• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැට් බද්ද 18%ට වැඩි ‌කරලා අසරණ මිනිස්සුන් තවත් පීඩාවට පත් කරනවා වෙනුවට සල්ලි හොයන ක්‍රම සහ විධි විපක්ෂනායක සජිත් ආණ්ඩුවට පෙන්වා දෙයි! බදු ප්‍රතිපත්තියත් වැරදියි! බදු සූත්‍රයත් වැරදියි! විපක්ෂනායකගෙන් නොනවතින රැල්ලේ 41 වන සුහුරු පන්ති කාමරය දඹදෙණිය දම්සෙන් මහාවිද්‍යාලයට! VIDEO & PHOTOS I Sri Lanka Latest News

November 2, 2023
in Exclusive
Reading Time: 20 mins read
A A
වැට් බද්ද 18%ට වැඩි ‌කරලා අසරණ මිනිස්සුන් තවත් පීඩාවට පත් කරනවා වෙනුවට සල්ලි හොයන ක්‍රම සහ විධි විපක්ෂනායක සජිත් ආණ්ඩුවට පෙන්වා දෙයි! බදු ප්‍රතිපත්තියත් වැරදියි! බදු සූත්‍රයත් වැරදියි! විපක්ෂනායකගෙන් නොනවතින රැල්ලේ 41 වන සුහුරු පන්ති කාමරය දඹදෙණිය දම්සෙන් මහාවිද්‍යාලයට! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වර්තමාන ආණ්ඩුව 3 වැනි වතාවටත් විදුලිය වැඩි කර මේ රටේ විදුලි පාරිභෝගිකයන් දශලක්ෂ ගණනින් අනාථ කර ඇති මොහොතක වැට් බද්ද සියයට 18ක් දක්වා වැඩි කර ඇති බවත් ප්‍රතිගාමී බද්ධක් වන මෙය තමන්ගේ ආදායම කුමක් වුවත් හැමෝටම එක හා සමාන බද්දක් ලෙස ගෙවිමට සිදුවන හෙයින් මෙය පහත් ක්‍රියාවක් බවට විග්‍රහ කරන බවත් එසේ විග්‍රහ සිදු කරන විට මේ සඳහා විකල්පයන් විමසා විවිධ පුද්ගලයන් විවේචන සිදු කරන බවත් ඔවුන්ට අවශ්‍ය විකල්පය පැහැදිලි කිරීමට තමා සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

වැට් බද්ද වෙනුවට දැනට බදු එකතු කරන ක්‍රමවේදය හෙවත් බදු පරිපාලනය කාර්යක්ෂම කළ යුතු බවත් එය විනිවිදභාවයකින් ඩිජිටල්කරණයට ලක් කරනවාට සමහර පුද්ගලයන් විරුද්ධ වී උද්ඝෝෂණ ආදිය සිදු කරන බවත් යම් හෙයකින් ඩිජිටල්කරණයක් සිදු කළ හොත් හොරකම අඩුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම කෝටි ගණන් මුදල් උපයන මුත් බදු පැහැර හරින පුද්ගලයන්ගෙන් නිවැරදිව බදු අය කර ගැනීමත් දූෂිත ක්‍රමවේද යටතේ රජයට හිතැති සමාගම්වලට ලබා දුන් අනවශ්‍ය බදු සහන ඉවත් කළ යුතු බවත් මෙම සමාගම්වලට අනවශ්‍ය ලෙස ලබා දී ඇති බදු සහන තුළින් කිසිදු ප්‍රතිලාභයක් රටට අත් නොවූ බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ මේ ක්‍රමවේද හරහා වැට් බදු වැඩි නොකර රාජ්‍ය ආදායම වැඩි කර ගත හැකි බව යි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද දඹදෙණිය නුන්ගමුව දම්සෙන් මාධ්_ය මහා විද්‍යාලයට සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ අනුව සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ සුහුරු පන්ති කාමර 41ක් ලබා දී තිබේ.

