• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හරිනිද? හැරුණිද? Sri Lanka Latest News

January 17, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
හරිනිට දැන් වැඩ වැඩියිලු! වෘත්තීය සමිති එක්ක කතාකරන්නවත් වෙලාවක් නැතිලු! අඟහරුවාදා ලොකු දෙයක් වෙන්න යනවලු! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් අතිවිශිෂ්ටම තීරණ ගතහැකි පිරිස තමයි මෙවර ආණ්ඩු කරන්නේ. අපි දන්නවා හොඳාකාරවම එතෙක් මෙතෙක් හිටපු බොහෝ දෙනකුට වඩා අධ්‍යාපන ක්ෂේත්‍රයේ වඩා ඉදිරියට ගිය දක්ෂයෝ මේ ආණ්ඩුවේ ඉන්නවා. උගත්තු ඉන්නවා. බුද්ධිමත්තු ඉන්නවා. හොර බොරු වංචාවලට අහු නොවුණු පුද්ගලයෝ විශාල ප්‍රමාණයක් මේ ආණ්ඩුවේ ඉන්නවා.

එතකොට මේ ආණ්ඩුව නරකයි කියලා අපිට කිසිසේත්ම චෝදනා කරන්න ඉක්මන් වෙන්න බැහැ. ඒකට හේතුව මේ ආණ්ඩුවේ හොඳ හුඟක් තියෙන නිසා. හැබැයි අපි දන්නවා කිරි කළයකට මහා විනාශයක් කරන්න ගොම බින්දුවකට පුළුවන්. ඒ නිසා මේ ආණ්ඩුව මේ වෙලාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ගන්න තීන්දුව තීරණ ගැන අපි ඉන්නේ හරිම පුදුම වෙලා.

සමහර වෙලාවට සාමාන්‍ය මනුස්සයෙක් ගෙදර දොරේ කටයුතුවලට තීන්දුවක් ගන්න තරම්වත් මේගොල්ලෝ සාකච්ඡා කරලා නැද්ද කියලා අපිට හිතෙනවා. එකක් දෙකක් තුනක් නෙමෙයි දිගින් දිගටම මේ ආසන්න කාලය මාස දෙකක විතර කාලය ඇතුළත ඉතාම විකෘති තීරණ අරගෙන ඒවා ඉතා ඉක්මනින් වෙනස් කරලා, වෙනස් කළ යුතු වෙලාවේ වෙනස් නොකර පරක්කු වෙලා වෙනස් කරලා සියල්ලම අපහසුවට පත්වුණු අවස්ථා ඕනෙ තරම් තිබ්බා.

අපි දැක්කා මහා වැහි වැටෙන අවස්ථාවේදී මේ මහා වැස්ස සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් තර්ක කරද්දී ප්‍රශ්න කරද්දී ඒලෙවල් විභාගය කල් නොදා පවත්වනවාම කියන තැන මේ ආණ්ඩුව හිටියා. අන්තිමට ආණ්ඩුව විභාගය කල් දාන්නේ විපතට පත්වුණු දවසේ උදේ හතට. අටයි තිහට තියෙන විභාගය අද නැහැ කියලා තීරණය කරන්නේ උදේ හතට. එතකොට ළමයි පාරටත් ඇවිල්ලා. මෙවැනි තීන්දු ගන්නේ කවුද කියලා අපිට හිතාගන්නවත් බැහැ.

27 – 28 දවස් දෙක විභාගය කල් තිබ්බා. සියල්ලෝම තර්ක කළා එහෙනම් 29 වැනිදා එතකොට විභාගය තියන්න පුළුවන්ද කියලා. මේගොල්ලෝ කිව්වා ඔව් 29 වැනිදා විභාගය තියෙනවා කියලා. අන්තිමට සියල්ලම සිද්ධ වෙලා අවසාන මොහොතේ ඔන්න 29 වැනිදාත් විභාගය කල්දාන්න තීරණය කළා. ඔය අවස්ථා දෙකක්. විභාගය සමස්තව කල් දාන්නේ නැහැ කියලා දැඩිව කියමින් හිටියා. නමුත් අවසානයේදී විභාගය සමස්තව කල්දාන්න සිද්ධ වුණා. හැබැයි ඒක කලින් කිව්වේ නැහැ. අවසාන මොහොතේ තමයි මේගොල්ලෝ මේ කාරණාව කිව්වේ.

