• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පුළුවන් නම් ගමට ගිහින් ජනතාව හම්බවෙන්න! විපක්ෂනායක සජිත්ගෙන් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේදී අභියෝගයක්! VIDEO I Sri Lanka Latest News

May 20, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටේ ආර්ථිකය ගැන පාර්ලිමේන්තුවේ සාකච්ඡා වන මේ අවස්ථාවේ රජයේ පාර්ශ්වය ඉදිරිපත් කරන කරුණු ගැන පුදුම වන බවත් රු. 9000 විදුලි බිල රු. 6000 දක්වාත් රු 3000 විදුලි බිල රු. 2000 දක්වා 33%කින් විදුලි බිල අඩු කරන බව පවසා ලක්ෂ 75ක් වූ විදුලි පාරිභෝගිකයන් අනාථ කරන්න මේ රජය කටයුතු කර ඇති බවත් ඇමතිවරුන්ට නිලධාරීන්ට යන කොමිස් මුදල් ඉවත් කර බදු ඉවත් කර වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා දෙන බව මේ රජය පැවසුවත් අද වන විට ර‌ටේ සමස්ත ජනතාව බොරුවෙන් ප්‍රෝඩාවෙන් ඇන්දවිල්ලෙන් රවටා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී පැවැති ආර්ථිකය සම්බන්ධ විවාදයට එක්වෙමිනි.

ගොවි ජනතාවට අද පොහොර නොමැති බවත් ඊට අමතරව ලැබෙන පොහොර ගුණාත්මකභාවයෙන් අඩු බාල බවත් පවතින පොහොර පවා කලුකඩ වෙළෙදාමෙන් ගොවියාට ලැබෙන බවත් පසුගිය මැතිවරණ සමයේ ගොයම් කකා වී කිලෝවට රු. 150ක් දෙනවා කිව්වත් අද පොහොර ගැටලුවට අලි මිනිස් ගැටුමට විසදුම් නොමැතිව ගොවියා අනාථ කර ඇති සේම ධීවරයා ද අනාථ කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද රටේ කර්මාන්තශාලා රට අතහැර යන තැනට පත් වෙලා

ඊට අමතරව ජීවන වියදම වැඩි වී ජීවන බර වැඩි වී විශ්‍රාමිකයන්ට වැඩිහිටි ප්‍රජාවගේ ඉතිරිකිරීම්වලට ඇති 15% පොළි ආදායම පවා අහිමි කර ඇති බවත් ඇගලුම් කම්හල් 200 වැඩසටහන යටතේ ආරම්භ වූ මාස් ලංකා, බ්‍රැන්ඩෙක්ස් හා හයිඩ්‍රාමනී වැනි කර්මාන්තශාලා වැසෙමින් යන බවත් අද මේ කර්මාන්තශාලා වැසී ඉන්දියාවේ බංග්ලාදේශයේ ඒ කර්මාන්තශාලා ආරම්භ කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ දුප්පත්කම එන්න එන්න වැඩි වෙනවා

අප රටේ දුප්පත්කම 30%ත් 40%ත් ප්‍රමාණයට වර්ධනය වී ඇති මොහොතක දුප්පත්කම පෙනි පෙනි රජය දුප්පත් ජනතාව නොසලකා හැර ඇති බවත් දුප්පත්කම තුරන් කිරීමට රජයට කිසිදු පැහැදිලි වැඩපිළිවෙළක් නොමැති බවත් ආහාර අනාරක්ෂිතභාවය ඖෂධ හිඟය මෙන්ම රෝහල්වල උපකරණ හිඟය නිසා ශල්‍යකර්ම කරන්න පෝළිම්වල සිටීමට ජනතාවට සිදුව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපි විරුද්ධ වුණේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට නොවේ. අධ්‍යාපනය අසභ්‍යකරණයටයි

ලක්ෂ 12ට විට්ස් කාර් දෙනවා කියු ඇමතිවරයෙක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විපක්ෂය විරුද්ධ වූ බවට චෝදනා කළත් විපක්ෂය විරුද්ධ වූයේ අධ්‍යාපනය අසභ්‍යකරණයට ලක් කිරීමට බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනවා යැයි බලයට පැමිණි මේ රජයට පාසල්වලට අවශ්‍ය ස්මාර්ට් පන්ති කාමර උපකරණ මෙන්ම ඒ සදහා අවශ්‍ය පුහුණුව පවා ලබා දීමට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ලක්ෂ 12ට විට්ස් කාර් දෙනවා කියා බලය අරන් වාහන මත 50% බද්දක් ගහල ගජමිතුරන්ට වාසි ගෙනාවා

