ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කාල රාමුවක් පනවා ඇති එකම මැතිවරණය ජනාධිපතිවරණය බවත්, එබැවින් කිසිදු හේතුවක් මත ජනාධිපතිවරණය කල් දැමිය නොහැකි බවත්, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.Sri Lanka Latest News
අනෙකුත් මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට සෘජු බලයක් නැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක වැඩිදුරටත් සදහන් කරයි.
උදාහරණයකට, ප්‍රාදේශීය සභාවේ නිල කාලය වසර හතරක් ලෙස සදහන් වුවද, විෂයභාර අමාත්‍යවරයාට අවශ්‍යනම් එම මැතිවරණය වසරකට කලින් පැවැත්විය හැකි ය. එසේත් නැතහොත්, ප්‍රාදේශීය සභාවේ නිල කාලය තවත් වසරකින් දීර්ඝ කල හැකි ය.
එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණය ගත්තද, පාර්ලිමේන්තුවක නිල කාලය වසර පහක් ලෙස සදහන් වුවද, ජනාධිපතිවරයාට අවශ්‍යනම්, වසර දෙක හමාරක් ගෙවුණු පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි ය. නමුත් ජනාධිපතිවරණය එසේ නොවේ.
ජනාධිපතිවරයාගේ නිල කාලය වසර පහක් බව ව්‍යවස්ථාවේ සදහන්වන අතර, එම කාලය දීර්ඝ කිරීමේ ප්‍රතිපාදන ව්‍යවස්ථාවේ නැත. ඒ අනුව, මේ වසරේ සැප්තැම්බර් 18 ත් ඔක්තෝබර් 18 ත් අතර කාලයේ නිසැක වශයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුත-ුව ඇතැයි, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.