• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඊශ්‍රායලයේදී අතුරුදන් වූ සුජිත් මගේ මහත්තයා හොරු අරන් ගියා වගේ I Sri Lanka Latest News

November 2, 2023
in Exclusive, News
Reading Time: 7 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඊශ්‍රායලයට හමාස් සටන්කාමීන්ගෙන් ප්‍රහාරය එල්ලවී මේ වන විට සති දෙකකට වැඩි කාලයක් ගතවී අවසන්ය. එම ප්‍රහාරයෙන් අනතුරුව පීඩාවට හා දුක්ඛිත තත්ත්වයට මුහුණ දී සිටින්නේ ඊශ්‍රායල් හා පලස්තීන වැසියන් පමණක්ම නොවේ. මැදපෙරදිගට කිලෝමීටර් දහස් ගණනක් දුරින් පිහිටි ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් ගණනාවක ජනතාව මෙම ප්‍රහාරයේ වින්දිතයන් බවට පත්ව තිබේ. ඒ හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව විදේශිකයන් ඇතුළු 200කට අධික පිරිසක් ප්‍රාණ ඇපයට ගැනීම හේතුවෙනි.(Sri Lanka Latest News)

ඔක්. 07 වැනිදා එල්ල වූ එම ප්‍රහාරයෙන් එක් ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් ජීවිතක්ෂයට පත්වූ අතර තවත් ලාංකිකයකු තුවාල ලබා මේ වන විට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇත.

කෙසේ වුවත්, එම ප්‍රහාරයෙන් අතුරුදන්වූ තවත් ලාංකික සාත්තු සේවකයකු වන සුජිත් යටවර බණ්ඩාර සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු තොරතුරක් දැනගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන් පසුවන්නේ දැඩි කනසල්ලකිනි. සුජිත් යටවර බණ්ඩාරගේ නිවෙස පිහිටා ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේය.

මීට වසර 8කට පමණ ඉහතදී ඊශ්‍රායලයේ රැකියාවක් සඳහා නිවෙසින් පිටත්ව ගිය සුජිත් මෙම කාලසීමාව පුරාවට සිය මවුරටට පැමිණ ඇත්තේ එක් වතාවක් පමණක් බව ඔහුගේ බිරිය වන ජයනි යටවර පැවැසුවාය.

‘ඉන්න තැනක් දැනගන්නයි ගොඩක් මහන්සි වුණේ…’

සිය ස්වාමිපුරුෂයා වසර 5කට ආසන්න කාලයකින් නැවත ශ්‍රී ලංකාවට නොපැමිණියේ තම පවුල වෙනුවෙන් නිවෙසක් මිලදී ගැනීමට අවශ්‍යව වූ බැවින් ඊට මුදල් එකතු කිරීම සඳහා බවත්, එලෙස වෙහෙස මහන්සි වී මිලදීගත් නිවෙසට ඔහු මෙතෙක් නොපැමිණි බවද ඇය කියා සිටියාය.

‘අපි හිටියේ කුලී නිවෙසක. අපිටම ඉන්න කියලා ගෙයක් ගන්න අවශ්‍ය නිසයි මහත්තයා අවුරුදු ගානක් ඒ රටේ ඉඳලා වැඩ කළේ ලංකාවටත් එන්නේ නැතුව. මොකද එක පාරක් ඇවිත් යන්න ලොකු ගානක් වියදම් වෙනවා. අපි බැංකු ලෝන් එකක් ගත්තා. එහෙම තමයි ගිය අවුරුද්දේ දැන් අපි මේ ඉන්න ගෙදර ගත්තේ. මාසෙන් මාසයට බැංකුවට අපි වාරිකේ ගෙවන්න ඕනේ. අඩුම තරමින් එයා මේ ගෙදරට ආවෙවත් නැහැ…’ ඇය හැඟුම්බරව පැවැසුවාය.

