දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දේශීය සහ ආනයනික ලොකු ළූණු මිල ඉහළ ගොස් තිබේ.
රුපියල් 180 ත් 210 ත් අතර පැවති දේශීය ලොකුළූණු මිල අද සටහන් වූයේ, රුපියල් 240 ත් 260 ත් අතර මිලකටයි.
එමෙන්ම රුපියල් 160 ත් 170 ත් අතර මිලක පැවති ආනයනික ලොකු ළූණු මිල අද සටහන් වන්නේ, රුපියල් 225 ත් 240 ක් ලෙස බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමයේ සභාපති ශාන්ත ඒකනායක මහතා පැවසී ය.










