සාමකාමී විරෝධතාකරුවන් වෙත කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමත් විරෝධතා සාමකාමීව පැවැත්වෙන අවස්ථාවක හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමත් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බව ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිනි ට්‍රීනා යුරන්ලි එස්කෙඩල් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් ඉතා සමීපව නිරීක්ෂණය කරන බව ද සඳහන් කරන ඇය සංයමයෙන් කටයුතු කරන්නැයි සියලු පාර්ශවවලින් ඉල්ලා ඇත.
We are closely following the situation in #SriLanka. Using teargas on peaceful protesters and declaring a state of emergency when the protests have been peaceful and while the parliament is adjourned is concerning. We urge all sides to act with restraint.
— Trine Jøranli Eskedal (@NorwayAmbLK) May 7, 2022










