බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මි. 100ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ.
ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට, පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තද සුළං ඇති වේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ගිනිකොණදිග අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය වයඹ දෙසට ගමන් කරමින් ඊයේ (6) මධ්‍යම රාත්‍රියේදී පමණ සුළි කුණාටුවක් දක්වා ක්‍රමයෙන් වර්ධනය වීමට බොහෝ විට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 60 ත් 70 ත් අතර පැවතිය හැකි බවත් විටින් විට සුළගේ වේගය පැයට කිලෝමීටර 75 ත් 80ත් දක්වා වැඩිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන් වේ.
මේ හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන ධීවර සහ නාවික ප්‍රජාවන්ට වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.










