කඳුකර දමිළ ජනතාව මෙරටට පැමිණ වසර 200ක් පිරීම නිමිත්තෙන් අද (02) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේ පැවති “නාම් 200” (අපිට 200) සැමරුම් උත්සවය වර්ජනය කිරීමට මෙරට ප්‍රධාන විපක්ෂය මෙන්ම කදුකරයේ ප්‍රධාන දේශපාලන පක්ෂ පියවර ගෙන තිබිණ.ri Lanka Latest News
ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ දේශපාලන ප්‍රතිරූපය වර්ධනය වන ආකාරයට පමණක් මෙම උත්සවයේ සංවිධාන කටයුතු සිදු කොට ඇති බවට චෝදනා කරමින් මෙම දේශපාලන පක්ෂ අදාළ උත්සවය වර්ජනය කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව ප්‍රධාන විපක්ෂය වූ සමගි ජන බලවේගය සහ වතුකරයේ ප්‍රධානතම දමිළ දේශපාලන නායකයන් පලනි දිගම්බරම්-මනෝ ගනේෂන්-වී. රාධක්‍රිෂ්ණන් යන මන්ත්‍රීවරුන් ප්‍රමුඛ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය මෙම අවස්ථාවට එක්ව සිටියේ නැත.
මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූයේ ඉන්දීය මුදල් ඇමැතිනී නිර්මලා සීතිරාමන් මහත්මියය.










