• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සරත් වීරසේකර උන්නැහේගේ නරි හඬවල්වලට- නරි නාටකවලට අපි යටත් වෙන්නෙ නෑ! චණ්ඩි පාට් දාන්න එන්න එපා! ගුරු සංගම්වලින් පොලිස් ඇමැතිට පිළිතුරු! (VIDEO)

October 2, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
සරත් වීරසේකර උන්නැහේගේ නරි හඬවල්වලට- නරි නාටකවලට අපි යටත් වෙන්නෙ නෑ! චණ්ඩි පාට් දාන්න එන්න එපා! ගුරු සංගම්වලින් පොලිස් ඇමැතිට පිළිතුරු! (VIDEO)
Share on WhatsAppShare on Facebook
තර්ජනය කරන ගුරුවරුන් සම්බන්ධයෙන් තමන් මෘදු ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බවට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පසුගියදා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ ය.

”ඔය ජෝසෆ් ස්ටාර්ලින්ව උත්සගෙන ගියේ මම විතර නේ. ගුරු වර්ජනය කරන දෙන්නට බැලුවාම රට ගැන හැගීමක් තියෙනවා ද ඒක බැලුවාමත් පේනවා ද? මූණ දිහා නෑ නේ. ඉතින් ඔවුන්ට මේ වගේ පැන්ඩමික් වෙලාවේ , රටේ ආර්ථිකය මෙච්චරටම පහත බැහැලා තියන වෙලාවේ, මේ වැඩි පඩි ඉල්ලලා මෙහෙම කරන එක මේ අහිංසක ගුරුවරු තමයි නොමග යවන්නේ. මහජන ආරක්ෂක ඇමති හැටියට මම කැබිනට් එකෙත් කියලා තියන්නේ මේ අපි මේ මෘදු ප්‍රතිපත්තිය ගෙනියන්න නරකයි. ඒ නිසා අපි යම් කිසි දැඩි පියවරක් ගන්න ඕන. මම නම් පොලිස් භාර ඇමතිතුමා හැටියට ඉතාම දැඩිව ක්‍රියා කරනවා”

මෙම ප්‍රකාශයට ගුරු සංගම් මෙන්ම සිවිල් හා දේශපාලන ක්‍රියාකාරීන්ද ඊයේ (01) ප්‍රතිචාර දැක්වී ය.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාර්ලින් ප්‍රශ්න කර සිටින්නේ, ඇමතිවරයා ගත යුතු බව පවසන දැඩි තීන්දු මොනවාද යන්නයි.

තව ද මේ සම්බන්ධයෙන් රජයේ පැහැදිලි කිරීමක් අවශ්‍ය බව ද ප්‍රධාන ලේකම්වරයා ප්‍රකාශ කර සිටියේ ය.

”දැන් ඔහු සඳහන් කළා. මෘදු විදිහටයි මේ ආණ්ඩුව කටයුතු කරන්නේ ඒක නිසා දැඩි තීන්දු දැඩි ක්‍රියාමාර්ග ගන්න ඕනි කියලා. මොනවාද ඒ දැඩි ක්‍රියාමාර්ග දැඩි තීන්දු කියලා අපි අහනවා. මේ වෙලාවේ මේ රටේ යුරෝපා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් නියෝජිතයෝ කණ්ඩායමක් පැමිණ සිටියදී ඔහු මේ කරන්නේ. අපි අහනවා ඔහුගෙන් ඔහු කැබිනම් මණ්ඩලයටත් යෝජනා කළා කියලා කියනවා පැහැදිලිවම මේ සම්බන්ධයෙන් ඒක නිසා අපි පැහැදිලිව කියන්නේ මේ සම්බන්ධයෙන් රජයේ පැහැදිලි කිරීමක් අපිට අවශ්‍යයි”

අධ්‍යාපන වෘත්තීකයින්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමි ප්‍රශ්න කරන්නේ, මේ සිදු යෝජනා කරන්නේ, රට මිලිටරිකරණයකට ගෙන යාම නෙවේද යන්නයි.

”මේ යෝජනා කරන්නේ මිලිටරිකරණයකට රට ගෙන යාම නෙවෙයිද අනියමින්. අපි අහනවා මේ රටේ නීති මදි ද මේ රට පාලනය කරගෙන යන්න. සුදුළූණු වංචාවට, සීනි වංචාවට කෝ මෘදු වැඩී කියන නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා? අපි කිසිම අවස්ථාවක සරත් වීරසේකර උන්නෑහෙගේ නරි හඬවල්වලට, නාටකවලට අපි යටත් නොවන බව පැහැදිලිව අපි මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා”

මේ අතර ජනතා විමුක්ති පෙරමුණු හිටපු පළාත් සභා මන්ත්‍රී නලීන් හේවගේ මහතා ප්‍රකාශ කර සිටියේ, මෙම ප්‍රකාශයත් සමග ඉදිරියේ මේ රටේ සමකාමි උද්ඝෝෂණ ව්‍යාපාරවලට මොන යම් හෝ ප්‍රහාරයක් එල්ල වුවහොත් එහි වගකිම සරත් වීරසේකර ඇමතිවරයා භාර ගත යුතු බවයි.