‘මට බය දුව ආපහු ලෙඩ වෙයි කියලා’

2009 වසරේදී යුග දිවියට එළඹි සුජිත් සහ ජයනි යුවලට මේ වන විට දරුවන් දෙදෙනකු ද සිටියි. ඉන් වැඩිමහල් දියණියට වයස අවුරුදු 13ක් වන අතර දෙවැනි දරුවා වන පුත්‍රයාට වයස අවුරුදු 9ක් වේ.

සිය දියණියට කාලයක් පුරා පවතින රෝගී තත්ත්වයෙන් මේ වන විට ඇය සියයට 90ක් පමණ සුවය ලබා සිටින බවත් මෙම සිදුවීම හරහා නැවත ඇය අසනීප වේදෝ යන්න පිළිබඳ තමන් දැඩි ලෙස වේදනාවට පත්ව සිටින බවද ජයනි පැවසුවාය.

‘අපි විවාහ වුණේ 2009. වසරේදී. දුවට දැන් වයස අවුරුදු 13ක්. එයා ඔටිසම් රෝගී තත්ත්වයෙන් පෙළෙනවා. නමුත් වෛද්‍ය ප්‍රතිකාරවලින් මේ වෙනකොට එයා සියයට 90ක් විතර හොඳවෙලා ඉන්නේ. එයා අවුරුදු 05ක් යනකම් අම්මේ කියලවත් කිව්වේ නැහැ. දැන් මට බයයි මේ ප්‍රශ්නේ නිසා දරුවා ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ. දුව තමයි ගොඩක් සුජිත් එක්ක එකතු. එයා තානාපතිතුමාට ලියුමක් පවා යවලා තිබ්බා තාත්තා ගැන කියලා.’

‘පොඩි කාලේ මෙයාගේ රෝගී තත්ත්වය නිසා ළමයින්ට ගහනවා කියලා අනිත් පාසල්වලින් භාරගත්තේ නැහැ. එයා ඉස්කෝලේ යන්නේ පෞද්ගලික පාසලකට. දුව එයාගේ අධ්‍යාපන කටයුතු පවා පිළිවෙළට කරනවා. නමුත් දැන් දවස් ගානක් ඉස්කෝලේ ගියේ නැහැ. කල්පනා කරනවා. එයාට ඒක මානසිකව දැනිලා තියෙන්නේ. මම නැතත් එයාට තාත්තා ඕනෙ කියන තැනයි ඉන්නේ…’ ඇය පැවැසුවාය.

‘සුජිත් බොහොම කැපවීමෙන් වැඩකරපු කෙනෙක්…’

සාත්තු සේවකයකු ලෙස ඊශ්‍රායලයේ සේවය කිරීම සඳහා ගිය තම ස්වාමිපුරුෂයා ඉතා උනන්දුවෙන් සහ කැපවීමෙන් වැඩකටයුතු කළ අයෙකු බවද ඇය සඳහන් කළාය.

‘මහත්තයා සාත්තු සේවකයෙක් විදිහට ගොඩක් මහන්සිවෙලා වැඩ කරපු කෙනෙක්. එයා මේ අවුරුදු 8 තුළදී තැන් කිහිපයකම වැඩ කළා. එයා බලාගන්න හැම කෙනෙක්ම ආදරෙන් බලාගත්තේ කියලා මම හොඳින්ම දන්නවා. තමන්ගේ මවුපියන් දෙන්නා බලාගන්නවා වගේ ඔහු වැඩ කළේ. ඒ වයසක අයට වෙලාවට බෙහෙත් දෙන එක, නාවන එක, එයාලව පිරිසිදු කරන එක මේ හැම දෙයක්ම එයා කැපවීමෙන් කරපු කෙනෙක්. එයා මෙහෙන් ඉගෙන ගත්තට වඩා ඒ රටේදී වැඩකරලාම හොඳ පළපුරුද්දක් අරන් තිබුණා…’ ඇය සිය ස්වාමිපුරුෂයා ගැන පවසා සිටියාය.

ඇය සඳහන් කළේ සිය ස්වාමිපුරුෂයා සෑම දිනකම තමන්ට දුරකතන ඇමතුම් ලබාදී තමන්ගේ සහ දරුවන්ගේ සුවදුක් විමසන බවය.

