• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර අනුර වනචාරියා දුටුවේද? Sri Lanka Latest News

January 17, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
අනුර අනුර වනචාරියා දුටුවේද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කවුදෝ කෙනෙක් හාමුදුරුවන්ට කැත කතාවක් කියලා. මේ කැත කතාව කිව්වේ හාමුදුරුවන්ට නෙවෙයි කියලා දැන් සමහරු කියනවා. සමහරු කියනවා නෑ ඒ කිව්වේ හාමුදුරුවන්ටම තමයි කියලා. හාමුදුරුවරු දැන් මේ කැත කතාව සම්බන්ධයෙන් කලබල වෙලා.Sri Lanka Latest News

මේ කැත කතාව කියලා තියෙන්නේ ලාල්කාන්ත සහෝදරයා. ලාල්කාන්ත කියලා කියන්නේ ආණ්ඩුවේ ඉන්න ප්‍රබල ඇමැතිවරයෙක්. අපි දන්නා තරමට එතුමා බොන කන චරිතයක්. පොඩි පොඩි ප්‍රශ්න තිබුණට ලාල්කාන්ත හොඳ දේශපාලකයෙක්. ලාල්කාන්තගේ දේශපාලනික තීන්දුව ඒ තරම් නරක නැහැ. ලාල්කාන්තව දිස්ත්‍රික්කයේ පළවෙනියා කරන්න මිනිස්සු ගත්ත තීන්දුව සම්බන්ධයෙන් අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද ලාල්කාන්ත කියන්නේ ජේ.වී.පී. එකට පැරෂුට් එකකින් පාත්වෙච්ච දේශපාලකයෙක් නෙමෙයි. ඡන්දෙ දිනලා තමන්ගේ පම්පෝරිය දොඩවන සමහර දේශපාලකයන්ට වඩා ලාල්කාන්ත ජෙනුයින්.

ලාල්කාන්ත අධ්‍යාපනය සම්බන්ධයෙන් බොරු සහතික පත්‍ර ඉදිරිපත් කර කර නිකන් ෂෝ දාන මිනිහෙකුත් නෙමෙයි. හැබැයි අධ්‍යාපනය මොකක් වුණත් ලාල්කාන්ත ජීවිතය ගැන විශ්වවිද්‍යාලයෙන් හුඟක් දේවල් ඉගෙනගෙන තියෙනවා කියලයි අපි හිතුවේ. හැබැයි දැන් අපිට තේරෙනවා ලාල්කාන්තගේ මේ සෙල්ලම නම් මේ රටත් එක්ක කරන්න පුළුවන් එකක් නෙමෙයි කියලා.

රටේ භික්ෂුන් වහන්සේලා සම්බන්ධව ඔබට මතයක් තියෙන්න පුළුවන්. අපි දන්නවා භික්ෂුන් වහන්සේලා අතළොස්සක් හැර අනිත් හැම දෙනාගෙම යම් යම් ගැටලු තියෙනවා. වැරදි තියෙන භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් බොහෝ සාකච්ඡා වේදිකාවල සිද්ධ වුණා. හැබැයි හාමුදුරුවරු කියලා කියන්නේ මේ රටේ තියෙන එක්තරා තීරණාත්මක සාධකයක්. සංස්කෘතිමය සාධකයක්. භික්ෂුන් වහන්සේලාගෙන් තොරව මේ රට පවත්වාගෙන යන්න බැහැ. භික්ෂුන් වහන්සේලා මේ රටට අත්‍යාවශ්‍ය පුරවැසියන් පිරිසක් බවත්, පන්සල කියලා කියන්නේ මේ රටේ, මේ ගමේ තියෙන මුදුන් මල්කඩ බවත් අපි පිළිගන්නවා. ඔබ කොච්චර රැඩිකල් වුණත් ගමක් ගොඩනැගෙන්නේ පන්සල වටේ කියන එක ගැන විශ්වාසය තියන්න ඕනේ.

පන්සල, පල්ලිය, කෝවිල කඩලා බිඳලා දාලා නිරාගමික සංස්කෘතියක් ඇතුළේ හැඩිදැඩි වෙන්න ඔබට ආශාවක් තියෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒක ක්‍රියාත්මක කරන්න හරි අමාරුයි. භික්ෂුන් වහන්සේලා කියලා කියන්නේ මේ රටේ තීරණාත්මක අවස්ථාවලදී සිවුර ගැන හිතන්නේ නැතුව, තමන් ගැන හිතන්නේ නැතුව, දානේ වේල ගැන හිතන්නේ නැතුව ඉදිරියට ආපු පිරිසක්. ඒ නිසා අපිට මේ භික්ෂුන් වහන්සේලාට කොයිවෙලේත් ඇඟිල්ල දික්කර කර ඒගොල්ලෝ වැරදියි, ඒගොල්ලන්ව පන්නන්න ඕනේ කිය කියා නන් දොඩවන්න බැහැ. අපි දකිනවා මේ ආණ්ඩුවේ බොහෝ දෙනෙක්ගේ තියෙන මතයක් තමයි මේ හාමුදුරුවරු කියන්නේ ඔක්කොම හොරු, හාමුදුරුවෝ ඕනේ නැහැ, හාමුදුරුවෝ පන්නලා දාන්න ඕනේ, හාමුදුරුවෝ නෙමෙයි මේගොල්ලෝ සිවුරු රඳවන වගේ වචන පාවිච්චි කරන එක.

