රට බංකොලොත් බවට ප්‍රකාශයක් සිදු නොකළ බවත්, සිදු කළේ තෝරාගත් ණය ගෙවීම් කළ නොහැකි බවට ප්‍රකාශයක් සිදු කළ එක පමණක් බවත් මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා කීය.
ADVERTISEMENT
එමෙන්ම උද්ධමනය වැඩි වන බවට සහ විදේශ සංචිත අඩු වන බවට 2022 දී මුදල් අමාත්‍යවරයාට මහබැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් රහස් වාර්තාවක් ලබා දී තිබූ බවද ඒ මහතා හෙළි කර සිටියේය.
ඒ, සාගර කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් රට බංකොලොත් බවට පත් කළ හේතු සොයන කමිටුවෙ ඉදිරියේ ප්‍රකාශයක් ලබා දෙමිනි.
Sri Lanka Latest News