”විශේෂයෙන් මේ ප්‍රකාශයත් එක්ක ඉදිරියේ මේ රටේ සමකාමි උද්ඝෝෂණ ව්‍යාපාරවලට මොන යම් හෝ ප්‍රහාරයක් එල්ල වුණොත් එකේ වගකිම සරත් වීරසේකර ඇමතිවරයා භාර ගන්න ඕන. කියන කාරණාව අපි අවධාරණය කරන්න කැමති. අපි දන්නවා මෙයා මේ මහා තර්ජනයක් කරන්නේ අපි එයාට කියනවා දැඩි තීන්දු ගන්න. විශේෂයෙන් බන්ධානාගාර ඇමතිවරු ගිහිල්ලා සැකකරුවන්ගේ ඔළුවට පිස්තොලේ තියන කොට පුළුවන් නම් ඔය තද තීන්දුව ගන්න”

සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි අමාත්‍යවරයාට සිහිපත් කර සිටින්නේ, ඔහුට භාර දී ඇත්තේ, පාතාල කල්ලියක් නොව ශ්‍රී ලංකා පොලීසිය බවයි.

”එක්සත් ජාතින්ගේ සංවිධානය ඉවරවෙලා ජනාධිපති ලංකා රාජ්‍යට පය ගහන්න කළින් මොනව ද මේ කියන කතා. ඔබතුමාට භාර දිලා තියෙන්නේ පාතාල කල්ලියක් නෙවෙයි. ශ්‍රී ලංකා පොලිසිය. ඔබතුමා දැන් ගන්න ඔනි ජී.එස්.පී එක මේවැනි ප්‍රකාශ නිසා ජත්‍යන්තර වශයෙන් රජ අපකිර්තියට පත් වෙලා , ජී.එස්.පී නැති වුණොත් ඔබතුමා වග කියන්න ඕන. රැකියා දස දහස් ගණනින් රැකියා නැති වෙයි. ඔබතුමාට මේකේ දිග පළල හය හතර තෙරෙන්නේ නැත්තම් වහාම ඉල්ලා අස් වෙන්න’‘

අද යළිත් ගුරුවරුන්ගේ වෘත්තීය අරගලය ගැන සරත් වීරසේකර අමාත්‍යවරයා අදහස් පළ කළේ ය.

ඔහු ප්‍රකාශ කළේ, ගුරුවරුන්ගේ ප්‍රශ්නය සාධාරණ වුවත් අසාධාරණ වුවත් වර්ජනය සාධාරණීකරණය කිරීමට නොහැකි බවයි.

”ගුරුවරුන්ගේ ප්‍රශ්නය සාධාරණ වුණත් අසාධාරණ වුණත් ඒ වර්ජනය සාධාරණය කරන්න බැහැ. මොකද වර්ජනය නිසා ඇත්ත වශයෙන්ම තැලෙන්නේ අපේ අසරණ දරුවෝ. දැන් උතුරේ සියලුම පාසල්වල දරුවන්ට උගන්නනවා. නැගෙනහිර සියලුම පාසල්වල දරුවන්ට උගන්වනවා”

කෙසේ වෙතත් අමාත්‍යවරයාගේ ප්‍රකාශයට උතරු පළාතේ ගුරු සංගම් අද ප්‍රතිචාර දක්වී ය.

ලංකා ගුරු සංගමය උතුරු පළාත් සම්බන්ධීකාරක තීපන් තිලීබන් පැවසුවේ, ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නයට නිසි පිළිතුරු ලබා දීමට අසමත් වූ රජය උතුරු ප්‍රදේශයේ ගුරුවරුන් දුරස්ථ අධ්‍යාපන කටයුතුවල යෙදෙන බවට අසත්‍ය ප්‍රචාරයක් ගෙන යන බවයි.

”ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නයට නිසි උත්තර ලබා දෙන්න බැරි වුණු රජය උතුරු ප්‍රදේශයේ ගුරුවරුන් දුරස්ථ අධ්‍යාපන කටයුතුවල යෙදෙන බවට අසත්‍ය ප්‍රචාරයක් ගෙනියනවා. ඔවුන් කරපු සියලු වැරදි නිසා අද ළමුන්ගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන් අඩපණ වෙලා තියන්නේ. මේ තත්ත්වය තුළ උතුරේ ගුරුවරුන් අධ්‍යාපන කටයුතුවල යෙදෙන බවට අසත්‍ය ප්‍රචාර ගෙනයමින් ජාතිවාදය පතුරන ආකාරයට කටයුතු කරමින් සිටිනවා. රජයේ ගෙනියන මේ ප්‍රචාරය අපි තරයේ හෙළා දකිනවා. දකුණේ දරුණු අකාරයට උද්ගතව තිබෙන මේ ප්‍රශ්නය මෙවැනි ප්‍රචාර ගෙනියමින් සත්‍ය වසන් කරන්න කටයුතු කරමින් සිටිනවා”

-නිව්ස්

SendShareShare
Previous Post

හාල් ගැසට් එක ගැන අහද්දී ඇමැතිවරුන්ට කට උත්තර නෑ! ඕවා අපෙන් අහන්න එපා! වෙන එකක් අහන්න! (VIDEO)

Next Post

වැවිලි ඇමැති නිදි! වතු අධිකාරිවරුත් පළමු වතාවට සටනකට සැරසෙයි! (VIDEO)

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.