• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගිය අවුරුදු 25ට ක්‍රියාකාරී දේශපාලඥයන් 20කට වඩා වෙඩි තියලා මරලා! I Sri Lanka Latest News

October 24, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Share on WhatsAppShare on Facebook

ක්‍රියා­කාරී දේශ­පා­ල­න­ඥ­යන් 20කට වැඩි පිරි­සක් 2000 වසරේ සිට මේ දක්වා පාතා­ලයේ වෙඩි උණ්ඩ­ව­ලට ගොදු­රුවී ඇතැයි පොලිස් තොර­තුරු අනා­ව­ර­ණය කරයි.Sri Lanka Latest News

වැලි­ගම ප්‍රාදේ­ශීය සභා‍වේ සභා­පති ලසන්ත වික්‍ර­ම­සේ­කර ඇතු­ළුව මේ කාලය තුළ පළාත් පාලන ආය­තන 03 සභා­ප­ති­වරු පාතා­ලයේ වෙඩි ප්‍රහා­ර­ව­ලින් ඝාත­නය වී ඇත. ඒ හැරුණු කොට පළාත් පාලන මන්ත්‍රී­ව­රුන් ද සැල­කිය යුතු පිරි­සක් පාතා­ලයේ වෙඩි ප්‍රහා­ර­ව­ලින් ඝාත­නය වී තිබේ. ඒ අත­රින් ඝාතන වැඩි ප්‍රමා­ණ­යක් සිදුව ඇත්තේ පාතා­ලයේ ගැටුම් හේතු­වෙනි. ඊට මුල එකී දේශ­පා­ල­න­ඥ­යන් සහ පාතාල අප­රා­ධ­ක­රු­වන් අතර පැවති ගනු­දෙ­නුය.

පළාත් පාලන ආය­ත­න­යක සභා­ප­ති­ව­ර­යෙක් සභා­පති ධුරය දර­මින් සිටි­යදී ඝාත­නය වූ තෙවැනි අව­ස්ථාව වන්නේ ලසන්ත වික්‍ර­ම­සේ­කර මහ­තාගේ ඝාත­න­යයි. මෙම ඝාතන තුනම සිදුව ඇත්‍තේ දකුණේ වීම විශේ­ෂි­තය.

2003 වස­රේදී හික්ක­ඩුව නගර සභාවේ සභා­පති ගාමිණි පින්න­දූව මහ­තාව ද ඝාත­නය කරනු ලබන්නේ මේ ආකා­ර­ය­ට­මය. යතු­රු­පැ­දි­ය­කින් පැමිණි වෙඩි­ක්කරු නගර සභාවේ සිය කාර්යා­ලයේ රැඳී­සිටි ගාමිණි පින්න­දූව මහ­තාට වෙඩි තබා ඝාත­නය කර තිබුණි.

අන­තු­රුව ඝාත­නය වන්නේ රත්ගම ප්‍රාදේ­ශීය සභාවේ සභා­පති මනෝජ් මෙන්ඩිස් මහ­තාය. 2015 වසරේ මාර්තු 23 වැනිදා මනෝජ් මෙන්ඩිස් මහ­තාට වෙඩි තබා ඝාත­නය කරන්නේ හික්ක­ඩුවේ සංචා­රක හෝට­ල­ය­ක­දීය. හික්ක­ඩුව නගර සභාවේ සභා­පති ඝාත­න­යට මෙන්ම රත්ගම ප්‍රා‍දේශීය සභාවේ හිටපු මන්ත්‍රී­ව­ර­යෙක් මෙන්ම ඔහුගේ ප්‍රති­වා­දියා වූ අපේ­ක්ෂ­ක­යෙක් ඡන්දය පැවති කාල­යේදී ඝාත­නය කිරීම සම්බ­න්ධ­යෙන් පවා එකල මනෝජ් මෙන්ඩිස්ගේ නම කියැ­විණි.

ඒ සම්බ­න්ධ­යෙන් ඔහු බන්ධ­නා­ගා­ර­ග­තව ද සිටි අතර වැඩිම මනා­ප­යෙන් රත්ගම සභා­පති ධුර­යට පත්වන්නේ ද රක්ෂිත බන්ධ­නා­ගා­රයේ සිටි­මිනි.

ඔහු මිනිස් ඝාතන කොල්ල­කෑම් ඇතුළු අප­රාධ රැස­කට ද චෝදනා එල්ල වූවෙකි. අප­රාධ ලෝක­යට ඔහුව රැගෙන ගොස් තිබුණේ දකුණු පළා­තින් පිට පළා­තක හිටපු මහ ඇමැ­ති­ව­ර­යෙකි. මනෝජ් මෙන්ඩිස් ඝාත­නය කරනු ලබන්නේ දකු‍ණේ ප්‍රබල පාතාල අප­රා­ධ­ක­රු­වෙක් වන පොඩි ලැසීය. එම ඝාත­න­යට මුල පොඩි ලැසීගේ පියාව ඝාත­නය කිරී­මට පළි­ගැ­නී­මකි.

