ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ ජනාධිපති ධුරය සඳහා සුදුස්සකු තෝරාපත් කරගැනීමට අදාළ ඡන්ද විමසීම ලබන 20 වැනිදා පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතයි.
ඒ අනුව අභිනව ජනාධිපති ධුරය සඳහා පැවැත්වෙන ඡන්ද විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වීමටයි තීරණය කර ඇත්තේ.
ඒ පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් අද (16) විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති අතර, සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් ඊට සහභාගි විය.
එම අවස්ථාවේ වීඩියෝවක් සහ ඡායාරූප පහත දැක්වේ.


