රජය බිලියන 100ක් බදු හරහා ලබා ගැනීමට අපේක්ෂා කලත් එය බිලියන 107ක් දක්වා මේ වන විට වැඩි වී ඇති බවත් වසර අවසානයේ එය බිලියන 125ක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බවත් මේ අනුව එය වැරදි බදු ප්‍රතිපත්තියක් බවත් රජයට නිවැරදි බදු සූත්‍රය නිර්මාණය කර ගැනිමට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මෙම අධික බදු බර නිසා බුද්ධි ගලනයක් සිදුව ඇති බවත් මෙසේ බුද්ධි ගලනයක් සිදුවන විට ආර්ථික වර්ධනයක් සිදු නොවන බවත් රජය සිදුකරන මේ ක්‍රියාවලිය හරහා සිදුවන්නේ ආර්ථීක සංකෝචනයක් වුවත් සිදුවිය යුත්තේ ආර්ථිකය වර්ධනය කිරීමක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

එසේම රටට අවශ්‍ය අධ්‍යාපනයේ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ, කෘෂිකර්මාන්තයේ සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ දියුණුව නම් ඒ සඳහා අවශ්‍ය සම්පත්, ප්‍රතිපාදන, මිල මුදල් සොයා ගැනීමේ නිර්මාණශිලී හැකියාව සමගි ජන බලවේගය සතු බවත් එම නිසා රටේ ජනතාව බොරුවට සෝබනකාරි කටවචනයට පමණක් සීමා වූ දේශපාලන සංදර්ශනවලට හා ඇන්දවීම්වලට තවදුරටත් ඇන්දවෙනවාද යන්න තීන්දු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මගේ කට වහන්න කාටවත් බැහැ. දරුවෝ රටේ වෙන දේවල් ගැන ගත යුතුයි

එක්තරා කුහකයෝ ටිකක් සජිත් ප්‍රේමදාස පාසල්වල දේශපාලනය කතා කරනවා කියා චෝදනා කරන බවත් මේ රටේ දූදරුවන් 41 ලක්ෂය මේ රටේ වැඩිහිටි දේශපාලනඥයන් කරන දේවල් නොදන්නවා කියා සිතා පාසල්වල දේශපාලනය කතා කරන්න එපා කියන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ පාසල් ළමුන්ට පවා රටේ සිදුවන දේවල් දැන ගැනීමේ අයිතිය පවතින හෙයින් ඒ සම්බන්ධයෙන් නිසි දැනුවත් වීමක් සිදු කිරීම දේශපාලනය කතා කිරීමක් නොවන බවයි.

යුද්දෙ පෙරටු කරන් රාජපක්ෂලා රට විනාශ කළා

එබැවින් කිසිවකුටත් තමාගේ කට වැසීමට නොහැකි බවත් දේශාභිමානයේ නාමයෙන් යුද ජයග්‍රහණයේ නාමයෙන් එක් පවුලක් රටේ ජනතාවගේ ජාතික සම්පත් සොරා කෑ අයුරු දැනගත යුතු බවත් යුද්ධය අවසන් කලාට ඔවුන්ට රට සින්නක්කරව ලියා දී නොමැති බවත් මේ පුද්ගලයන් රටේ සම්පත් සොරා කෑ අයුරු පැන්ඩෝරා පත්‍රිකා මඟින් ද හෙළි වූ බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

මෙසේ රට විනාශ කළ රාජපක්ෂලා වෙනුවෙන් තමා කඩේ නොගිය නිසා ඔවුන්ට විරුද්ධව රටේ නීතිය ක්‍රියාත්මක කර සොරා කෑ මුදල් නැවත රටට අත්කර ගන්නා බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ රජයේ රෝහල් 56 කට රුපියල් 171,966,900 ක් වටිනා රෝහල් උපකරණ ලබා දී ඇති බවත් සක්වල බස් රථ වැඩසටහන යටතේ රජයේ පාසල් 80ක් සදහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දුන් අතර ඒ සදහා රු :389,200,000 ක් වැය විය. එසේම සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහන යටතේ රජයේ පාසල් 41ක් සදහා රුපියල් ලක්ෂ 374ක වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී තිබේ.

SendShareShare
Previous Post

තොණ්ඩමන්ට විරෝධය පා සජබය ඇතුලු වතුකරයේ ප්‍රධාන දෙමළ පක්ෂ සියල්ල ‘නාම් 200’ උත්සවය වර්ජනය කරයි! I Sri Lanka Latest News

Next Post

ඊශ්‍රායලයේදී අතුරුදන් වූ සුජිත් මගේ මහත්තයා හොරු අරන් ගියා වගේ I Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.