ක්‍රිකට් අතුරු පාලක කමිටුවට අදාළ පෙත්සම් විභාගයෙන් තවත් විනිසුරුවරයෙකු ඉවත් වුණි.Sri Lanka Latest News
මෙම පෙත්සම සලකා බැලීම සඳහා අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහතුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී විනිසුරු ධම්මික ගනේපොල මහතා පුද්ගලික හේතුවක් මත මෙම නඩුවට සහභාගි වීමට කැමැත්ත පළ නොකරන බැවින් සුදුසු විනිසුරු මඩුල්ලක් නම් කිරීම සඳහා අදාළ පෙත්සම යළිත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත යොමු කිරීමට නියම වුණි.