‘එයා හැමදාම උදේට මට කතා කරනවා. ඒ වගේම බබාලා ඉස්කෝලෙන් ගන්න ගියාම දවල් 1.45ට විතර කෝල් කරලා එයාලා ගෙදරට එනකම් ඉස්කෝලේ වුණු දේවල් ගැන අහනවා. ඒ වගේම ළමයි පන්ති දාලා එද්දී හවසට වගේම රෑටත් කතා කරනවා. එයා කොහේ හිටියත් අපි ගැන හිතනවා, හොයලා බලනවා…’ ඇය සඳහන් කළාය.

ලැබුණු අවසන් ඇමතුම ගැන මතකය

ඊශ්‍රායලයට හමාස් සටන්කාමීන් ප්‍රහාර එල්ල කළ ඔක්තෝබර් 07 වැනිදා තම සැමියාගෙන් ලැබුණු අවසන් දුරකතන ඇමතුම ගැනද ජයනි යටවර මෙලෙස සිය මතකය අවදි කළාය.

‘එදා හරියටම ලංකාවේ වේලාවෙන් 10.05ට මහත්තයා මට කතා කළා. මගේ මහත්තයා වැඩ කළේ කිබුට්ස් බේරිවල. මට එතකොටත් සද්දේ ඇහුණා. සාමාන්‍යයෙන් ඔය රටේ යුද්දේ තියෙනවනේ. එයා කිව්වා අදත් ගහනවා වගේ කියලා. මොකද ඔය ගහන ඒවා උඩදී පුපුරලා කෑලි වැටෙනවා නේ. ඒ වගේ දෙයක් කියලා මම හිතුවේ. එළියට යන්න එපා ඔයා පරිස්සමින් ඉන්න කියලයි මම ෆෝන් එක තිබ්බේ. එහෙම කියලා පස්සේ ටික වෙලාවක් යද්දී දැනගන්න ලැබුණේ මේ ප්‍රශ්නේ ටිකක් ලොකුවට යනවා කියලා….’

‘ඊට පස්සේ එක දිගට කෝල් ගත්තා කතා කරන්න බැරි වුණා. පස්සේ අතරින් පතර ඔන්ලයින් ආවා එයාගේ ෆෝන් එක. පස්සේ දැනගත්තේ ඉන්ටර්නෙට් ප්‍රශ්නේ නිසා ෆෝන් එක ඉන්ටර්නෙට් එද්දී ඔන්ලයින් පෙන්නලා තියෙන්නේ කියලා. පස්සේ බලද්දී මහත්තයාගේ ෆෝන් එක එයා වැඩකරපු ගෙදරම තිබිලා හම්බවුණා කියලා මට කිව්වා.

‘මගේ නංගි වැඩකරන්නෙත් ඊශ්‍රායලයේ. එයා තමයි එහෙ ඉඳන් මහත්තයා ගැන හොයා බලන්නේ. එයයි අඳුනන අයයි එක දිගටම මහත්තයාට ඒ රටේ ඉඳන් කෝල් කරලා තිබ්බේ. නමුත් ෆෝන් එක වැඩකළේ නැහැ….’

‘සුජිත් වැඩකරපු ඊශ්‍රායලයේ ගෙදර අය කියලා තියෙනවා සීයට (සුජිත් සේවය සැපයූ කෙනා) වෙඩි වැදිලා හිටියා, සුජිත් හිටියේ නැහැ කියලා. කැමරාවලින් චෙක් කරන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. මම කිව්වා එහෙම හරි බලන්න කියන්න කියලා. එක එක්කෙනා කතා කරද්දී එක එක දේවල් කියනවා….’

‘ඊශ්‍රායල් හමුදාවේ නිලධාරියකු විවාහ කරගෙන ඉන්න ලංකාවේ කෙනෙක් ඉන්නවා. මමයි දරුවොයි සුජිත් ගැන හොයන්න කියලා අඬ අඬා කියද්දී ඒ ලංකාවේ කෙනා තමයි මහත්තයා වැඩකරපු ගෙදර හොයන් ගිහිල්ලා ඩී.එන්.ඒ. පරීක්ෂණයකට හරි අවශ්‍ය වෙන සුජිත්ගේ ෆෝන්, ඔරලෝසුව වගේ දේවල් අරන් ඇවිල්ලා අදාළ පොලිසියට භාරදීලා තියෙන්නේ….’

