කාල රාමු ත්‍රිත්වයක් යටතේ සැලැස්මක් ඉදිරිපත් කිරීමටද කටයුතු කළේය. එහි මුල් අදියර මාස හයක් තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ ඔක්තෝබර් 01 වැනිදා සිට 2022 වසරේ මාර්තු 31 දක්වා කාලය තුළය. එහි දෙවැනි සැලැස්ම වර්ෂයක කාලයක් තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ 2022 වසරේ ජනවාරි 01 වැනිදා සිට 2022 වසරේ දෙසැම්බර් 31 වැනිදා කාලය තුළය. ඉන් අනතුරුව ඉතිරි සැලැස්ම ක්‍රියාත්මක වන්නේ දීර්ඝකාලීන සැලැස්මක් ලෙසටය.

එමෙන්ම ඉදිරි මාස හය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත ආර්ථික සැලසුම් රැසක්ද එහිදී ඉදිරිපත් කිරීමට මහබැංකු අධිපතිවරයා කටයුතු කළේය. ඒ අනුව ණය නොවන මුදල් ප්‍රවාහයන්ට ප්‍රමුඛත්වය දීම හරහා විදෙස් ණය ව්‍යුහය පාලනය, රාජ්‍ය මූල සහ විදෙස් අංශයේ නියමිත ඉලක්ක ළඟා කර ගැනීම, මධ්‍යකාලීන සහ දිගුකාලීන කම්පනවලට ඔරොත්තුදෙන සාර්ව මූලිකාංගවලට අදාළ ස්ථාවරත්වයක් ඇති කිරීම, දේශීය නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම, අඩු උද්ධමන පරිසරයක් ඇති කිරීම තුළ නිසි ආර්ථික වර්ධනයක් සඵල කර ගැනීම, විදේශ විනිමය අභියෝගය සහ ණය සේවා නිසි ලෙස කළමනාකරණය කිරීම තුළින් ආර්ථිකය නංවාලීම යන සැලසුම් ඒ අනුව ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

එම සැලසුම් සාක්ෂාත් කර ගැනීම උදෙසා මාස හය තුළදී භාණ්ඩ සහ සේවා අපනයනය ඉහළ නැංවීම, සංචාරක ආදායම් ලැබීම සහ වරාය නගරය සහ කාර්මික කලාප ආරම්භයත් සමඟ සිදුවන සෘජු විදෙස් ආයෝජන ඉහළ නංවා ගැනීම මහබැංකු අධිපතිවරයාගේ බලාපොරොත්තුවය.

ආර්ථිකය ඉහළ නංවා ගැනීම සඳහා ඒ ආකාරයේ සැලසුම් සකස් කරන අතරම වර්තමානයේ ජනතාව මුහුණ දී තිබෙන බරපතළ ආර්ථික ගැටලු රාශියකට පිළියම් ලබා දීමටද අජිඩ් නිවාඩ් කබ්රාල් මහතා කටයුතු කිරීම විශේෂත්වයක් විය.

ඒ අනුව ඉදිරි මාස හය තුළදී “පරාටේ ගිවිසුම” හරහා දේපොළ පවරා නොගන්නා ලෙස සියලු බැංකුවලට දැනුම් දීමට මහබැංකු අධිපතිවරයා පියවර ගත්තේය. එමෙන්ම වාහන නැවත පවරා ගැනීම අත්හිටුවීමටද බැංකු සහ මූල්‍ය ආයතනවලට උපදෙස් ලබා දුන් අතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ පැරැණි ණය සහ ණය පොලිය සඳහා සහනයක් ලබා දීමට මහබැංකුවෙන් රුපියල් මිලියන 15ක් වෙන් කිරීමටද පියවර ගෙන ඇත. එමෙන්ම අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම සඳහා එතෙක් පනවා තිබූ සියයට සියයක අනිවාර්ය තැන්පතු සීමාව වහාම ඉවත් කිරීමටද මහබැංකු අධිපතිවරයා පියවර ගත්තේය.