පළාත් පාලන ආය­ත­න­යක වැඩිම මන්ත්‍රී­ව­රුන් පිරි­සක් ඝාත­නය වී ඇත්තේ කොළඹ මහ නගර සභා මන්ත්‍රී­ව­රුන්ය. මේ කාලය තුළ සිවු දෙනෙක් ඝාත­නය වී ඇත. එම ඝාත­න­ව­ලින් බොහො­ම­ය­කට මුල්වී ඇත්තේ මත්කුඩු ජාවා­රම් සම්බ­න්ධ­යෙන් ආර­වුල් බව එකල හෙළි විය. දෙහි­වල ගල්කිස්ස මහ නගර සභාවේ මන්ත්‍රී­වරු දෙදෙ­නෙක් ද පාතා­ලයේ වෙඩි ප්‍රහා­ර­යන්ට ලක්ව ඝාත­නය විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනං­ජය සිල්වා‍ගේ පියාව පවා ඝාත­නය කරනු ලබන්නේ පාතා­ලය විසිනි. අද­ටත් එම පාතාල අප­රා­ධ­ක­රු­වන් සිටින්නේ නිදැ­ල්ලේය.

පාතා­ලයේ වෙඩි ප්‍රහා­ර­යන්ට ලක්ව පළාත් සභා මන්ත්‍රී­වරු කිහිප දෙනෙක් ද ඝාත­නය වී ඇත. ඒ අත­රින් දෙදෙ­නෙක්ම බස්නා­හිර පළාතේ මන්ත්‍රී­ව­රුන්ය. ඔවුන් දෙදෙ­නාම ඝාත­නය වන්නේ පාතා­ල­යට එරෙ­හිව කට­යුතු කිරී­මට ගොසිනි. ඒ අතර සිටින පොදු පෙර­මුණේ ඇම­ති­ව­ර­යෙක්ව සිටි සුනිල් මෙන්ඩිස් මහ­තාව ඝාත­නය කරන්නේ රාගම ඔහුගේ නිව­සේදී වෙඩි තබාය.

යකඩ පාල­මක් කොට­ස්ව­ලට කඩා විකුණා ගැනී­මට පාතා­ල­යට ඉඩ නොදීම හේතු­වෙන් පලාත් පාලන ආය­ත­න­යක සභා­පති ධුරය හෙබවූ පාතා­ල­යට සම්බන්ධ පුද්ග­ල‍‍‍යෙක් විසින් ලබා­දුන් කොන්ත්‍රා­ත්තු­ව­කට අනුව එම ඝාත­නය සිදු­කර තිබුණු බව පොලිස් විම­ර්ශ­න­ව­ලින් එකල අනා­ව­ර­ණය වී තිබුණි. එම ඝාත­න­යට සම්බන්ධ පාතාල‍යේ අප­රා­ධ­ක­රු­වන් මේ වන විට සිටින්නේ ඉන්දි­යාවේ විවෘත බන්ධ­නා­ගා­ර­ය­කය. ඒ අතර කිඹුලා ඇළ ගුණා සහ කොට ගාමිණි යන අය ද සිටිති.

බස්නා­හිර පළාත් සභාවේ මන්ත්‍රී­ව­ර­යෙක් වූ නාමල් ගුණ­ව­ර්ධන මහ­තාගේ ඝාත­නය ද පාතා­ලයේ වෙඩි­ල්ලකි.

කොල්ලු­පි­ටි­යේදී එම ඝාත­නය සිදුවී තිබුණි. එය දේශ­පා­ලන පාතා­ලයේ වැඩක් බව එකල කියැ­විණි. චණ්ඩි මල්ලි ලෙස ප්‍රකට දකුණු පළාත් සභාවේ ඇමැ­ති­ව­ර­යෙක්ව සිටි එම්.කේ. රංජිත් මහතා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව ඉදි­රි­පි­ටදී ඝාත­නය වන්නේ ද මේ කාලය තුළ­දීය. දේශ­පා­ල­න­යට සම්බන්ධ මෙවැනි ඝාතන රැසක්ම පසු­ගිය වක­වා­නු­වේදී සිදුවී ඇත.

ගයාන් කුමාර වීර­සිංහ

SendShareShare
Previous Post

ලසන්ත වික්‍රමසේකර නොහොත් ‘මිදිගම ලසා..’! දිලිත් ජයවීර නොහොත් ‘රොටියා…’! ආණ්ඩුව දැන් නඩු අහලා තීන්දු දීලත් ඉවරයි! කෝ නිර්දෝෂී බවේ පූර්ව නිගමන? VIDEO I Sri Lanka Latest News

Next Post

මාධ්‍යවේදියකුට අමානුෂිකව සැලකූ අලව්ව පොලිසියේ තුන්දෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්! අපරාධ නඩු පවරන්නත් කියයි! වන්දි ගෙවන්නත් වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.