‘අපි එච්චර සල්ලි තියෙන මිනිස්සු නෙමෙයි. මහත්තයා එවන පඩියෙන් තමයි බැංකු ලෝන් එකත් ගෙවාගෙන ළමයි ඉස්කෝලේ යවන්නේ. දැන් දවස් ගානකින් බබාලා දෙන්නා ඉස්කෝලේ ගියේ නැහැ මේ තත්ත්වය නිසා. මම බලන් ඉන්නවා මහත්තයා ගැන තොරතුරක් එනකම්. හරියට මගේ මහත්තයා හොරු අරන් ගියා වගෙයි…’ ඇය පැවැසුවාය.

තමන් ඇතුළු පවුලේ අය අසරණව සිටින මේ මොහොතේදී ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර ඇතුළු එරට තානාපති සේවයේ නියුතු නිලධාරීන් සහ ලාංකිකයන්ගෙන් ලැබෙන සහයෝගය ද ඇය මෙහිදී සිහිපත් කර සිටියාය.

අනුලා ජයතිලකගේ දේහය හඳුනා ගැනීමට DNA පරීක්ෂණයක්

මේ අතර හමාස් සංවිධානයේ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ අනුලා ජයතිලකගේ දේහය සම්බන්ධයෙන් DNA පරීක්ෂණයක් කිරීමට නියමිතව ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පැවැසුවේය. දැනටමත් ඒ සඳහා කටයුතු කරගෙන යන බව තානාපතිවරයා සඳහන් කළේය.

‘ඊශ්‍රායල් රජය දැනුම් දුන්නා අනුලා ජයතිලකගේ දේහය සම්බන්ධයෙන් DNA පරීක්ෂණයක් කරන්න අවශ්‍යයි කියලා. ඒ අනුව අපි දැනුම් දුන්නා ලංකාවේ ඉන්න අනුලා ජයතිලක මහත්මියගේ දරුවන් දෙදෙනාගේ, මවගේ සහ කුවේට් ඉන්න ඇයගේ සහෝදරියගේ ඩී.එන්.ඒ. සාම්පල් ලබාගෙන පරීක්ෂණයක් කරන්න කියලා. ඒ සාම්පල් අරගන්න වෛද්‍යවරුන් එක්ක ඊශ්‍රායලයේ ඉන්න වෛද්‍යවරයත් සම්බන්ධ වෙලා මේ ගැන සාකච්ඡා කරනවා.

මොකද ඒ පරීක්ෂණය සඳහා අවශ්‍ය සාම්පල් ලබාගත යුතු ක්‍රමවේදය වෙනස්. ඊට පස්සේ අදාළ ඩී.එන්.ඒ. පරීක්ෂණ වාර්තා සැසඳුණාට පස්සේ අපට දේහය භාරදෙයි ඊශ්‍රායල් රජයෙන්…’ තානාපතිවරයා පැවැසීය.

බී.බී.සී. සිංහල වෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

වැට් බද්ද 18%ට වැඩි ‌කරලා අසරණ මිනිස්සුන් තවත් පීඩාවට පත් කරනවා වෙනුවට සල්ලි හොයන ක්‍රම සහ විධි විපක්ෂනායක සජිත් ආණ්ඩුවට පෙන්වා දෙයි! බදු ප්‍රතිපත්තියත් වැරදියි! බදු සූත්‍රයත් වැරදියි! විපක්ෂනායකගෙන් නොනවතින රැල්ලේ 41 වන සුහුරු පන්ති කාමරය දඹදෙණිය දම්සෙන් මහාවිද්‍යාලයට! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

කොහොමද මෙහෙම කෑමක් කෑවේ? ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ගෙන් හා තේරීම් කමිටුවෙන් කරුණු විමසන්න තීන්දු කරයි! I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.