• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇමැති එහෙම කිව්වට මෙන්න පොලිසිය කියනවා දවස් 2කට ගෑස් පිපිරීම් 20ක් වෙලාලු!

November 30, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
හැටන් ‌හෝටලේක අද උදේම ගෑස් පුපුරයි!
Share on WhatsAppShare on Facebook

ඊයේ සහ අද මේ දක්වා ගෘහස්ත ගෑස් සිලින්ඩරවල ගෑස් කාන්දුවීම හේතුවෙන් පුපුරා යාම් 20ක් වාර්තා වී ඇති බව පොලිසිය පවසයි.

මින් සිදුවීම් පහළොවක් සිදුව ඇත්තේ ඊයේ දිනයේ දී ය.

බිබිල, ළිඳකුඹුර සමෘද්ධි බැංකුවේ ආපනශාලාවේ මුළුතැන්ගෙයි ගෑස් කාන්දුවකින් පසු ගින්නක් හටගෙන තිබේ. 

ආපනශාලා හිමිකරු සඳහන් කළේ, ලිප දැල්වීමෙන් මිනිත්තු කිහිපයකට පසු යම් පිපිරීමක් සිදුවූ බවය. 

මාතර, නාවිමන ප්‍රදේශයේ නිවසක තිබූ ගෑස් ලිපක් ද ඊයේ (29) රාත්‍රියේ පිපිරීමකට ලක්වී තිබුණි.

මේ අතර මීරිගම, තිලිණගම ප්‍රදේශයේ නිවසක තිබුණු ගෑස් ලිපක් ද ඊයේ රාත්‍රියේ පුපුරා ගොස් ඇති බවට වාර්තා වුණි.

දියතලාව, දොඩම්වත්ත, හෙලවත්ත ප්‍රදේශයේ නිවසක ක්‍රියාවිරහිත කර තිබූ ගෑස් ලිපක් ද පිපිරීමකට ලක්වී තිබේ. 

ඇඹිලිපිටිය, කණමැදිආර ප්‍රදේශයේ නිවසක දැල්වෙමින් පැවැති ගෑස් ලිපක්ද ඊයේ පස්වරුවේ පිපිරීමකට ලක්වුණි.

මීගොඩ, පානළුව සම්පත් මාවතේ නිවසක සිදුවූ ගෑස් කාන්දුවක් හේතුවෙන් බියට පත් නිවැසියන් සිලින්ඩරයේ ගෑස් අවසන් වනතුරු නිවසින් පිටතට වී සිටි පුවතක් ද අපට වාර්තා වුණි. 

මාතර පොල්හේන ප්‍රදේශයේ නිවසක තිබූ ගෑස් සිලින්ඩරයක් නිවසෙන් පිටත රැඳවීමට නිවැසියන් කටයුතු කළත් එම සිලින්ඩරයේ වෑල්වයෙන් ඊයේ රාත්‍රියේ ගින්නක් හටගෙන තිබේ.

පසුව ප්‍රදේශවාසීන් එක්වී ගින්න නිවාදැමීමට පියවර ගෙන තිබුණි.

පවතින වාතාවරණය යටතේ ගම්පොළ හා පුස්සැල්ලාව, පේරාදෙණිය බෝවලවත්ත, මහවලවත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් ද සිලින්ඩර නිවසෙන් පිටත රැඳවීමට පියවර ගෙන තිබුණි.

මේ අතර අද පෙරවරුවේ පානදුර පිංවත්ත ප්‍රදේශයේ ගෑස් අලෙවිසැල් 2කින් ලබාගත් සිලින්ඩර 2කින්ම ගෑස් කාන්දු වන බව ගෑස් පාරිභෝගිකයින් චෝදනා කර තිබේ.

පසුව එම සිලින්ඩර 2ක ඒවා මිලදී ගත් අලෙවි නියෝජිතයින්ට යළි භාරදීමට උත්සහ කළත් ඔවුන් ඒවා භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇත.

ඒ පිළිබඳව පිංවත්ත පොලිස් ස්ථානයට පැමිණිලි කිරීමට ද ගෑස් පාරිභෝගිකයින් දෙදෙනා කටයුතු කර තිබේ.

මේ අතර කිරම, යද්දෙහිගොඩ ප්‍රදේශයේ නිවසකට මසකට පමණ පෙර ගෙන ආ ගෑස් සිලින්ඩරයක් භාවිතයට ගෙන තිබුණේ ඊයේ දිනයේදීය.

නමුත් එම අවස්ථාවේදී සිලින්ඩරය තුළ ගෑස් නොමැති බව අනාවරණ වුණි.

මේ අතර ගෑස් සිලින්ඩරයක් නිසි අයුරින් භාවිත කිරීම පිළිබඳව පෙරහුරුවක් ලිට්‍රො ගැස් සමාගම විසින් අද කොළඹදී පැවැත්වනු ලැබීය. 

ඇල්පිටිය ඩිපෝව පාරේ නිවසක ගෑස් සිලින්ඩරයක රෙගියුලේටරයක් පුපුරායාමෙන් පසු, ගෙන එන ලද තවත් ගෑස් සිලින්ඩරයක කාන්දුවක් හටගෙන තිබේ. 

අහුංගල්ල වැලිකන්ද ප්‍රදේශයේ නිවසක අද පස්වරුවේ ගෑස් ලිපක් පුපුරායාමෙන් පුද්ගලයෙකු තුවාල ලබා තිබුණි. 

දියතලාව දොඩම්වත්ත මහවත්ත ප්‍රදේශයේ නිවසක ද ගෑස් ලිපක් පුපුරායාමේ සිද්ධියක් වාර්තා විය. 

නිට්ටඹුව උදම්මිට ප්‍රදේශයේ නිවසකද අද පස්වරුවේ ගෑස් ලිපක් පුපුරා ගොස් තිබුණි.

කොලොන්න කැම්පනේ උතුර ප්‍රදේශයේ නිවසක ගැස් නළයක් පුපුරාගොස් තිබූ සිද්ධියක් ද වාර්තා විය.

මේ අතර කඩුගන්නාව බලන ප්‍රදේශයේ නිවසකද ඊයේ පස්වරුවේ ගෑස් ලිපක් පුපුරායාමේ සිද්ධියක් වාර්තා වී තිබුණි. 

මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් අද පස්වරුවේ ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයට පැමිණ තිබුණි.

ඒ වෙළෙඳපොළේ පවතින ගෑස් සිලින්ඩර නිසි ප්‍රමිතියෙන් යුතුව පවතින්නේදැයි පිළිබඳව පරික්ෂාවක් කරන ලෙස ඉල්ලමින්ය.

SendShareShare
Previous Post

පුපුරන්නෙ ගෑස් ටැංකි නෙමෙයිලු! අද කියන්නේ කව්ද දන්නවද? දවස් දෙක තුනකට කලින් ඔව් කියපු ඇමැතිමයි!

Next Post

පැණිය හොඳයි කියපු ජයකොඩි ඇමැතිගේ මිලියන 250ක ‘සුවධරණි මංජුසාව’ ගෙදරටම ඇවිත්! හැබැයි හීනෙන්…!

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper