අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට දැන් වැඩ පෙන්වන්න අවස්ථාව එළැඹ ඇති බවත් ඔහු ජනාධිපති අපේක්ෂකයා ලෙස කියපු දේවල් ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ආකාරය පරස්පර විරෝධී බවත් උගන්ඩාවේ තැන්පත් කළා කියන මුදල් නැවත අප රටට ගෙනවිත් මෙරට ජනතා ප්‍රශ්නවලට එම මුදල් උපයෝගී කර ගෙන විසදුම් ලබා දෙන තෙක් ජනතාව බලා ගෙන සිටින බවත් ඔහු ඒ කළ ප්‍රකාශ සුළුපටු නොවන නිසා ඒවා කළ යුතු බවත් ඔහු කියපු විදිහට උගන්ඩාවේ ඇති මුදල් රටේ ණය ගෙවන්න ප්‍රමාණවත් බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ප්‍රධානත්වයෙන් කඩුවෙල සමගි වනිතා බලවේගයේ හමුවක් අමතමිනි.
බඩු මිල අඩු කිරිම, අත්‍යාවශ්‍ය ආහාරවල මිල අඩු කරනවා කිව්වත් අද පොල් වෙනුවෙන් පෝලිම් නිර්මාණය වී ඇති බවත් විදුලිබිල අඩු කිරීම, බදු අඩු කිරීම, තෙල් මිල අඩු කිරීම වැනි දේවල් කිව්වත් තවමත් ඒ දේවල් සිදු කර නොමැති බවත් මේවා කරන්න පාර්ලිමේන්තුවේ බහුතරය අවශ්‍ය නොවන බවත් විධායක ජනාධිපතිවරයාට ඒවා කරන්න පුළුවන් බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
තෙල් මිල සූත්‍රය පිළිපදින්නේ නෑ කියූ ඔහු මේ වන විට තෙල් මිල සූත්‍රයේ වහලකු වී ඇති බවත් ඔහු තෙල් අඩු කළේ සුපිරි වාහන පදින ධනපති පන්තියට සහනයක් ලෙස මිස සාමාන්‍ය ජනතාවට වාසියක් නොවන ආකාරයට බවත් මේ දෙබිඩි පිළිවෙත හෙළා දැකිය යුතු බවත් පාස්පෝට් පෝලිම නැති කරනවා යැයි පවසා බලය ලබා ගෙන මේ වන විට පාස්පෝට් පෝලිම තිබුණටත් වඩා වැඩි බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

























