විශ්වාසභංගයක් ගෙන ආ යුතු ඉදිරිපත් කළ යුතු ක්‍රියාවලියක් අනුගමනය කළ යුතු කාර්යපටිපාටිය ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් බවත් විශ්වාසභංගය ගෙන ආ යුතු කාලය ස්ථානය වේලාව තීන්දු කරන්නේ විපක්ෂය මිස ආණ්ඩුව නොවන බවත් ආණ්ඩුව කියන කියන වේලාවට විශ්වාසභංග ගෙන එන්න සුදානම් නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
විශ්වාසභංග යෝජනාව නිසි ලෙස නිසි කලට නියමිත අත්සන් සමග ඉදිරිපත් කරන බවත් පුලුවන් නම් දින 3ක අධ්‍යාපන විවාදය හෙටම ආරම්භ කරන ලෙස නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා ප්‍රමුඛ රජයට අභියෝගය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.
දිට්වා සුලි කුනාටුව ගැන රජයේ අකාර්යක්ෂමතාව ගැන විවාදයට සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ගැන විවාදයටත් විපක්ෂය සුදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.










