තිස්වසරක් මුළුල්ලේ මෙරට පැවති ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහා සිය ජීවිත පූජා කළ රණවිරුවන් සිහිකර උපහාර දැක්වීමේ උළෙලක්, මැයි මස 19 වැනි දින ගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
ඒ සඳහා හිටපු ජනාධිපතිවරුන්, ගරු අග්‍රාමාත්‍යතුමන්, ගරු කථානායකතුමන් හා පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් මෙන්ම යුද්ධයේදී තුවාල ලැබූ රණවිරුවන්, පාසල් ශිෂ්‍යභට කණ්ඩායම්, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, හිටපු හමුදා ප්‍රධානීන් සහභාගී කර ගැනීමට නියමිතය.
මේ පිළිබඳව අද (08) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාව සඳහා ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, යුධ හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ, ආරක්ෂක ලේකම් ඇතුලු ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානීන් සම්බන්ධ විය.











