මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරියෙකු කටුනායක ගුවන් තොටුපොළේදී සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතික්ෂේප කරමින් රටට ඇතුල් වීමත් සමග අර්බුදකාරී වාතාවරණයක් මතුව තිබේ.
අදාළ තානාපති නිලධාරියා කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඊයේ (04) අළුයම 01.45 ට පමණ කටුනායකට පැමිණි ඇති අතර අනතුරුව තානාපති කාර්යාල වරප්‍රසාද භාවිත කරමින් කටුනායක ගුවන් තොටුපලෙන් පිටත්ව ගොස් තිබේ.
කෙසේවෙතත් තානාපති කාර්යාල රෙගුලාසිවලට අනුව අදාල නිලධාරියා දින 14 ක කාලයක් නිරෝධායනයට ලක්විය යුතු අතර අනතුරුව එම තොරතුරු විදේශ කටයුතු අමාත්‍යාංශයට ලබාදීමට අමෙරිකානු තානාපති කාර්යාලය පියවර ගත යුතුය.
මේ පිලිබඳව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාෂිකා නැන්සි වැන් හෝර්න් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකාවට පැමිණීයේ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ පැවැත්වූ සමීප සම්බන්ධීකරණයෙන් අනතුරුව නිරෝධායන සීමා කිරීම් සහ කොවිඩ් නයින්ටීන් මාර්ගෝපදේශ පිළිබඳව දැනුවත්ව වන බවයි.
එමෙන්ම එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලය මෙම සංචාරය සිදුකරන්නේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳ වියානා සම්මුතියේ දක්වා ඇති ප්‍රමිතීන් හා ක්‍රියා පටිපාටිවලටද අනුකූලව බව ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මේ හේතුවෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ අනුව අදාළ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීයා කටයුතු කර ඇති බවද ඇයතහවුරු කර තිබේ.
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අදාළ බලධාරීන්ට දැනුම් දී ඇත්තේ, විදේශ රටවල සිට පැමිණෙන කවර තරාතිරමක අයකු වුවද PCR පරීක්ෂණයට භාජන කොට ප්‍රතිඵල ගුවන් තොටුපොළ පරිශ්‍රයේදීම ලබා ගැනීමෙන් පසු නිරෝධායනයට යොමු කරන්න ලෙසයි.
කොවිඩ් – 19 මර්දන කාර්ය සාධක බලකාය සහ විශේෂඥ වෛද්‍යවරුන් සමග ඊයේ (04) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එම දැනුම් දීම සිදුකර ඇත.
ආගමන පටිපාටියට පෙර, පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙන තෙක් වෙනම ස්ථානයකට යොමු කර ඔවුනට අවශ්‍ය පහසුකම් සලසන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.
එතෙර සිට විශේෂයෙන් මැද පෙරදිග සිට සිය රට එන පිරිස් PCR පරීක්ෂණයට භාජන කිරීමේදී සහ නිරෝධායනයට යොමු කිරීමේදී මුහුණ පෑමට සිදුවන ගැටලු සහ ඒවා විසඳිය යුතු ආකාරය අද රැස්වීමේ දී දීර්ඝ වශයෙන් විමර්ශනය ලක්කර ඇත.
PCR ප්‍රතිඵල කඩිනම් කිරීමට ගුවන් තොටුපොළ පරිශ්‍රයේම පරීක්ෂණාගාරයක් ස්ථාපනය කිරීමට ද එම රැස්වීමේ දී තීරණය කර ඇත.
වසංගතය දීර්ඝ කාලයක් පැවතිය හැකි බැවින් සහ ඉන් ඔබ්බට ද ගුවන් තොටුපොළ පරිශ්‍රයේ පරීක්ෂණාගාරයක් තිබීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.










