දඹුල්ලේ රාජ්‍ය බැංකුවකින් ලක්ෂ 7ක මුදලක් ගත් තරුණියකට බැංකුව විසින් රුපියල් ලක්ෂ 20ක් ලබා දීමේ පුවතක් වාර්තා වේ.
රූපලාවන්‍යාගාරයක් හිමි දඹුල්ලේ නිලූෂිකා ජයවර්ධන නැමැත්තිය අත්‍යවශ්‍ය කටයුත්තකු සදහා රාජ්‍ය බැංකුවේ ගිණුමෙන් ලක්ෂ 7ක මුදලක් ලබාගෙන තිබේ.
නමුත් පසුව බැලීමේදී එහි ලක්ෂ 20ක මුදලක් තිබී ඇත.
පසුව මෙම තරුණිය වැඩිපුර ලක්ෂ 13ක මුදල නැවත බැංකුව වෙත යැවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.










