චීනයේ බීජිං නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල් 869 දරණ ගුවන් යානයෙන් තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් අද (04) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.
මෙම එන්නත් තොගය මෙරටින් මුදල් ගෙවා ලබාගත් සිව්වන එන්නත් මාත්‍රා තොගය වෙයි.
මෙම එන්නත් තොගයට අමතරව ෆයිසර් එන්නත් තොගයක්ද ඉදිරි දින කිහිපය තුළ ලැබීමට නියමිතය.