2024 ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඊයේ (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.Sri Lanka Latest News
ඒ අනුව ඊයේ (18) මධ්‍යම රාත්‍රී 12.00 සිට මැතිවරණය පැවැත්වෙන 21 වන සෙනසුරාදා දක්වා කාලය “නිහඬ කාලය” ලෙස ප්‍රකාශ කර තිබේ.
2024 ජනාධිපතිවරණයට තවත් ඉතිරිව ඇත්තේ දින දෙකක් පමණි.
21 වන සෙනසුරාදා දක්වා වන නිහඬ කාලය අතරතුර කිසිදු ආකාරයක ප්‍රචාරණ කටයුත්තක් තහනම් වන අතර මැතිවරණ නීති රීති උල්ලංඝනය කරන ඕනෑම පාර්ශවයකට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලීසියට බලය පවරා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
මේ අතර ජනාධිපතිවරණය පැවැත්වෙන එළඹෙන 21 මෙන්ම 22දාත් දිවයින පුරා සියලු මත්පැන්හල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුව මෙම පියවර ගන්නා බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජී. ගුණසිරි මහතා පැවසුවේය.
මේ අතර සැප්තැම්බර් 20 වනදා දිවයිනේ සියලු පාසල් වසා තැබෙන බවත් යළි සැප්තැම්බර් 23 වැනි සඳුදා සුපුරුදු පරිදි පාසල් ආරම්භ කෙරෙන බවත් අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙයි.
තවද ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා පාසල් සැප්තැම්බර් 19 වනදා, පාසල් වේලාවෙන් පසු අවශ්‍යතාව පරිදි අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාර දිය යුතු බවත් එම අමාත්‍යංශය දැනුම් දී තිබුණි.








