විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපන්දිනය දවසේ සිදුවූ විශේෂ සිදුවීමක් පිළිබදව පොහොට්ටුවේ සිට ස්වාධීනව සමගි ජනබලවේගයට එක්වූ නාලක ගොඩහේවා මහතා විශේෂ සටහනක් තබා තිබිණ. එය පහත පළවේ.Sri Lanka Latest News
සජිත්ගේ උපන්දිනය
සජිත් ප්‍රේමදාස මහතාගේ උපන්දිනය අදයි ( ජනවාරි 12). වසරකට පමණ පෙර සිට ඔහු සමග සමීපව කටයුතු කරන්නට පෙර ඔහු සමග වැඩි දේශපාලන සම්බන්ධතා පවත්වා නැති නිසා සජිත් ප්‍රේමදාස මහතා උපන්දිනය වැනි පුද්ගලික කරුණු වලට දෙන්නේ කවර ආකාරයේ වැදගත් කමක් දැයි මම නොදැන සිටියෙමි.
ඊයේ රාත්‍රියේ සජිත් ප්‍රේමදාස මහතාගේ ලේකම්වරයා මා දුරකතනයෙන් අමතා දැනුම් දුන්නේ අද එනම් 12 ද උදෑසන ජපන් විදේශ ඇමතිවරයා විපක්ෂ නායකතුමා හමුවන බවත් ඒ සඳහා සහභාගීවන සීමිත විපක්ෂ මන්ත්‍රිවරුන් පිරිසට මාද ඇතුලත් බවය.
විපක්ෂ නායකවරයා හමුවීමට යම් විදේශ නියෝජිතයන් පිරිසක් පැමිනෙණ විට ඒ සඳහා සහභාගී විමට මටද ඇරයුම් කිරීම දැන් පුරුද්දක් වී තිබේ. ඒ අනුව උදේ 10ට එම රැස්වීමට සහභාගී වුනෙමි. ඉතා හර බර සාකච්ඡාවක් විනා උපන්දින සැමරුමක ඡායාවක්වත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්‍යාලයේ තිබුනේ නැත. නමුත් සාකච්ඡාව අවසන් කරමින් ජපන් මුදල් ඇමතිවරයා විපක්ෂ නායකතුමාගේ උපන්දිනයට සුබ පැතුවේය. ඒ ගැන ජපාන තානාපති කාර්‍යාලය ඔහුව දැනුවත් කොට තිබෙන්නට ඇත.
ජපන් මුදල් ඇමතිවරයා ගිය පසු ” දැන් ඉතින් උපන්දිනයට කේක් කපලා සිංදු කියන්නේ නැද්ද ” කියා යමෙකු විපක්ෂ නායකතුමාගෙන් විමසීය.
” අනේ මන්ත්‍රීතුමා උපන් දිනය කියන්නේ මට තවත් දිනයක් විතරයි . මම කවදාවත් උපන්දින සාද දාන්නේ නෑ. විශේෂයෙන් මේ රටේ මිනිස්සු මේ තරම් දුක් විදිද්දී අපට හිතක් පපුවක් නැතුව සාද දාන්න පුලුවන්ද. හැබැයි ඒ වෙනුවට මම අද කොළොන්නාවේ පාසැලකට ස්මාර්ට් පංති කාමරයක් දෙනවා. ඒක ලමයි විශාල පිරිසකට උදව්වක්. ඒක තමයි මගේ සතුට” විපක්ෂ නායක පැවසීය.
මේ ප්‍රකාශය මට ඉමහත් සතුටක් ගෙන දුන්නේ මමත් උපන්දින සාද වලට කිසිදු කැමැත්තක් නැති කෙනෙකු බැවිනි. දේශපාලනයට ආවාට පසු නම් ක්‍රියාකාරිකයන් සුබපතන නිසා මග හැරෙන්නේ නැති වුනාට වෘත්තිකයෙක් ලෙස රාජකාරි කරන කාලයේ නම් උපන් දිනය අමතක වී පවුලේ අය මතක් කල වාර කිහිපයක්ම මතකය.
කෙසේ වෙතත් විපක්ෂ නායකවරයාට මේ වෙලේ ඔහුගේ කාර්‍ය මණ්ඩලය දැනුම් දුන්නේ කිහිප දෙනෙක්ම කේක් එවා ඇති බවට. ” එහෙනම් ඒවා කපලා මේ අයට දෙන්න. මට නම් කේක් කපන්න බෑ. සිංදු කියන්න ලෑස්තිවෙන්නත් එපා. අපි ඔක්කොම මේ රටේ දුප්පත් ජනතාව මතක තබාගෙන අද දවසත් ගෙවමු” යැයි සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මා තවමත් සිටින්නේ සජිත් ප්‍රේමදාස චරිතය අධ්‍යයනය කරමිනි. ඔහු ගැන බොහෝ දේ කියන්නට තවමත් මට සුදුසුකම් නැත. එහෙත් පාර්ලිමේන්තුව තුල දැනට සිටිනා නායකයන් අතර මා ඔහුට සහාය දෙන්නට සිතන්නේ ඇයිදැයි කල්පනා කරනා ඔබේත් දැන ගැනීම පිණිස මේ අත්දැකීම ගැන සටහනක් තබමි.