ඇත්තටම ඒ කතාව කිව්වේ මිහින්තලේ හාමුදුරුවන්ට නම්, ඒකේ වගකීම භාර අරගෙන ඔව් කිව්වා තමයි, මෙන්න එයාගේ වැරදි, ඒ වැරදිවලින් මෙන්න මේ මිනිස්සු පීඩාවට පත්වෙලා තියෙනවා, ඒ නිසා ආයේ ඒවා වෙන්න බැහැ වගේ ස්ථිර කතාවක් කියලා මේ ප්‍රශ්නේ ඉවර කරන්න ඕනේ.

ඊට පස්සේ වෙන්නේ මේ කැබිනට් තීරණ දැනුම්දීමේ රැස්වීමේදී මේක හෝදනවා. හෝදලා හෝදලා හෝදලා හෝදලා උත්සාහ කරනවා පිරිසිදු කරගන්න. ‘අනේ නෑ, එයාට නෙමෙයි කිව්වේ, මේ ඡන්දදායකයෙක්ට කියලා තියෙන්නේ. ඒ ඡන්දදායකයෝ අතරින් එකෙකුට දේශපාලනය ඇතුළේ එකෙක්ව ආමන්ත්‍රණය කරගෙන උගේ වැරදි නිවැරදි කරන්න හදන සමාජයක් අපේ රටේ දකින්න ලැබෙන්නේ නැහැ. අපි දන්නෙත් නැහැ එහෙම එකක් තියෙනවා කියලා. කොහොම වුණත් මිනිස්සුන්ට හාමුදුරුවෝ වැරදි බවයි, හාමුදුරුවන් නරකයි කියලා පන්සලෙන් මිනිස්සු ඈත් කරලා, පන්සල හුදෙකලා කරලා, ගම තවත් වෙනස් ආයතනයක් විදිහට පවත්වාගෙන යාම මාක්ස්වාදයේ යම් යම් ලක්ෂණවලට සමාන වෙන්නත් පුළුවන්.

හැබැයි ඉතින් එහෙමයි කියලා මේ රට ඇතුළේ මෙහෙම හිතෙන හිතෙන දේ කියන්න ගත්තොත් නම් රටක ආණ්ඩුව කරන්න හරි අමාරු වෙයි. මොකද රටක ආණ්ඩුව කරන්න අමාරුද නැද්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. මේ රට ඉදිරියට යන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේක තනිකරම ව්‍යාපාරික වුවමනාවලට බදු දුන්නු රටක් බවට පත්කරන්නේ නැතුව, වෙහෙර විහාරස්ථාන හෝටල් ගානට වැටෙන්නේ නැතුව, වෙහෙර විහාරස්ථාන වෙනුවට මාකට් කරන්න පුළුවන් හෝටල් වගේ පන්සල් හදලා, කඳු මුදුන්වල ආලෝක ධාරා දාලා සුද්දෝ ගෙන්න ගන්න උපක්‍රමවලින් පරිබාහිරව මේ රට ආරක්ෂා කිරීම සඳහා වැඩ කරපු භික්ෂුන් වහන්සේලා ඉන්නවා.

ඒක අපිට කිසිසේත්ම නැහැ කියන්න බැහැ. ඔබ කියන නම ඊට අදාළද නැද්ද, උන්වහන්සේ හරිද වැරදිද කියන එක ඒක වෙනම කතාකරන්න ඕනේ මාතෘකාවක්. යම්කිසි පුද්ගලයෙක්, භික්ෂුවක් හෝ පූජකයෙක් හෝ දේවගැතිවරයෙක් හෝ මේ රටේ සිවිල් නීතියට හරි රටේ අපරාධ නීතියට හරි නොගැලපෙන ආකාරයේ වැරද්දක් කරලා තියෙනවා නම් ඔහු හෝ ඇයව අත්අඩංගුවට අරගෙන ඊට අදාළ දඬුවම් ලබාදෙන්න ඕනේ. එහෙම අත්අඩංගුවට ගන්න පැමිණිල්ලක් නැත්නම් ඔය ලාල්කාන්ත ඇමැතිතුමා වගේ අයට පුළුවන් ගිහිල්ලා පැමිණිල්ලක් දාලා මේගොල්ලන්ව අත්අඩංගුවට ගන්න කියලා බල කරන්න. ඒක එක.

