කොළඹ වරාය නගරය ඇමරිකානු පුරවැසියකු යටතේ පාලනය නොවිය යුතු බවට චීනය විසින් ශ්‍රී ලංකා රජය වෙත දන්වා ඇතැයි වීශ්වාස කටයුතු ආරංචිමාර්ගවලින් දැනගන්නට වේ.
චීනය සහ ඇමරිකාව අතර ඇති සබඳතාවයේ ස්වභාවය හා කොළඹ වරාය නගරයේ චීන ආයෝජනයන් වැඩි වශයෙන් ඇති පසුබිම මත එය ඇමරිකානු පුරවැසියකු විසින් පාලනය නොකළ යුතුය යන පදනමින් මෙම දැනුම් දීම කර ඇතැයිද එම ආරංචි මාර්ග පැවසීය.










