‘බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ලක්වූවන්ගේ ජාත්‍යන්තර දිනය’ නිමිත්තෙන් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව සිය අතුරුදන්වු ඥාතීන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා විරෝධතා පාගමනක නිරත විය.Sri Lanka Latest News
ඔවුන් යාපනය කිට්ටු උද්‍යානයේ සිට චෙම්මනි දක්වා ගමන් කළේය.
එම අවස්ථාව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ මහලේකම් ආනන්ද සංගරී සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ.ස්වාජිලිංගම් මහතා ද එක්ව සිටියේය.
මේ අතර අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය මගින් අතුරුදන් වූවන් ස්මරණය කිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව පැවති ජාතික උත්සවය අරලියගහ මන්දිරයේ සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පැවැත්විය.
එම අවස්ථාවට අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ගෙන් සමන්විත 500ක පමණ පිරිසක්ද එක්විය.