දෙවැනි එක තමයි භික්ෂු විනය සම්බන්ධයෙන් නැත්නම් පූජක විනය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඔවුන්ට තියෙනවා නම් ඊට අදාළ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා, කාදිනල්වරු, ආගමික ප්‍රධානීන් හම්බවෙලා ඒගොල්ලන්ට දැනුම් දෙන්න සහ බලකරන්න ඕනේ මෙන්න මේ පුද්ගලයා මෙන්න මේ වැරැද්ද දිගින් දිගටම කරනවා, ඔබවහන්සේ සුදුසු දෙයක් ඉක්මනට කරන්න කියලා. ඔහු මේක ඇතුළේ හිටියොත් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් වගේ කාරණාවක් පැහැදිලි කරලා කියන්න පුළුවන් වෙන්න එපැයි. එහෙම නැතුව මේ තැන් තැන්වල නිකන් වහෙන් ඔරෝ කතා කියලා නිකන් අඹ ගහට පොලු ගහනවා වගේ තර්කානුකූල නැති දේවල් නිකන් හිතුණු හින්දා කියලා එහෙම කරන්න ගියොත් නම් මේ රටේ විශාල කැලඹීමක් සිද්ධ වෙන්න පුළුවන්.

ඔහු දිගින් දිගටම භික්ෂුන් වහන්සේලාට මේ කාරණාව කියනවා ‘තවත් වනචාරීන් දුටුවෙමි…’ ඔව් ඇත්ත. අපි වනචාරීන් තමයි. වනයේ චරණය කරන අය වනචාරීන්. වනයේ සැරිසැරූ බොහෝ දෙනෙක් ගැන අපි දන්නවා. ඒකට කවුද අයිති වෙන්නේ කියන එක අපි දන්නේ නැහැ.

කොහොම වුණත් මතක තියාගන්න මේ රටේ මහජනතාව සහ විහාරස්ථානය අතර තියෙන සම්බන්ධතාවය බිඳලා විශාල පරතරයක් හදලා මේක මහා සමාජය ඇතුළේ සාකච්ඡා කරන මාතෘකාවක් බවට පත්කරලා දේශපාලනික වශයෙන් මේ සම්බන්ධව තර්ක නිර්මාණය කරගෙන මේ තත්ත්වයට පත්වෙනවා නම් රටක්, ඒක ඉතාම භයානක තත්ත්වයක්. මොකද ඒකට හේතුව මේ වෙලාවේ භික්ෂුන් වහන්සේලාට විරුද්ධව ලංකාවේ එක්තරා පිරිසක් විශාල ව්‍යාපාරයක් යනවා, සමාජ මාධ්‍යවල පළකරනවා, අදහස් දානවා. ඉතින් මේක දැන් නවත්වන්න බැහැ. ලාල්කාන්ත කළේ දෙබරෙකට ගලක් ගහපු එක. ඔහු දැන් පැත්තකට වෙලා ඉන්නවා. සමහරු දැන් කියනවා ‘නෑ අපි එයාට නෙමෙයි කිව්වේ’ කියලා. හැබැයි දැන් මිනිස්සු කියන්නේ නෑ ‘නෑ අපි එයාට නෙමෙයි කිව්වේ’ කියලා.

අවසාන වශයෙන් ඔබෙන් ඉල්ලනවා පුළුවන් නම් සිවුරක් දාගෙන අවුරුද්දක් ඉඳලා පෙන්නන්න. හාමුදුරුවන්ගේ වැරදි කියන්න කලින්, හාමුදුරුවන්ගේ අඩුපාඩු කියන්න කලින්, ඔබට පුළුවන්ද සිවුරක් ඇඳගෙන ඉන්න? ඔබට පුළුවන්ද මේ සිවුර ඇඳගත්ත හාමුදුරුවෝ ගමේ රටේ කරන ක්‍රියාකාරකම් ටික කරන්න? මං හිතන්නේ නෑ කවදාවත් පුළුවන් කියලා. මං හිතන්නේ නෑ ඒක ලාල්කාන්ත සහෝදරයටත් පුළුවන් කියලා. අපි උපකල්පනය කරනවා ඔබතුමා මේක කිව්වා කියලා. නොකිව්වා නම් ප්‍රශ්නයක් නැහැ, නොකිව්වා නම් සමාවෙන්න. අපි හිතමු ඔබ කිව්වා කියලා. ඔබ කිව්වා නම් ඔබ එහෙම අදහස් කළා නම්, පුළුවන් නම් එක මාසයක් සිවුරක් පොරවාගෙන මිහින්තලේ වගේ විශාල පන්සලක නායකකම අරගෙන රෑ දවල් එන ප්‍රශ්නවලට මුහුණ දීලා පෙන්නන්න. ඒක තමයි අභියෝගය.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ෆුල් සූට් JVP! Sri Lanka Latest News

Next Post

හරිනිද? හැරුණිද? Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.