ඇත්තටම දෙයක් කරනකොට මීට වඩා සැලසුම් කළ යුතුයි කියලා අපි තර්ක කරන්නේ මේ දෙකම නිසා නෙමෙයි. මේ දෙක වෙනම සිදුවීම් දෙකක්. මේ වෙලාවේ ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න තීරණය කළා. අපි දන්නවා මොඩියුල සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්න නිරාකරණය කරන්න පුළුවන් ක්‍රමත් තියෙනවා. මොඩියුල සම්බන්ධයෙන් තර්කයක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒවා වෙනස් කරලා ඒවා සම්බන්ධයෙන් නිවැරදි තීන්දු අරගෙන මොඩියුල වෙනස් කරනවා මිසක ඒවට මේ හදිසියේම මෝඩ තීරණ විදියට ඒවා සලකළා ඒවා ඉවත් කරලා ඒක ක්‍රියාත්මක නොකර ඉන්න තීන්දුව කරන එක රටකට ආණ්ඩුවකට ගැළපෙනවද?
අපි දැක්කා මේගොල්ලෝ තීන්දු කරලා තිබුණා 2.30 වෙනකම් ඉස්කෝලෙ තියෙනවා කියලා. 2.30 වෙනකම් ඉස්කෝලෙ තියෙනවට සමහරු එකඟ වුණේ නැහැ. සමහරු එකඟ වුණා. ඔය විදිහේ විවිධ සාකච්ඡා තිබුණා. අන්තිමට ඒ අය ඒ තීන්දුව හරවගත්තා. ඊට කලින් නිවාඩු සහ පාසල් පැවැත්වෙන දින ලකුණු කරද්දී 29, 30, 31 දවස් තුන දෙසැම්බර් මාසේ පාසල් පවතින දින බවට මේ අය තීරණය කළා. හැබැයි පස්සේ ඒ තීන්දුව හරවගත්තා. 29, 30, 31 පාසල් නොපවත්වන දවස් බවට තීන්දු කළා. පාසල්වල 31 වැනිදාට උත්සව තියන්න තියාගත්තා. 29, 30, 31 විභාග තියන්න තීන්දු කළා. විවිධ වැඩසටහන් දියත් කරන්න සූදානම් වෙලා හිටියේ. ඒ සියල්ල උඩුයටිකුරු කරමින් හදිසියේම තීරණයක් ගත්තා.

මේවා තීරණය කළ යුතුව තිබුණේ මේ අවසාන මොහොතේ නෙමෙයි. පවත්වන්න තීන්දුව ගන්න මොහොතේම සාකච්ඡා කරලා සියලු දෙනාම එකඟතාවලට ඇවිල්ලා ගුණ බණ බලලා තීරණ ගන්නවා මිසක මේ විදිහට උදේ පාන්දර ඉස්කෝල තියෙන්නේ නැහැ කියලා තීන්දු කරලා 8.30ට තියෙන විභාගයත් නැති බව 7ට තීන්දු කරලා රටවල් කරන්න පුළුවන්ද කියලා අපිට පුදුම ප්‍රශ්නයක් දැනෙන්නේ.

දැන් 2.30ට ඉස්කෝලෙ අරිනවා, කවුරු කොහොම කිව්වත් ඒක කරනවා කියපු කට්ටිය ඔන්න ඒ තීන්දුව හරවගෙන දැන් ආයෙත් 1.30ට ඉස්කෝලෙ අරිනවා. ඒ අස්සේ දිනකට තියෙන කාලච්ඡේද ප්‍රමාණය දැන් හතයි. අටක් නැහැ. හතක් පවත්වන්න ගියාට පස්සේ කොහොමද මේ විෂය නිර්දේශවල තියෙන කාලච්ඡේද ප්‍රමාණය බෙදලා හදලා ගන්නේ? සාමාන්‍යයෙන් අපි දන්නවා උසස් පෙළ පන්තිවල නම් විෂයන් හතර පැය දෙක ගානේ කාලච්ඡේද දෙක ගානේ දවසකට උගන්වන්න තමයි සැලසුම තිබුණේ. ඒත් දැන් එහෙම බැහැ. දැන් ඔක්කොම වෙනස් කරන්න වෙලා.

