එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සහභාගී වී සිටින අතරවාරයේදී බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍ය මාර්සෙලෝ ක්වෙයිරෝගාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත.
බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍යවරයා ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමට පැය 19ක පමණ කාලයකට පෙර එරට ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ ද හමු වී ඇති බවද වාර්තා වේ.
කොවිඩ් ආසාදනයට ලක්වූ බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍ය මාර්සෙලෝ ක්වෙයිරෝගා මේ වන විට නිරෝධායනයට යොමුව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.










