මධ්‍යම රජයේ නොපියවූ ණය, 2021 වසර අවසානයට සාපේක්ෂව, 2022 වසර අවසානයේ දී සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
එහිදී මධ්‍යම රජයේ සමස්ත නොපියවූ ණය තොගය, නාමික වශයෙන්, 2021 වසර අවසානය වන විට පැවති රුපියල් බිලියන 17,614.2 සිට 2022 වසර අවසානය වන විට රුපියල් බිලියන 27,492.0ක් දක්වා සියයට 56.1කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.