ලක්ෂ 12ක විට්ස් කාර් එක පොරොන්දු වූ මේ රජය බොරුකාර වංචාකාර ජනතාව අන්දවන ජනතාව රවට්ටන රජයක් බවට ජනතාව පිළිගෙන ඇති බවත් අද වාහනවලට 50%ක බද්දක් පනවන විට 16 වැනිදා සිට මේ බද්ද බලපවත්වා ඇති මුත් ඊට පෙර මේ තොරතුර රජයේ හිතවත් ගජමිතුරන් කිහිප දෙනකුට යවා වාහන 4000කට ආසන්න ප්‍රමාණයක් සඳහා ඇනවුම් කිරීමට ණයවර ලිපි නිකුත් කිරීම නිසා බිලියන ගණනාවක් රටට අලාභ සිදු කර ඇති බවත් මෙවැනි බාල වැඩ සිදු කර ස්වකීය පෝෂණය උදෙසා රටේ ලක්ෂ 220ක් ජනතාව බිල්ලට දි ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටට අහිමි වූ ඇ. ඩොලර් ලක්ෂ 25 වගකීමෙන් මහබැංකුව නිදහස් වෙලා

මහබැංකු අධිපතිවරයා විසින් විශේෂ පනතක් නිසා ස්වාධීන බැවින් ඇ. ඩොලර් ලක්ෂ 25 සම්බන්ධයෙන් මහබැංකුව වගකියන්නේ නැති බවට ප්‍රකාශයක් සිදු කරන බවත් මහබැංකු අධිපතිවරයා විසින් මෙහි වගකීම මුදල් අමාත්‍යාංශයට බැරකර ඇති බවත් මේ ප්‍රකාශය සමඟ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය එකඟද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මහබැංකුවට වගකීමක් නැද්ද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය පෙන්වන සුරංගනා ලෝකයේ යථාර්ථය හෙළිවෙමින් පවතිනවා

මහබැංකුව ස්වාධීන කිරීමේ පනත ගෙන එන විට වත්මන් ජනාධිපතිවරයා එයට විරුද්ධව ඡන්දය දුන් බවත් අද රජයේ පාලන තන්ත්‍රය යටතේ සිටින මහබැංකු අධිපතිවරයා මෙවැනි ප්‍රකාශ සිදු කරන බවත් ඊට අමතරව මූල්‍ය හා ආර්ථික වශයෙන් රට අමාරු වී ඇති බවට මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කරන නිසා මේ ගැන පැහැදිලි කළ යුතු බවත් රජය සුන්දර සුරංගනා ලෝකයක් නිර්මාණය කළත් එහි යථාර්ථය වෙනස් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පුළුවන් නම් ගමට ගිහින් ජනතාව හමුවෙන්න

පුළුවන් නම් ගමට නගරයට ජනතාව අතරට ගොස් ඔවුන්ගේ ප්‍රශ්න ගැටලු සොය බලන ලෙසත් රජයට ජනතාව අතරට‌ යාමට නොහැකි බවත් බලයට එන්න කියපු කිසි දෙයක් අද රජය ක්‍රියාත්මක කර නොමැති බවත් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ඉදිරිපත් කළ පොරොන්දු ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් තවදුරටත් බොරු කියා වැඩක් නැති බවත් රජය ඒ පොරොන්දු ඉටු කරන තුරු ජනතාව වෙනුවෙන් සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ආණ්ඩුවේ රණවිරු සැමරුමට නාමල්ගෙන් ලොකු ප්‍රහාරයක්! බල නහර ගැනත් අමුතු කතාවක් කියයි! I Sri Lanka Latest News

Next Post

අනුර 15 බදු වැඩි කරලා ගැසට් පත්‍රය ගහනවා! 14 වැනිදා කුප්‍රකට ව්‍යාපාරිකයෝ දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් වාහන 3500ක LC විවෘත කරනවා! අනෙක් කෙනා වාහන 500ක LC විවෘත කරනවා! කොහොමද ව්‍යාපාරිකයෝ මේක කලින් දන්නේ..? මෙන්න ව්‍යාපාරිකයෝ දෙන්නා ගැන ලොකු හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.