ජාත්‍යන්තර කම්කරු දින සැමරුම නිමිත්තෙන් මුළු රටම ආවරණය වන පරිදි ‘ජන රජයට ජන බලයක්’ යන තේමාව යටතේ ජාතික ජන බලවේගය මැයි රැලි 21ක් දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.Sri Lanka Latest News
කෙසේ වෙතත් ජාතික ජන බලවේගය මුලින් මුලින් සැලසුම් කොට තිබුණේ උතුරේ, කඳුකරයේ සහ කොළඹදී මැයි රැලි 03ක් සංවිධාන කිරීමටය. නමුත් පසුගිය සති දෙක තුන තුළ ආණ්ඩුවට එල්ල වූ දේශපාලන තර්ජන මුල්කරගෙන මුළු රටම ආවරණය වන පරිදි මැයි රැලි පැවැත්වීමට මේ වනවිට එම පක්ෂය තීරණය කොට තිබේ.
ඒ අනුව, ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික් දෙක සම්බන්ධ කරගනිමින් පවත්වන කඳුකරයේ මැයි රැලියටත්, මහරගමදී පැවැත්වෙන මැයි දින සැමරුමටත් සහභාගි වීමට නියමිතය.
මේ අතර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂයේ මැයි රැලිය මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගනයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.
එම රැලියට සහභාගි වන ලෙසට එක්සත් ජාතික පක්ෂයට ඉදිරි දින කීපය ඇතුළත නිල ආරාධනාවක් කිරීමටද සජබය මේ වනවිට තීන්දු කොට තිබේ.












