වැලිසර, මහබාගේ ප්‍රදේශයේ අද (04) උදෑසන සිදු වූ රිය අනතුරේ CCTV දර්ශන මේ වන විට පොලීසිය විසින් නිකුත් කර තිබේ.
කොළඹ දෙස සිට මීගමුව දෙසට ධාවනය කළ සුඛෝපභෝගී මෝටර් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිසාවට ධාවනය වූ මෝටර් රථයක, ත්‍රිරෝද රථයක සහ යතුරුපැදි දෙකක ගැටීමෙන් අනතුර සිදුවන අයුරු එම දර්ශනවල සඳහන් ය.
අද පෙරවරු 09.30ට පමණ එම අනතුර සිදුව ඇති අතර 16 හැවිරිදි ළමයෙක් සුඛෝපභෝගී මෝටර් රථය පදවා ඇති බව පොලීසිය පවසයි.
අනතුරින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වු අතර, බරපතළ තුවාල ලැබු අයෙක් සහ තවත් පුද්ගලයින් තිදෙනෙක් රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
සුඛෝපභෝගී මෝටර් රථය පැදවූ 16 හැවිරිදි ළමයා සහ රථයේ හිමිකරු වන ඔහුගේ පියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.










