නව ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා ලබන 20 වැනිදා පැවැත්වෙන ඡන්ද විමසීමේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර නොමැති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත මහතා පවසනවා.
රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීමට තම පක්ෂය තීරණය කළ බවට පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සිදුකළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් දොළවත්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේ මේ මොහොතේ කටයුතු කළ යුත්තේ ජනතාව මුහුණපා තිබෙන අර්බුදවලින් ඔවුන් මුදාගැනීම සඳහා බවයි.