මේ ඔක්කොම ටික මොන එකකට ගත්ත තීන්දුද තීරණද කියලා අපි තවම හිතනවා. මේවා ගැන අහන්න බලන්න කියන්න කෙනෙක් නැහැ. මේ තත්ත්වය ඉතාම නරකයි සහ ඉතාම භයානකයි. මේක රටක්. හැබැයි මේ ලියන්නේ අවසාන වශයෙන් එකම එක කාරණයක් සම්බන්ධයෙන්. ඒ තමයි මොඩියුල ක්‍රියාත්මක නොකිරීම. මොඩියුල ක්‍රියාත්මක කරන එක කවුරු කිව්වත් කරනවා කියලා ජනාධිපතිතුමා වේදිකාවල කිව්ව බව සමහර අය කියනවා. ඔවුන් එළිපිටම කියලා. ආණ්ඩුව පැත්තෙන් ප්‍රබලව කියලා දවස් දෙකකින් මොඩියුල ක්‍රියාත්මක කරන එක රිවස් කරගන්නවා.

මෙහෙම හරවන්න නම් තීන්දු ගන්න එපා කියලයි අපිට ආණ්ඩුවට කියන්න තියෙන්නේ. තමන් ගත්ත තීන්දුව නිවැරදියි කියලා හිතෙනවා නම් ඒ තීන්දුව හරි නම් ඒ තීන්දුවට ඔවුන් වගකිව යුතුයි. එහෙම ඒ තීන්දුවට එකඟ වෙලා තීන්දුව පවත්වාගෙන යන්න වගකීම භාර අරගෙන කවුරු එපා කිව්වත් කවුරු ඒකට විරුද්ධ වුණත් තමන් ගත්ත තීන්දුව වෙනුවෙන් පෙනී සිටින්න ආණ්ඩුවකට පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැතුව ආණ්ඩුවක් විවිධ තීන්දු විවිධ විවිධ අවස්ථාවලදී විවිධ මට්ටමින් හරවමින් වෙනස් කරමින් ගන්නවා නම් කොහොමද මේ රටක් කරන්නේ?

ඇත්තටම මොඩියුල කියලා කියන්නේ ළමයින්ගේ අනාගතය. මොඩියුල් උගන්නන්න පටන් අරගන්න බවට ගුරුවරුන්ට සාකච්ඡා විශාල ප්‍රමාණයක් තිබ්බා. ගුරු පුහුණු තිබ්බා. ඒවාට වියදම් කරපු සල්ලි? කවුද ඒවට වග කියන්නේ? ගුරුවරු පුහුණු වුණා පසුගිය නිවාඩු කාලේ. එතකොට මොඩියුල් හැදුවා. මොඩියුල් මුද්‍රණය කළා. ඒවායේ අඩුපාඩු තියෙන බව ඇත්ත. අඩුපාඩු තිබුණට ඒවා මුද්‍රණය කළා. ඒවට මුද්‍රණ වියදම ගියා. එතකොට මේවා රට ඇතුළේ ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය වටපිටාව නිර්මාණය නොවෙන්නේ ඇයි කියන එක ගැන අපි ඔබෙන් දිගින් දිගටම ප්‍රශ්න කරනවා.

රටක් කියන්නේ සෙල්ලම් කරන්න පුළුවන් තැනක් නෙමෙයි. ළමයින්ගේ අනාගතය කියන්නේ සෙල්ලම් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ළමයා පොත් බෑග් එකේ ඉඳලම තීරණය කරලා තිබුණේ මේ වෙලාවේ තමන්ට උගන්නන්නේ මොඩියුල්වලින් කියලා. ළමයා තීරණය කරලා තිබුණා තමන්ට උගන්වන ක්‍රමවේදය මෙන්න මේකයි කියලා. ගුරුවරු දරුවන්ට උගන්වන එක සම්බන්ධව සැලසුම් හදලා තිබුණා. ගුරුවරුන්ට කාලසටහන් නිර්මාණය කරලා තියෙනවා. දැන් කාලසටහන් ප්‍රශ්නය තවත් තැන්වල තියෙනවා. මොකද මේ පන්තියේ කාලසටහන අටකට උගන්නන්න හිටපු විෂය නිර්දේශය දැන් හතකින් උගන්නන්න ඕනේ. දවසේ ගුරුවරුන්ගේ කාලය, ගුරුවරුන්ට සතියේ අදාළ විෂය උගන්නන්න ලැබෙන කාලය මේ සියල්ලම දැන් අවුල් ජාලාවක් බවට පත්වෙලා.

ඒ නිසා අනේ හරිනි අගමැතිතුමියනි, අපිට මේක දිහා බලන් ඉද්දි පේන්නේ හරිනි නෙමෙයි හැරුණි කියලා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අනුර අනුර වනචාරියා දුටුවේද? Sri Lanka Latest News

Next Post

ගේනවාම කියපු එක අකුලගත්තා! කරන්න ඕනෙ දේ මෙන්න! හෝදන්න නම් 2027දීත් ගේන්න එපා! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.