ඉදිරි සය මාසය සඳහා වූ ආර්ථික සැලැස්ම එළි දක්වමින් කබ්රාල් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ආර්ථිකය කඩා වැටෙන බවට ඇති චෝදනා තමන් ප්‍රතික්ෂේප කරනා බවය.
“2019 වසර අවසන් වෙද්දී ශ්‍රී ලංකාව සතුව ඩොලර් බිලියන 7.6ක සංචිත ප්‍රමාණයක් ඉතුරුවෙලා තිබ්බා. කවුරුත් කියන්නේ නැති වුණත් එතැනින් පස්සේ අපි බිලියන 06ක ණය නැවත ගෙව්වා. ඒ වගේම 2021 වසරේදීත් මේ දක්වා අපි බිලියන 5.6ක් ආපසු ගෙව්වා. හැබැයි දැන් අපි සතුව බිලියන 5කට ආසන්න සංචිත ප්‍රමාණයක් තියෙනවා මුදල් වශයෙන් බිලියන 3.5කුත් ලැබීම් 1.5කුත් එකතු වන වශයෙන්. දැන් මේ දිහා ගණිතමය වශයෙන් පිටින් බලලා කාටහරි කියන්න පුළුවන් බලන්න අපිට ගෙවීම් කරන්න බැහැ කියලා. ඒක තමයි මේ දක්වා බොහෝදෙනෙක් ගණන් හදලා අපිට කියන්නේ හැබැයි අපට ලැබෙන ලැබීම් ඇතුළත් කරලා මේ ගණනය කිරීම් එයාලා කරන්නේ නැහැ. ඒ අනුව තවත් වසර කිහිපයකදී අපිට ණය ගෙවාගන්න බැරි වෙනවා කියලත් එයාලා උපකල්පනය කරගන්නවා. ඉතිං මම එයාලට කියන්න කැමතියි සංචිත කළමනාකරණය යනු දැනට තියෙන සංචිත කළමනාකරණය කිරීමම නෙමෙයි ලැබීම් කළමනාකරණය කිරීමක් ඊට ඇතුළත්. ඉතිං මේ ආර්ථිකය කඩාවැටෙනවා කියලා අපිට චෝදනා කරන අයට මම කියනවා ඒක එහෙම වෙන්නේ නැහැ ඉතිහාසයේ අපි ඒක ඔප්පු කරලා පෙන්වලා තියෙනවා.”

ඒ අජිඩ් නිවාඩ් කබ්රාල් මහතාගේ අදහස්ය.

මේ අතර ඉදිරි අයවැයේදී ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය වෙනුවෙන් වෙන් කර ඇති මුදල විශාල වශයෙන් අඩු කිරීමට තීරණය කර ඇති බවද දැනගන්නට ඇත. ඉදිරි වසර සඳහා ජනාධිපතිවරයාගේ වැයි ශීර්ෂය වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් 2.78ක් පමණක් බවද දැන ගන්නට ඇත. ඒ අනුව පෙර වසරට වඩා රුපියල් බිලියන 6.6කින් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය වෙනුවෙන් වෙන් කර ඇති මුදල් කපා හැරීම විශේෂ කාරණයකි.

එමෙන්ම සෞඛ්‍ය අංශය සඳහා වෙන් කරන මුදල් ප්‍රමාණයද ලබන වසරේදී අඩු කිරීමට තීරණය කර ඇති අතර ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය රුපියල් බිලියන 18කින් ඉහළ නංවා ඇති බවද දැන ගන්නට ඇත. ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය සඳහා ඉදිරි වසරට වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 373කි. එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා ලබන වසරට රුපියල් බිලියන 127.6ක් වෙන් කිරීමටද තීරණය කර ඇත. ඒ හරහා දැනට ආන්දෝලනයට තුඩු දී ඇති ගුරු විදුහල්පති වැටුප් ගැටලුව විසඳීම සඳහා සුබවාදීව කටයුතු කිරීමේ අවස්ථාව අධ්‍යාපන අමාත්‍යාංශයට උදා වෙනු ඇත.

