ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය 02 වන ජාතික සම්මේලනය දෙසැම්බර් 15 දින කොළඔ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සූදානම් කර ඇත. Sri Lanka Latest News
මේ සදහා පක්ෂයේ මැති ඇමතිවරුන්, නායකයින් සහ නාගරික මන්ත්‍රීවරුන් සහභාගි වීමට නියමිතය.
එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතව ඇති සහෝදර පක්ෂ සහ පක්ෂයේ අනුබද්ධ සංවිධාන සමග අත්වැල් බැදගෙන මෙම මහා සම්මේලනය පැවැත්වීමට සියලු විධිවිධාන යොදා ඇති බවද දැනගන්නට තිබේ.










