මේ රට විනාශ වූයේ ආර්ථික ත්‍රස්තවාදය නිසා බවත් එක පවුලක් කේන්ද්‍ර කර ගත් ගජමිතුරු දේශපාලනය එම ආර්ථික ත්‍රස්තවාදය ක්‍රියාත්මක කළ බවත් ඒ තුළින් ජනතාවගේ සම්පත්, දේපල රටට අහිමි වූ බවත් ඒ මංකොල්ලයට හමු වූ සියලු දෙනා විනිවිදභාවයකින් අපක්ෂපාතිව නීතිය හමුවට ගෙනවිත් නැවත එම සම්පත් රටේ අධ්‍යාපනය හා සෞඛ්‍ය වෙනුවෙන් යොදවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
ජාති ආගම් කුල මල පන්ති පක්ෂ තරාතිරම් භේදයකින් තොරව අත්වැල් බැද ගෙන අපේම සමෘද්ධිමත් සෞභාග්‍ය සම්පත් දේශයක් ගොඩ නැගිය හැකි බවත් එය ජන සමාජයේ සියලු ස්ථරයන්ට බෙදී යන ආකාරයේ නව සෞභාග්‍යමත් දේශයක් ගොඩ නගන්න අත්වැල් බැද ගන්නා ලෙසත් ඒ සඳහා සමගි ජන බලවේගය සූදානම් බවත් රට ඒ සඳහා සූදානම් ද කියා ප්‍රශ්නකර සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (3) සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහනේ 82 වැනි අදියර යටතේ අක්මීමන ඉහළගොඩ ශ්‍රී සුමංගල ආදර්ශ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.
වැඩිම ණය බරතාවක් ඇති රටක් ලෙස ජපානය හැදින්විය හැකි බවත් ඔවුන් එම ණය ගෙන ප්‍රතිලාභ ලැබිය හැකි ආයෝජන කළ බවත් ඔවුන් කිසිදා ණය ලබා ගෙන නැව් එන්නැති වරායවල් ගුවන්යානා එන්නැති ගුවන්තොටුපොළවල් සම්මන්ත්‍රණ නොමැති සම්මන්ත්‍රණ ශාලා ක්‍රිකට් නොගහන ක්‍රිකට් ක්‍රීඩාංගන නෙළුම් කුළුණු නොසෑදූ බවත් ඔවුන් ණය ගෙන අපනයන කේන්ද්‍රීය කර්මාන්තශාලා බිහි කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සමගි ජන බලවේග රජයක් යටතේ රටේ සිටිනා තානාපතිවරුන්ගේ කාර්ය සාධනයට මාසිකව කළ යුතු කාර්ය කොටසක් ඇතුළත් කරන බවත් එසේ නොකරන තානාපතිවරුන් සේවයෙන් ඉවත් කරන බවත් රටේ ජනතාවගේ ජීවිත සමඟ සෙල්ලම් කිරිමට කාටවත් ඉඩ නොදෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම ළමුන් 1800කට වැඩි ප්‍රමානයක් ඉගෙනුම ලබන ඉහළගොඩ සුමංගල පාසලේ එකම එක පරිගණකයක් හෝ නොමැති බවත් එවැනි තත්ත්වයත් මත අයවැයෙන් ජනාධිපතිවරයාට වෙන් කළ මුදලට අමතරව තවත් ලක්ෂ 200ක් විදේශීය ගමන් සඳහා වෙන්කර ඇති බවත් රටේ ප්‍රමුඛතාව අප හදුනා ගත යුතු වුවත් එවැනි දෙයක් සිදු නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 82ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 803ක් වැය කර තිබේ.