එළැඹෙන අයවැය ලේඛනයේ කැපී පෙනෙන කරුණක් වන්නේ සංවර්ධනය සඳහා විශාල මුදලක් වෙන් කර තිබීමය. මහා මාර්ග සංවර්ධනය සහ ග්‍රාමීය සංවර්ධනය එහි ප්‍රධාන ඉලක්කයන් බවට පත්ව ඇත. ලෝක ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී තිබෙන අවස්ථාවකත්, මේ ආකාරයෙන් ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් මුදල් වෙන් කිරීම අගය කළ යුතු කරුණකි.

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 286.7කි. එමෙන්ම මහාමාර්ග අමාත්‍යාංශයට වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 250.1කි. එම මුදල් එක් එක් ආසනය සඳහා බෙදා වෙන් කර ඇති බවද දැනගන්නට ඇති අතර තම ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා ආසන සංවිධායකවරුන් වෙත ප්‍රතිපාදන ලබා දෙන බවද දැනගන්නට ඇත.

ඉදිරි අයවැය සංවර්ධන අයවැයක් බවට රජයේ මැති ඇමැතිවරු බොහෝ දෙනකු මේ වනවිටද ප්‍රකාශ කර ඇත. අයවැය සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා පසුගියදා ප්‍රකාශ කළේ බැසිල් රාජපක්ෂ මහතා මෙවර අයවැය සකස් කරන්නේ ග්‍රාමීය මට්ටමේ විවිධ පාර්ශ්වයන්ගේ අදහස් ලබා ගැනීමෙන් පසුව බවය. එමෙන්ම එවැනි ආකාරයෙන් අයවැයක් සකස් කිරීම සඳහා ගම් මට්ටමින් අදහස් ලබා ගන්නේ ඉතිහාසයේ පළමු වතාවට වන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ලබන මාසයේදී විශ්මකර්ම අයවැයක් ඉදිරිපත් කිරීමට බැසිල් රාජපක්ෂ මහතා සූදානමින් සිටින බවය. එම අයවැය ඇති මිනිසුන්ගෙන් බදු අය කර නැති මිනිසුන් වෙත සහන ලබා දෙන ආකාරයේ අයවැයක් බවද පෙනෙන්නට ඇත.
පෙනෙන්නට ඇති පරිදි ලබන මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අය වැය හැම අතින්ම රටට යහපත්ය. බැසිල් රාජපක්ෂ මහතා කවදත් සැලකෙන්නේ දුර දක්නා දේශපාලනඥයෙකු ලෙසටය. මුදල් අමාත්‍යවරයා ලෙස ඒ මහතා පළමුවරට ඉදිරිපත් කරන අයවැය කෙරෙහි බොහෝ දෙනකු බලාපොරොත්තු සහගතව බලා සිටින්නේ ඒ නිසාය. සැබවින්ම මෙවර අයවැය රටේ ඉදිරි අනාගතය තීරණය කරන සංධිස්ථානයක් වන බව නම් නොඅනුමානය.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

බදු ආදායම එන්නෙත් නෑ! සංචාරක ව්‍යාපාරයෙන් සල්ලි එන්නෙත් නෑ! ඉතින් ජනාධිපති ගෙදරින් ගෙනත් දෙන්නද? ආණ්ඩුවේ ඇමැති කෙනෙක් අහයි! (VIDEO)

Next Post

අමෙරිකන් සුද්දා කිව්වේ ඇත්තද? ප්‍රසන්න වහා පරීක්ෂණයක් කැදවයි!

MORE NEWS

යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News
Exclusive

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

Load More
යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News
Exclusive

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

අද පාර්ලිමේන්තුවේදී රෝහිත අබේගුණවර්ධන ඉලක්ක කර බිමල් රත්නායක අමාත්‍යවරයා ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළේ මෙසේය.Sri Lanka Latest News

Read more
දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.