මත්ද්‍රව්‍ය පිළිබඳ චෝදනා එල්ලවී තිබූ අමිල හෙට්ටිහේවා හෙවත් සන්ෂයින් සුද්දා නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි ප‍්‍රධාන සැකකරු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා (19 දා) අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු ලසන්ත වික‍්‍රමසේකර හෙවත් ‘මිදිගම ලසා’ නමැත්තෙක් වන අතර ඔහු ඩුබායිහි සැඟව සිටින පාතාල කල්ලි නායකයකු වන රුවන් චින්තක හෙවත් ‘හරක් කටාගේ’ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප‍්‍රධානම අනුගාමිකයා බව පොලිසිය සඳහන් කරයි.
‘මිදිගම ලසා’ සතුව තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක්ද පොලිස් භාරයට ගෙන තිබෙන අතර ඔහුගේ වත්කම් පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මුදල් විශුද්ධිකරණ අංශය වෙත භාරදී තිබේ.
සන්ෂයින් සුද්දා නමැත්තා වෙඩි තබා ඝාතනය කළ සැකකරුවන් දෙදෙනාද හඳුනාගෙන තිබෙන අතර ඔවුන් ප‍්‍රදේශයෙන් පළාගොස් ඇත. මාතර කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශී‍්‍ර දමින්ද සහ නියෝජ්‍ය පොලිස්පති චන්දන හේරත් මහත්වරුන්ගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි මහේෂ් පෙරේරා මහතාගේ අධීක්‍ෂණයෙන් පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරති.