මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩබලන පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන “යුක්තිය මෙහෙයුම” ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයා වෙත උපදේශන මාලාවක් නිකුත් කර ඇත.Sri Lanka Latest News
මෙම මෙහෙයුම සිදු කරන ආකාරය සම්බන්ධයෙන් , මාධ්‍යවල, සමාජ මාධ්‍ය ජාලාවල, හා ජාතික පොලිස් කොමිෂන් සභාවට ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව අධීක්ෂණයක් සිදුකර මෙම උපදේශන මාලාව නිකුත් කළ බව ජාතික පොලිස් කොමිසම් සභාව පවසයි.
මෙම මෙහෙයුම රටේ පවතින නීති රාමුව තුළ සහ නීතියෙන් නියම කරන ලද ආකාරයට කටයුතු කළ යුතු බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ආරක්ෂාවන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය නොවන ආකාරයෙන් කටයුතු කරන ලෙසට සියලු නිලධාරින් වග බලාගත් වගබලා ගත යුතු බවත්, ජාතික පොලිස් කොමිෂන් සභාව දැනුම් දැනුම් දුන් බව එම කොමිසම් ආරංචි මාර්ග පවසයි.
එසේ නොමැතිව නීතියට පටහැනිව මෙම මෙහෙයුම් කටයුතු කරන ලද බවට සනාථවන අවස්ථාවන් වලදි එම නිලධාරීන්ට එරෙහිව දැඩි වීනය පියවර ගන්නා බවටද ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයා වෙත යොමු කළ දේශන මාලාවේ සඳහන් වේ.
ඒ සම්බන්ධයෙන් සියලුම පොලිස් නිලධාරීන් දැනුවත් කළ යුතු බවත්, මේ සම්බන්ධයෙන් ගත් පියවර සම්බන්ධයෙන්ද ජාතික පොලිස් කොමිෂන් සභාව දැනුවත් කළ යුතු බවටද කොමිසම පොලිස්පතිවරයා වෙත වැඩිදුරටත් දැනුම් දී ඇත.












